ජංගම දුරකථන ගෙදරදීම අලුත්වැඩියාව පාඩම 2.

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    ජංගම දුරකථන ගෙදරදීම අලුත්වැඩියාව පාඩම 2.

    ජංගම දුරකතනවල බහුලව ඇතිවන දෝෂ මොනවාද?අද පාඩමින් අප කතා කරමු.කෙතරම් සංකීර්ණ දුරකතනයක් ගත්තත් එහි මුලික සැකසුම බොහෝ දුරට එක සමානයි.ඉතින් අපට පුළුවන් එහි ඇතිවන දෝෂ පහත පරිදි වර්ග කරලා දක්වන්න.
    1.අමතන්නාගේ හඬ නෑසී යාම.
    2.දුරකථනය on කිරීමට නොහැකි වීම.
    3.අමතන්නාට ඔබේ හඬ නොඇසීම.
    4.තිරය තුල ඇතිවන දෝෂ.
    5.බැටරිය නැවත ආරෝපණය නොවීම.
    6.යතුරු පුවරුව තුල දෝෂ ඇතිවීම.
    7.චාජර් උපකරණයේ ඇතිවන දෝෂ.
    8.මෘදුකාංග තුල ඇතිවන දෝෂ.
    මේ අනුව මෙම දෝෂ ප්‍රදාන කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ.
    1.දෘඩාංග වල ඇතිවන දෝෂ.
    2.මෘදුකාංග වල ඇතිවන දෝෂ.
    මෙම පාඩම් මාලාව තවත් කෙසේ සංවර්ධනය විය යුතුද යන්න ඔබේ අදහස් දක්වන්න.
    ඔබට ජය!