ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

    ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?


    water_01.jpg


    ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි.


    නොකළයුතු දේ

    ජංගම දුරකථනය පනගන්විමෙන් හෝ බැටරිය ආරෝපණය කිරීමෙන් වලකින්න.

    water-2.jpg


    ජලය කාන්දු වුන ජංගම දුරකතනයක් ඔබ පනගන්වනු ලැබුවහොත් එහි ඇති motherboard එක short circuit වීම නිසා එයට විශාල හානියක් සිදුවීමට පුළුවන්. මේ මගින් ඔබගේ ජංගම දුරකථනය නැවත භාවිතයට ගත නොහැකි මට්ටමටම පත්වන්නට පුළුවන්.


    ජංගම දුරකථනය වේලීමට heat gun හෝ hair drier භාවිත නොකරන්න.

    water-3.jpg


    මෙය බොහෝ දෙනා විසින් කරනු ලබන වැරද්දක්. ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය ඇතුලත සිරවී තිබෙන ජලය මේ මගින් ඉවත් වන්නේ නැහැ. ඔබ සපයන ලබන තාපය නිසා ඒවා වාශ්පවී ගියත් නැවතත් ඒවා ජංගම දුරකතනය තුලම රැඳෙන නිසා ජංගම දුරකතනයට වෙනත් ආපදාවන් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම ඔබ සපයන තාපය අදික වුවහොත් ඒ මගින් බැටරියට හෝ වෙනත් සියුම් කොටස් වලට හානි සිදුවිය හැකියි. එමෙන්ම ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය සෘජුව හිරු එලියට නිරාවරණය කොට වියලීමට උතසහ දැරීමෙන් වලකින්න.


    තෙත්වූ ජංගම දුකථනය වියලි සහල් තුල දැමීමෙන් වලකින්න.

    water-4.jpg


    මෙය බොහෝ දෙනා තුල පවතින දුර්මතයක්. තාර්කිකව මෙය සත්‍යයක්. වියලි සහල් ජලය උරාගනු ලබනවා. නමුත් සහල් වල ඇති මේ උරාගැනීමේ හැකියාව ඉතා අඩු අගයක් ඒ නිසා සහල් වලට උරාගත හැකි වන්නේ එය සමග සෘජුව ගැටෙන ජලය පමණයි. එම නිසා මේ ක්‍රියාවලියෙනුත් ඔබට ප්‍රතිපලයක් නොලැබෙනු ඇති.


    කල යුතු දේ

    හැකි ඉක්මනින් දුරකථනය ක්‍රියා විරහිත කරන්න

    water-5.jpg


    මේ මගින් දුරකථනය short circuit වීමේ හැකියාව අඩුකළ හැකි වෙනවා. ඔබගේ ජංගම දුරකතනයේ බැටරිය ගලවා දැමිය හැකි නම් හැකි ඉක්මනින් එය ගලවා දමන්න. සාමාන්‍යයෙන් ඔබ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ දුරකථනය ක්‍රියාවිරහිත කිරීමයි.


    එකිනෙක වෙනකල හැකි කොටස් සියල්ල වෙන් කර දමන්න.

    water-6.jpg


    ඔබගේ ජංගම දුරකතනයේ පහසුවෙන් ගලවා ඉවත් කල හැකි කොටස් සියල්ලම ගලවා ඉවත් කරන්න. ආරක්‍ෂිත කවරය බැටරිය සිම් කාඩ්පත memory sitck එක වැනි පහසුවෙන් ගැලවිය හැකි කොටස් ගලවා දමන්න. එසේ ගලවන ලද කොටස් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න. ඉන් අනතුරුව ඔබට හැකි පමණ දුරට ඔබගේ ජංගම දුරකතනය කොටස් කොට ඒවාත් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න


    silica gel අඩංගු බැගයක ජංගම දුරකථනය බහා තබන්න.

    water-7.jpg


    silica gel ඉතා කාර්යක්ෂම ලෙස ජලය උරාගනු ලබනවා ඒ නිසා ඔබගේජංගම දුරකතනයේ සිරවී ඇති ජලය ඉතා හොඳින් උරාගෙන එය වියලි තත්වයට පත්කිරීමට මෙය ඉතාමත් වැදගත් පියවරක්.

    ඉහත සඳහන් මුලික පියවර අනුගමනය කල පසු ඔබට වඩාත් සංකිර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමුවීමට පුළුවන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Display එක ගලවල අනිත් ටික ලාම්පුතෙල් එකක දාල කලවන් කරොත්?
    මගේ Dongle එක එහෙම හරි ගිය
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle
    Display එක ගලවල අනිත් ටික ලාම්පුතෙල් එකක දාල කලවන් කරොත්?
    මගේ Dongle එක එහෙම හරි ගිය

    උඹේ ඩොන්ගල් එකේ ඩිස්ප්ලේ එකක් තියේද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹේ ඩොන්ගල් එකේ ඩිස්ප්ලේ එකක් තියේද?

    නෑ එකේ antenna එකක් එළියේ දාල තිබ්බ. ඒක දිගේ වතුර ඇවිත් ඇතුලේ පිරිලා. ගසද්දී විසි වෙනවා.
    මම On කරා හිටං™. ඊට පස්සේ ලාම්පුතෙල් එකක දාල කලාවන් කරලා හයි කරා. දැන් නියමෙට වැඩ.
    Huawei බඩු තමා බඩු.