ජංකි මාරු

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    ජාතික ජන බලවේගයේ ඡන්ද අපේක්ෂිකාවක තමන් ඇඳුම් හුවමාරු කරගෙන අඳින බව පැවසීම රාජාපරාධයක්, අවමානයක් සහ දේශපාලනයට බරපතල නුසුදුසුකමක්සේ හැ‍ෙඟන අයුරින් කමෙන්ටු හුවමාරු වන ආකාර පසුගිය දින කිහිපය පුරාම දකින්නට ලැබිණි.
    ඇගේ වදන් හමුවේ සෝපහාසී සිනහ නැගිය හැක්කේ සමාජ යහපත උදෙසා සාමූහික ව්‍යායාමයක නිරත දේශපාලන කාඩර්වරුන්ගේ දිවි පෙවෙත ගැන සිතාගන්නටවත් බැරි නරුමයන්ට පමණි. තමන්ගේ ජීවිතය පවා දෙවරක් නොසිතා සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අරගලයක් වෙනුවෙන් කැප කිරීමට සිත හදාගත් අයෙකු හට නම් ඒ අරුමයක් නොවේ.
    ජවිපෙ දේශපාලනය නිර් මාණය කරන ලද දා පටන් වර්තමානය දක්වාම ඒ දේශපාලන කඳවුර දෙකඩව ගියද කොතෙක් දෙනා ඒ හැර ගියද ඒ කිසිවකුට හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි එක් දෙයක් වනුයේ ව්‍යාපාරය තුළ පවත්නා සාමූහිකත්වයයි. අද පවා ජවිපෙ මෙන්ම පෙරටුගාමීන් තුලද තවමත් නොසිඳී පවත්නා ලක්ෂණයක් ලෙස එය හඳුනාගත හැකිය. අන් අය වෙනුවෙන් පුද්ගලික සුඛ විහරණය කැප කිරීම අතින් ඔවුන් සිටිනුයේ බොහෝ භික්ෂූන්ටද වඩා ඉදිරියෙනි.
    මට මේ මොහොතේ අසූ නවයේ ඝාතනයට ලක්වූ සහෝදරයකු පිලිබඳ අත්දැකීම සිහිපත් වෙයි. මා දන්නා පරිදි ඒ සහෝදරයා වෙඩි පහරට ලක්ව මියෙන්නට පෙර තම සහෝදරයන් හට සිය අත් ඔරලෝසුව ගලවා දෙමින් කීවේ එය පක්ෂයට භාර දෙන ලෙසටය. ඒ හුදු රොමාන්තික හැසිරීමක් නොව කාඩර් වරයා තුළ වූ අවංක කැපවීමම ය. අනන්ත වධ බන්ධන මැද වුව තම සහෝදරයා ආරක්ෂා කරමින් ජීවිතය කැප කරන්නට පවා ඔවුන්ට ශක්තිය සැපයූවේ ඒ සහෝදරත්වය සහ සාමූහිකත්වය පිලිබඳ හැගීමමය.
    කවර අඩුපාඩුකම් මැද වුව සමාජ ක්‍රමයේ වෙනසක් පතා කරනා අරගලයේදී මේ මිනිසුන් කරනා කැපවීම මෙන්ම බෙදා හදා ගැනීම බොහෝ මහත්වරුන්ට සිතා ගැනීමට පවා බැරිය. එහෙයින්ම ඔවුහු ඔවුන්ට කළ යුතු දේශපාලන විවේචන පසෙක ලා ඇඳුමෙහි එල්ලෙති.
    ලැජ්ජා විය යුත්තේ තම තමන් ඇඳුම් බෙදා හදාගෙන ඇඳීම ගැන නොවේ.
    අමුඩ ලේන්සුවක් පවා නැතිව පොලවේ පස් කකා දේශපාලනයට ආ ඇතැමුන් තම පරම්පරා හතකට අඳින්නට බැරි තරම් ඇඳුම් ජනතාවගේ මුදල් වංචා කර ගොඩ ගැසීම ඉවසා සිටින එක ගැනය.
    රටේ ජනයා කුසගින්න දරා සිටියදී විදුලි බිලේ සිට සියළු මලපුඩු තද කර මිනිසුන් කනත්තට දක්කන පාහරයන්ට ආරක්ෂා කරන්නට තර් ක නිපදවන එක ගැනය.
    රටේ සම්පත් තම පුද්ගලික බූදලය සේ ගෙන සමස්ත රටම ණය කන්දකට යටකළ උන් තවමත් ජාතික වීරයන් සේ සලකන එක ගැනය.
    කොටින්ම කියන්නේ නම් මුළු රටම ලෝකය ඉදිරියේ නග්න කර දක්වා තමන් වටනා සළු පැළඳ දියසෙන් චරිත රඟනා උන් නොදුටු සේ සිටිමින් මෙසේ පාදඩ අපහාසයන් කිරීම ගැනය.
    දේශපාලනයට විවේචන අදාලය. එහෙත් ඒ සැබෑ විවේචනයන් මිස රේන්ද කෑලි නම් නොවේ.
    වමේ දේශපාලනය කරනා සියළු කාඩර්වරුන්ට කාරයකින් පැමිණ දේශපාලනය කළ හැකි නම් මම ද කැමැත්තෙමි. එහෙත් කාරයක් නොව ගෙදර ඇති පා පැදියද බේරාගත නොහැකි තත්වයක් නිර්මාණය කල උන් හා අරගලය එතරම් සුමට නැත.
    සහෝදරවරුනි, උන්ට රේන්ද වාටිවල එල්ලෙන්නට ඉඩ හරින්න. දේශපාලනයේ ඇති අඩුපාඩු නිවැරදි කරගන්න. ජවිපෙට මෙන්ම පෙරටුගාමීන්ටද තවත් පියවරක් තැබිය හැක්කේ එසේ කිරීමෙන් පමණි.
    චූ.සමරනායක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඕකි යට ඇදුමුත් මාරු කරලා පාවිච්චි කරනවා ද දන්නේ නැහැ 😛
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,503
    113
    ජවිපෙන් ඉල්ලුවට ජෙප්පෙක් විදිහට ජීවත් වෙච්ච ගෑනියෙක් නෙවේ. ඒ ගෑනි ජෙප්පෙක් වෙන්න ගහපු රට බයිලාව ඩිෆෙන්ඩ් කරන්න යන එක තරම් මෝඩ වැඩක් නෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,948
    27,565
    113
    36
    Mirihana
    alis.alberta.ca
    gota.gif