ඡාන්‍යා :love2: වෙනස් වේගෙන එන්නේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    1,275
    873
    113

    Chanya Herath :love2:



    වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා ඔහු වෙනුවෙන් අකුරු දෙක තුනක් හරි ලියපු අයට තමයි ඔහු කොණක ඉඳන් නාගන්නකොටත් ඒ පිලිබඳව විවේචනය කරන්නත් වැඩිපුරම වගකීමක් තිබෙන්නෙ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන නිසාම මේ සටහන ලියන්න හිතුනා..
    😊

    වත්මන් ගෝඨාභය රාජපක්ශ රජය සම්බන්ධව ඉතාම දරුණු ලෙස කලකිරීමකට පත් අවස්ථා දෙකක් මට අනුව තිබුනා එකක් තමයි..
    " කැසට් වගෙ ගහපු ගැසට් මුවාවෙන් කරපු ඉතිහාසයේ විශාලතම වානිජ වංචාව හෙවත් සීනී සඳහා අයවිය යුතු බදු සම්බන්ධයෙන් දාපු ජිල්මාට් එක "
    මේ සීනී වංචාව සිදුකලේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද ඉහල පෙලේ ප්‍රමුඛතම සීනී ආනයනකරුවෙක්ට ස්තුතී පූර්වක වෙන්න කියන එක මං හිතන්නෙ නොරහසක්
    🤣
    🤣

    මහ බැංකු වංචාවෙන් රුපියල් බිලියන 10 ක මුදල් අපහරණයක් උනා.. නමුත් මෙකී සීනී වංචාවෙන් රටට හිමිවිය යුතු රුපියල් බිලියන 15.2 ක් මෙරටට අහිමිව ගියා.
    මේ වංචා දෙකේ විශේශත්වය සහ වෙනස තමයි පසුගිය රජයේ මහ බැංකු වංචාවට අදාල රුපියල් බිලියන 10 ට ආසන්න මුදල් අහිමීවිමක් සිදු උනේ නෑ. ඒ මුදල් Hold වෙලා කොහේ හෝ තැනක තියෙනවා සිදුවුන වංචාව සුළුපටු නැතත්..
    හැබැයි සීනී බදු වංචාවෙන් රටට ලැබිය යුතු රුපියල් බිලියන 15 ට ටිකක් වැඩි මුදලක් රටට අහිමිව ගියා ඉතාම සාහසික ලෙස..
    අන්න ඒ අහිමිවුන රුපියල් බිලියන 15 න් මුළු ලංකාවෙම මිනිස්සුන්ට කුමක් හෝ කොවිඩ් සඳහා වු එන්නතක් මුදල් ගෙවලා රටේම අයව එන්නත්කරණය සඳහා යොදවන්න පවා පුළුවන්කම තිබුනා..
    ඉතින් ඒක මහ බැංකු වංචාවට වඩා වැඩි සාහසික වංචාවක් බව මේ ගැන දැනුමක් අවබෝධයක් නැති කෙනෙක්ට පවා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා..
    🙂

    දෙවනි කලකිරීමට පත් සිදුවීම සිදුවුනෙත් ආණ්ඩුවට සහ රාජපක්ශ හිතෙයිශියෙකුට වාසියක් කරන මුවාවෙන් විශ සහිත පිලිකාකාරල පොල් තෙල් ( palm oil) කිලෝ ලක්ශ දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයන කර ඒවා රට තුල බෙදා හැරීම තුලින්..
    Alfatoxin නැමැති උග්‍ර විශ පිලිකාකාරකය අඩංගු මෙම පොල් තෙල් පසුගියදා ලංකාවට ආනයනය කර තිබුනා.
    එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි ආහර ආරක්ශණ ඒකකය විසින් දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ 23 වෙනිදා .
    කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවක්
    මේ ඔහු කියපු කතාව
    "සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කරලා තියෙනවා පසුගිය දිනවල. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාඩ්වල තියා ගන්නේ නෑ. මොකද නියාමන අධිකාරීය දවස් ගානක් ගන්නවා මේවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමට. සාමාන්‍ය ක්‍රමය වන්නේ, ආනයනය කරන ලද පොල්තෙල් ඔවුන්ගේ යාඩ් සඳහා නිකුත් කරනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට කරුණු ඉදිරිපත් කළා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස.“
    සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි. "
    නමුත් ඔහු එහෙම කිව්වට ශ්‍රී ලංකා රේගුවෙ අදහස උනේ ඒක නෙමෙයි.
    පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශ කලා..
    එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ප්‍රමිති ආයතනය හා ආහාර ආරක්ෂණ ඒකකය බවය.
    කෙසේ නමුත් ප්‍රති අපනයනය සඳහා යම් භාණ්ඩ රටකට ගෙන්වනවා නන් ඒවා රට තුලට ගෙන ඇසුරුම් කිරිමකට හෝ වෙනත් වෙනස්කමට භාජනය කරන්නෙ නෑ.. ඒවා වරායෙදිම ආපසු හරවා යැවිය යුතුයි..
    නමුත් සිදු උනේ කුමක්ද පොල්තෙල් පරිශ්කාව සඳහා දින කිහිපයක් ගත වෙනවා ඒ නිසා ඒවා තබා ගැනිමට ගුදම් පහසුකම් විශේශයෙන් නොමැති නිසා ආනයන කල සමාගමේ යාඩ් වලම ඒවා එතෙක් රඳවා ගන්නා ලෙස ඔවුන්ටම ඒ පොල්තෙල් තොගය භාර කලා
    🙄

    දැන් කතා කරනවා ප්‍රති අපනයක් ගැන.. නමුත් හෙලි දරව් වී තියෙන ආකාරයට අදාල ආනයනික සමාගම් හරහා දැනටමත් මේ පොල්තෙල් කිලෝ ලක්ශ 02 නුවර සහ මාතර යන ප්‍රදේශ වලට සමාජගත කර හමාරයි..
    යම්තැනක මං දැක්කා ප්‍රගීත් එක්නැලිගොඩව පැරිස් වලදි දැක්කා කියපු අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා කියනවා මේ පිළිකාකාරක පොල්තෙල් වෙලඳපලට නිකුත් කලේ නෑ කියලා
    🤣
    🤣

    හැබැයි තත්වය එසේ තිබියදි පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පියවරගත් බව පාරිභෝගික අධිකාරිය පෙරේදා කිව්වා.
    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරුවීමෙන් පසු ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් අදාළ ආයතන 3 ට මුද්‍රා තැබීමට පියවරගත් බවය.
    සැබෑවටම මට තියෙන ප්‍රශ්නෙ පොල් ආශ්‍රිත නිශ්පාදන වලට නම් දරාපු ලංකාව මේ අඩු ගානට හම්බෙන RBD palm oil ලංකාවට ගේන්නෙ ඇයි පොල්තෙල් කියලා?
    හොඳට මතක තියාගන්න.. ඔබ ලොකු ලොකු වෙළඳ නාම වලට අහු වෙලා සුපර්මාකට් වලට ගිහින් ගන්න එළවලු තෙල්, පොල්තෙල් , සූරියකාන්ත තෙල් හැම එකකම පාහේ තියෙන්නෙ RBD palm oil.
    මේ සමාගම් පිටරටවලින් අඩුවට ගෙන්වන මේ පාම් ඔයිල් අපිට එක එක සුකුරුත්තං නම් දාලා කවන්න හදනවා..
    හැබැයි ඒ අස්සෙ අපේ සුපිරිසුදු පොල්තෙල් පිටරට වලට අපනයනය කරනවා..
    අපි අපේ රටේ තෙල් මේ රටේදි සුපර්මාකට් එකකදි ගන්නෙ " virgin coconut oil " කියලා රුපියල් 1500 ටත් එහා මුදලකට..
    හැබැයි එච්චර ගානක් දීලා හරි මේ මල ජරාව කනවට වඩා වර්ජින් කොකනට් ඔයිල් කන එක අනාගතයට ඉතුරුවක් වේවි..
    මම මේක හොඳින්ම දන්නවා. මොකද මගෙ සමාගමේ සේවය කරන විදේශිකයො පවා ඔවුන්ගෙ රටවලට වැකේශන් යනකොට බෑග් පුරවගෙන මෙහෙන් අරන් යන්නෙ වෙන කිසිවක් නෙමෙ අපේ රටේ " virgin coconut oil "
    ❤️

    ඔවුන් දන්නවා එහි ගුණාත්මකභාවය. ඒ නිසා ඔවුන් එය ඉහලින් අගය කරද්දි අපි අපේ රටේ නිශ්පාදන ගනන් නිසා එලෝලු තෙල් මුදලාලිලගෙ පාම් ඔයිල් කනවා .
    දැන් මේ ගෙන්නලා තියෙන තෙල් තොගයේ RBD වල වැඩෙන පිලිකාකාරක දිලීරයක් වන Alfatoxine අධික ලෙස තිබෙන බව හඳුනාගෙන තියෙද්දි මේවා රටේ ජනතාව අතරට බෙදා හැරියොත් මේ රජය ඉතිහාසයේ හිටපු කෲරතම අසික්කිතම රජය බවට කිසිම විවාදයක් නැතිවෙනවා..
    දැන් පෙනිගෙන යන සහ ආරංචි වෙන විදියට ඉහත සීනි බදු වංචාවෙන් අයුතු ලාභ ලැබු ආයතනම මේ විශ පොල්තෙල් වැඩේටත් හවුල් බව කාරණා අහන්න ලැබෙනවා..
    ඒක එසේ නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමනි අපට කියන්න ඉතිරිව තියෙන්නෙත් ඔබතුමා සිරිසේනට වඩා අදූරදර්ශි අසාර්ථක නායකයෙක් කියන එක පමණයි.
    ඉතුරු අවුරුදු කිහිපයවත් ඔබ බලයට ගෙන ඒම සඳහා එක් වචනයකින් හෝ සහය දුන් ඒ වෙනුවෙන් ජන්දය භාවිතා කල නොකල සියළු දෙනා වෙත සැබෑම නායකයෙක් නොවන්නෙ නම් ඔබේ ඉරණමත් 2024 දි විසඳේවි..
    ඒ වෙනුවෙන් අපට කල හැකි කිසිවක්ම නෑ. අප කිසිවක් කල යුතුයි කියා මා එදාට විශ්වාස කරන්නෙත් නැත
    😁

    disgusting!
    🤨

    චාන්‍යා
    ❤️
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,532
    113
    මෙකි නන්ස්ටොප් ගොටට පුක දුන්නනේ. දැන් මොකෝ පුකේ හිල ලොකු වෙලා ද ? ගොට ගේ පක පොඩ් වෙලාද ?
     
    • Wow
    Reactions: Solo Rider