ඡන්ද පත්‍රිකා

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ඡන්ද පත්‍රිකා රැසක නම් හා
    හැඳුනුම්පත් අංක වැරැදියි

    නිරීක්‍ෂක සංවිධාන කියයි

    රනිල් ධර්මසේන

    ඡන්ද දායකයන් වෙත බෙදා හැර ඇති ඡන්ද දැන්වීම් පත්‍රිකා රැසක හැඳුනුම්පත් අංක හා ඡන්ද දායක නම් වැරැදි ලෙස සටහන්ව ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ නිරීක්‍ෂක සංවිධාන පවසති.

    ඡන්ද දායකයන්ගේ හැඳුනුම්පත් අංක හා නම් ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සටහන් තොරතුරුවලට වඩා වෙනස්‌ව ඇතැයිද සමහර පත්‍රිකාවල හැඳුනුම්පත් අංක අඩුවෙන් සටහන් වී ඇතැයි පැමිණිලි ලැබී ඇතැයිද පවසති.

    පසුගිය පළාත් සභා මැතිවරණවලදී මෙලෙස වැරැදි ලෙස සටහන්ව තිබූ ඡන්ද පත්‍රිකා තිබූ සමහර ඡන්ද දායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්‌ථාව අහිමි වී ඇත. සමහර ඡන්ද මධ්‍යස්‌ථානවල ඡන්ද පොළ නියෝජිතයන් මෙම ඡන්ද දායකයන් හඳුනා ගැනීම නිසා ඡන්ද ප්‍රකාශ කිරීමට අවසර ලැබී තිබේ.

    මෙලෙස තොරතුරු වැරැදි ලෙස සටහන් වූ ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් කඩිනමින් පියවරක්‌ ගන්නා ලෙස එම සංවිධාන කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා සිටී.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හොර ගේමක් දෙන්නද දන්නේ නෑ මහින්ද මාමිගේ අදහස...........:oo::oo: මොකද දැන් ඉතින් කොහොමත් එයා පැරදෙන්න ඉන්න එකනේ.........!! :yes: :P


    xbk8lv.jpg