ඡන්ද_බෝම්බයක්_6_හෝ_7 .....
බෝම්බයක් පුපුරුවා ඡන්ද ලක්ෂ 3කින් ජය ගැනීමේ ජිල්මාට්ටුව අසාර්ථක බව දැනගත් රාජපක්ෂ පවුල රට හැර පලා යෑමට සැලසුම් කරලා: ශ්‍රී ලංකාව සතු රත්තරන් ටොන් 350 ක් දැනටමත් විකුණලා ඩොලර් මිලියන 13,300 ක් අරන්----
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.27, පෙ.ව.8.30) ජනවාරි 6 හෝ 7 වෙනිදා කොළඹ බෝම්බයක් පුපුරුවා එය එල්ටීටීඊය විසින් කරන ලද්දක් සේ අඟවා මහජන අනුකම්පාව ලබා ඡන්ද විකෘති කොට මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 3 කින් ජයගත් බව පෙන්වීමට නොහැකි වුවහොත් රටින් පළා යෑමට රාජපක්ෂ පවුල සැලසුම් කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සියළු පුවත් වාර්තා වී තිබේ.
ජනවාරි 6 හෝ 7 බෝම්බයක් පිපිරැවීම බාර ගෙන ඇත්තේ කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසිනි. රාජපක්ෂ රෙජීමය හැරුණු කළ අනුර සේනානායක සමග හිතවත්ව සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය පමණක් වන නිසා මේ සැලසුම දැනටමත් හෙළිදරව් වී තිබේ. අනුර සේනානායකගේ කුමන්ත්‍රණයට කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහාය නොලැබෙන අතර පොලිස්පතිවරයාගේද සහායක් ලැබෙනු නැත.
ඒ නිසාම ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමද මේ වන විට අසාර්ථක වී තිබේ. රාජපක්ෂ රෙජීමය සැලසුම් කර ඇති ඡන්ද ප්‍රථිපල සැකැසුම ලංකා ඊ නිව්ස් වෙත සම්පූර්ණයෙන්ම ලැබී තිබේ. සැකැස්ම පරිදි අවසාන ප්‍රතිඵලය වැඩි ඡන්ද 303,966 කින් මහින්ද ජය ගන්නා ආකාරයට සකසා ඇත. (දිස්ත්‍රික්ක මට්ටමින් සකසා ඇති ප්‍රතිපලය අප වෙත ඇති නමුත් එය මෙහි පළ කිරීමට දිගු වැඩිය.) මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මහින්දගේ ඡන්ද ජිල්මාට් එකට කිසිදු සහායක් ලැබී නැති අතර රාජපක්ෂලාගේ සැලැස්ම පවා ඔවුන් හෙලිදරව් කර ඇත.
කෙසේ වෙතත් එවැනි ඡන්ද ජිල්මාට්ටුවක් මෙවර සිදු කිරීමට නොහැකි වන ආකාරයට විපක්ෂය විසින් විකල්ප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යෑමට ද නියමිතය. මැතිවරණ දෙපාර්තමේන්තුව ඡන්ද ගණන් කිරීම සිදුකරනවාත් සමග ජාත්‍යන්තර දියුණු ක්‍රමවේද සහ තාක්ෂනය භාවිතා කරමින් ඊට සමගාමීව විකල්ප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් විපක්ෂය විසින්ද පවත්වාගෙන යනු ඇත.
මේ අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ සැලසුම් කර ඇති ඡන්ද ලක්ෂ තුනකින් ජය ගැනීමේ ජිල්මාට් ක්රමවේදයද පුස්සක් වී ඇති නිසා රටින් පලා යෑමේ සැලසුම දියත් කර තිබේ.
තානාපති ආරංචි මාර්ග පවසන්නේ රාජපක්ෂ රෙජීමයට රටින් පලා යෑමට ශ්‍රී ලංකාව සතු ගුවන් යානා කිසිවක් භාවිතා කිරීමට නොහැකි වුවහොත් ගුවන් යානා ගෙන්වා ගැනීමට ඉන්දීය ගුවන් යානා චාටර් සමාගම් දෙකකට මේ වන විටත් සම්පූර්ණ මුදල් ගෙවා ඇති බවයි. ඉන් එක් සමාගමක් වන්නේ එයාර් චාටර්ස් ඉන්ඩියා නම් සමාගමයි. අනෙක් සමාගම ගැන නිශ්චිත තොරතුරු නැත. මෙම මුදල් ගෙවීම සිදුකර ඇත්තේ සජින් වාස් ගුණවර්ධනගේ නමිනි. (සජින් වාස් ගුණවර්ධනද ඊයේ සිංගප්පූරුව බලා ගොස් තිබේ) එයාර් චාටර්ස් ඉන්ඩියා සමාගම පවසා ඇත්තේ කොළඹ කටුනායකට හෝ මත්තලට ගුවන් යානාවක් එවීමට තමන්ට අවම වශයෙන් පැය 12 කට පෙර දැනුම් දිය යුතු බවයි. චාටර් සමාගම් දෙකකට මුදල් ගෙවා ඇත්තේ හදිසියකදී එක් සමාගමකින් පළායාමට යානයක් ලබා ගත නොහැකි වුවහොත් අනෙක් සමාගම භාවිතාවට ගැනීමට ය.
රටින් පලා යෑම සැලසුම් කර ඇති රාජපක්ෂ පවුල මේ වන විටත් ලංකාවෙන් සොරා කෑ රත්තරන් ටොන් 350 ක් ජපාන කෝටිපති ගැනුම් කරුවෙකුට විකුණා ඇත. ඔහුගේ නම කෙයිජි මට්සුමුරා වේ. ජපුගා හෝල්ඩින්ග්ස් ප්‍රයිවේට් ලිමිටඩ් නම් ජපාන සමාගමක උපදේශකයෙක් ලෙස කෙයිජි මට්සුමුරා පෙනී සිටිමින් රාජපක්ෂලා සතු රත්තරන් ටොන් 350ක් ලබාගෙන තිබේ. මේ ගනුදෙනුව සඳහා බ්‍රෝකර් ලෙස ක්‍රියා කර ඇත්තේ රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නමැති දෙමළ ජාතිකයෙකි. ස්විට්සර්ලන්තයේ වෙසෙන ඔහුගේ අයියා විසින් තම මල්ලී වන කාර්තීපන්ව ඒ සඳහා පත් කර තිබේ. මෙම රත්තරන් නීති විරෝධීව කොළඹ වරායෙන් කන්ටේනර් 16 ක බහා පටවා යවා ඇත. ඒ සම්බන්ධ දේ කිසිදු ලේඛනයක සඳහන් නොවන ආකාරයට සිදුකර ඇත්තේ වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම විසිනි. මේ වෙනුවෙන් රාජපක්ෂ පවුල ලබා ගෙන ඇති මුදල කිලෝ ග්‍රෑමයක් සඳහා ඩොලර් 38,000 බැගිනි. ටොන් එකකට කිලෝ ග්‍රෑම් දහසකි. ඒ අනුව ටොන් 350 සඳහා ඩොලර් මිලියන 13300 ක් ලබාගෙන තිබේ. මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ HSBC බැංකුව දැනුවත්වය.
රටින් පලා යෑම සැලසුම් කර ඇති රාජපක්ෂ පසුගියදා නාම යෝජනා බාරදීමත් සමග තිරුපති දේවාලයට ගොස් ඇත්තේද මුදල් හෝ රත්තරන් රහසිගතව පිට කිරීමේ ක්‍රමවේදයකට මිස සෙත් ශාන්තියකට නොවන බවද වාර්තා වේ. තිරුපති දේවාලය යනු ලෝකයේ අති දැවැන්ත නිල නොවන මුදලක් සහ රත්රන් තොගයක් එකතු වන ස්ථානයකි. ඔවුන් ඉන්දියානු රජයට පවා ණයට මුදල් දෙති. එමෙන්ම මහා ධන කුවේරයන්ගේ මුදල් උණ්ඩියල් කිරීමද සිදුකරති. රාජපක්ෂ තිරුපති ගියේද එවැනි ජල්බරියකට මිස වන්දනාවේ නොවේ. ඔහු සමග තිරුපති ගිය තිස්ස අත්තනායක දේවාලය ඇතුලට නොගත් අතර ඇතුලට ගොස් තිරුපති බලධාරීන් හමුවූයේ මහින්ද සහ යෝෂිත පුතා පමණි.
මේ සම්බන්ධ තවත් තොරතුරු ලංකා ඊ නිව්ස් සතුවන අතර 8 වෙනිදායින් පසුව වැඩි විස්තර හෙළි කළ හැකි වනු ඇත.

Last edited: