ඡායාරූපකරණ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Aperture ගැන පැහැදිලි කිරීමක්​

    ජංගම දුරකථනයේ හෝ කැමරාවෙහි අහන්න දකින්න ලැබෙන වචනයක් තමයි Aperture කියන්නේ. මේක මොකක්ද කියලා දැන් නොහිටියානම් මේ ලිපිය ඔබ වෙනුවෙන්ම යි.

    කැමරාවක් පාවිච්චි කරද්දී Auto mode එකට බොහෝ දෙනෙක් හුරු වී සිටිනවා. නමුත් එයින් අවස්ථානුකූල හොඳ ඡායාරූපයක්, නිර්මාණාත්මක බවක් එක් කිරීමට අපහසු යි. DSLR පමණක් නොව දුරකථනවල පවා Pro mode එකක් තිබෙන නිසා ඡායාරූපයක මූලික අංග තුන: Aperture, Shutter Speed, සහ ISO යන දේවල් ගැන මනාවබෝධයක් තිබෙනවා නම් වඩාත් හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවන්.​

    Aperture කියන්නේ මොකක්ද?​

    TBEH5OOvOKOK82cN_1.jpg


    Aperture (ඇපචර්) කියන වචනෙන් අදහස් වෙන්නේ ‘විවරය’ යන්න යි. ඡායාරූපකරණයේ දී කැමරා සෙන්සරයට (sensor) කෙතරම් ආලෝක ප්‍රමාණයක් පතිත විය යුතු ද යන්න එමඟින් තීරණය වෙනවා. ඡායාරූපය කෙතරම් අඳුරු වනවා ද යන්න Aperture එකෙහි ප්‍රමාණය අනුව වෙනස් කළ හැකි යි. ඡායාරූපයෙහි තීව්‍රතාව පවත්වා ගන්නට කෙතරම් නාභිගත (focus) වනවා ද යන්නටත් Aperture එක බලපානවා. Depth of field හෙවත් ඡායාරූපයක් ගනිද්දී ඉදිරියේ තිබෙන වස්තුවක් පැහැදිලිව තිබිය දී පසුබිම blur වුණු ආකාරයේ ඡායාරූප ගනිද්දීත් Aperture එකේ සහාය අවශ්‍ය වෙනවා.

    කැමරා කාචය හරහා ආලෝකය ගලා එන හිඩැස හෙවත් Aperture එකෙන් වැඩිපුර ආලෝකයක් සංවේදකය වෙතට ගමන් කළ විට අපට වඩාත් දීප්තියකින් යුත් ඡායාරූපයක් ලැබෙන අතර විවරය කුඩාවන තරමට අඳුරු බව ඇතිවෙනවා. තවත් ලෙසකින් කිව්වොත්, Exposure (එක්ස්පෝෂර්) එකට Aperture එක බලපානවා. හිරු එළිය වැඩි අවස්ථාවක දී ගන්නා ඡායාරූපයක් “Over expose වෙලා” කියනවා අහලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ Aperture එක වැඩිපුර විවෘතව තිබීමෙන් සංවේදකයට වැඩිපුර ආලෝකය ගලාවිත් ඡායාරූපය සුදු පැහැ ගැන්වීම යි. එවන් අවස්ථාවක දී අනෙකුත් සැකසුම් සමග Aperture එකත් අඩු කළ හැකි යි.


    ගණිතමය පසුබිම​

    CgOKVOaRTPHv7iH6_2.jpg


    අපේ ඇසේ Aperture එක පාලනය කරන්නේ තාරා මණ්ඩලය යි. අඳුරු ස්ථානයකට පිවිසුණු විට තාරා මණ්ඩලය විශාල වී වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගනිමින් අඳුරෙහි දී පෙනීම ගෙන එනවා. ආලෝකය වැඩි ස්ථානයක සිට එක්වරම අඳුරට පිවිසුණු විට මඳ වේලාවක් යනතුරු නොපෙනී යන්නේ මේ තාරා මණ්ඩලය ආලෝක තත්ත්වය අනුව සැකසීමට ගතවන වේලාව අනුව යි. සටන් අවස්ථාවලදී මෙය අවාසියක් නිසා එය වළක්වා ගන්නට මුහුදු කොල්ලකරුවන් එක් ඇසක් වසාගෙන සිටි බවත්, එවිට අඳුරට පිවිසුණු වහා එතෙක් වසාගෙන සිටි ඇසෙන් ප්‍රයෝජන ගත හැකි බවටත් කතාවක් තිබුණත් ඔවුන් සැබැවින්ම එසේ පාවිච්චි කරන ලදැ යි තහවුරු කොට නැහැ.

    QOOmhT1PDplNq2Ex_3.jpg

    කාචවල සටහන් කර ඇති f/1.8 වැනි අගයන් ඔබ දැක ඇති. මෙම f-stop එකක දී කාචයේ සැකැස්ම පිළිබඳව දැනගත හැකි ගණිත සූත්‍රය යි මේ.

    d = f / N

    මෙහි N යනු f-number එක හෙවත් කාචයේ සඳහන් f-stop එක යි. f යනු නාභි දුර යි. නාභි දුර N අගයෙන් බෙදීමෙන් විෂ්කම්භය (d) ලැබෙනවා.

    50mm කාචයක f/2.8 aperture එකක් ඇති විට 50mm / 2.8 = 17.85mm හෙවත් එහි විෂ්කම්භය සොයා ගත හැකි යි. මින් පැහැදිලි වන්නේ, වැඩි විෂ්කම්භයක් ලබාගන්නට නම් අඩු f/N අගයක් තිබිය යුතු බව යි.​

    වැඩි අගයක් - අඩු ආලෝකයක්​

    zTrlGwt6JKkzUn9n_4.jpg

    Aperture අගයයන් f/stops එහෙමත් නැත්නම් f/numbers ලෙස හඳුන්වනවා. කැමරා කාචවල ඉදිරියේ, දුරකථන specsවල f/N අගයකින් දක්වන්නේ කැමරා කාචය සතු Aperture අගය යි. Zoom කරන්නට නොහැකි ස්ථාවර කාච වන Prime Lensවල උපරිම Aperture එක f/2.8 සිට f/1 පමණ වෙනවා. එසේම Zoom Lensවල zoom කරද්දී Aperture එකත් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. Lens එක ඉදිරිපසින් බලාගෙන කරකවමින් zoom අගය වෙනස් කරද්දී මේ වෙනස සිදුවන අාකාරය දැකගන්නට පුළුවන්. ඒවා Variable Lens (විචල්‍ය කාච) ලෙස හඳුන්වනවා.​

    k5RhK9vqehysT70F_5.jpg

    f/N අගය වැඩි වන විට ආලෝකය ඇතුල් වන කුහරයේ ප්‍රමාණය අඩු වෙනවා. පෙර ගණිතමය වශයෙන් පැහැදිලි කළ පරිදි ප්‍රතිලෝමව සමානුපාත යි. f/1.4 වැනි අගයක දී Aperture එකේ ප්‍රමාණය f/11 අගයට වඩා බොහොම විශාල යි. f/16 වැනි අගයක දී (කුඩා විවරයක්) ඡායාරූපයට හසුකරගන්නා වස්තුව සහ පසුපස තිබෙන පරිසරය යන දෙකම පැහැදිලිව දැකගන්න පුළුවන්. f/1.4 දී (විශාල විවරයක්) ඉදිරියෙන් තිබෙන වස්තුව පැහැදිලිව තිබිය දී පසුතලය බොඳ (blur) වෙනවා.

    අඩු f අගයක් සඳහන් වන විශාල විවරයක් සහිත කාච (f 2.8 සිට පහළට) Fast lens ලෙස හඳුන්වනවා. ඒවායෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරාවට ලැබෙන නිසා රාත්‍රී කාලයේ ඡායාරූප ගැනීමට යොදා ගන්නවා.​

    ISO සහ Shutter speed වෙත බලපෑම​

    aT2oafczuh0X5N5m_6.jpg

    ආලෝක ප්‍රමාණය aperture එක වෙනස් කරද්දී තීරණය වන නිසා ISO සහ Shutter Speed එකත් පාලනය කළ යුතු වෙනවා. මන්ද, Zoom in කිරීමේ දී Aperture එක කුඩා වන අතර Zoom out කරද්දී වැඩි ආලෝක ප්‍රමාණයකට ඉඩ සලසා ගනිමින් විශාල වෙනවා.

    f අගය අඩු, විශාල විවරයක් ඇති අවස්ථාවේ දී වැඩි Shutter speed එකක් සහ අඩු ISO අගයක් යොදන්නට අවස්ථාව ලැබෙනවා. එමඟින් Motion blur (චලනය වීමේ දී ඇතිවන බොඳවීම්) සහ Noise (තිත් සහිත බව) වළක්වා ගන්නට පුළුවන්. Shutter Speed එක වැඩි කිරීමෙන් චලනය වන වස්තූන්ගේ (වාහන, ක්‍රීඩකයන්, කුරුල්ලන්) ඡායාරූප බොඳ නොවී ගන්නට පුළුවන්. ඒ සඳහා වැඩි Aperture එකක් සමග වේගවත් Shutter speed එකක් හෝ අඩු ISO අගයක් යොදා ගත හැකි යි.​

    ඡායාරූප ගැනීමේ දී කළ හැකි දෑ​

    2z4dB1zCEnwTmIum_7.jpg


    දිවා කාලයේ දී landscape ඡායාරූප (කඳු, මිටියාවත්) ගනිද්දී අඩු aperture එකක් යොදා ගැනීමෙන් සෑම වස්තුවක්ම බොඳ නොවී පැහැදිලිව ඡායාරූපයට හසුකරගන්න පුළුවන්. ළඟ තිබෙන වස්තු සඳහා වැඩි Aperture එකක් (අඩු f අගයක්) යොදාගත් විට නොගැඹුරු Depth of field එකක් යොදන්නට හෙවත් පසුබිම බොඳ කරලන්නට හැකි යි.

    කැමරාවේ modes වෙනස් කිරීමට ඇති රවුම් ස්විචයේ A ලෙස සඳහන් වන්නේ Aperture Priority යන්න යි. එහි දී කැමරාවේ අභ්‍යන්තර පද්ධතියට ISO සහ Shutter Speed භාර දී Aperture එක ඔබට කැමති පරිදි වෙනස් කරන්නට අවස්ථාව ලැබෙනවා. M හෙවත් Manual mode එකේ දී මේ තුනම අවශ්‍ය පරිදි තමාටම සකසා ගත හැකි යි. බොහෝ අවස්ථාවල දී A mode එකේ තබාගැනීම ප්‍රමාණවත් වෙනවා.

    ඉස්සුවේ මෙතනින්​
     
    Last edited: