ඡන්ද පෙත්සම් නාඩගම ගැන අපූරු කතා
ඡන්ද පෙත්සම් නාඩගම ගැන අපූරු කතා
එජාපය හා ජවිපෙ විසින් දින ගණනාවක් තිස්සේ කරුණු ගොනු කරමින් සක්ස් කරන ලද පිටු 43 කින් යුතු අපූරු ඡන්ද පෙත්සමක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපා හැර සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති තනතුර ලබා දෙන ලෙස ඉල්ලා සිටින මෙම පෙත්සම ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ ද පුදුම සහගත කරුණු ප්රමාණයකි. ඡන්දදායකයන් බිය වැද්දීම (සිදුවීම් 102 ක්) අල්ලස් හා සංග්‍රහයන් ලබා දීම දුෂණ සිදු කිරීම අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම රාජ්‍ය දේපළ මැතිවරණයට යොදා ගැනීම හා ස්ථාන කිහිපයක ඡන්ද පොළ නියෝජිතයන් පළවා හැරීම හා අනුරාධපුර පොළොන්නරුව ගම්පහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නියෝජිතයන් පළවා හැරීම යන මූලික කාරණා හේතුවෙන් පෙත්සම්කරුට (ෆොන්සේකාට) ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වී ගිය බව මේ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙහිදී ඡන්ද ප්‍රතිඵල ගැන විපක්ෂයේ එස්.එම්.එස් හා කටකතා බලකාය හරහා රජයට එල්ල කළ බරපතලම චෝදනාව වන ‘කොම්පියුටර් ජිල්මාට්’ කතාව මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියට ගැනීම කොමසාරිස් කාර්යාලය වටලා රාජපක්ෂ කෙනෙකු ප්‍රතිඵල වෙනස් කිරීම මධ්‍යස්ථාන වලින් නිකුත් කරන ප්‍රතිඵල වෙනුවට විකෘති කළ ප්‍රතිඵලයක් මාධ්‍ය හරහා විකාශනය කිරීම යනාදී කාරණා ගැන මේ ඡන්ද පෙත්සමේ වචනයක්වත් සඳහන්ව නොතිබීම අති විශේෂ කරුණකි.
ඉහත කී කරුණු භාවිත කරමින් ඡන්ද ප්‍රතිඵල වෙනස් කළ ආකාරය ගැන පට්ටපල් බොරු සහිත ලිපි කීපයක්ම ඒ දිනවල ජවිපෙ ලංකා පුවත්පතේ පල කොට තිබුණ ද ඒවාට අවම හෝ තර්කානුකූල පදනමක් නොමැති වීම හේතුවෙන් ඡන්ද පෙත්සම සැකසූ පිරිස් බරපතල අසීරුතාවකට මුහුණ දුන් අතර ලංකා පුවත්පතේ එම ලිපි පළවීමෙන් දින කීපයකට පසු ටිල්වින් සිල්වා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ තමන්ට පවා සොයා ගැනීමට නොහැකි වූ සියුම් ක්‍රමයක් මගින් ආණ්ඩුව ප්‍රතිඵල විකෘති කර ඇති බවය. එහිදී ලංකා පුවත්පතේ පළ කර තිබූ ‘ගල් පැලෙන බොරු’ යළිත් නොකීමට ටිල්වින් සිල්වා වගබලාගෙන තිබුණ ද ඔහු මේ ප්රශ්නය මග හැර ගොස් තිබුණේ ඉහත කී කවුරුත් නොදන්නා සියුම් ක්‍රමයක් ගැන අපූරු කතාවක් කියමිනි. ඒ සියුම් ක්‍රමය කුමක් දැයි පෙත්සම ඉදිරිපත් කරන මොහොත දක්වාම සොයා ගැනීමට මේ විකටයන් අසමත් වී තිබූ අතර මැතිවරණ ප්‍රතිඵල විකෘති කිරීම ගැන ඒ දිනවල ඔවුන් පතුරුවා හරින ලද ආන්දෝලනාත්මක ප්‍රචාරයන් කිසිවක් ඡන්ද පෙත්සමේ ඇතුළත් නොවීමෙන් ම එම ප්රචාරයන්ගේ බොරුව දැන් මනාව තහවුරු වී තිබේ.
කෙසේ හෝ වේවා මේ නිමක් නැති වියවුල තුළ මෙම මැතිවරණ පෙත්සම සකස් කළ අය පවා බරපතල අර්බුදයකට මුහුණ දී සිටි අතර ඔවුන්ගේ අරමුණ වූයේ ඉදිරි මැතිවරණය දක්වා තම සාමාජිකයන් ‘ගොනාට අන්දවා ගැනීම’ සඳහා කෙසේ හෝ මේ මෙහෙයුම ඉදිරියට ගෙන යා යුතු බවය.