ජංගම ස්‌වසන යන්ත්‍රයක්‌

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ජංගම ස්‌වසන යන්ත්‍රයක්‌

මෙතෙක්‌ කිසිවකු නිපදවා නොමැති පහසුකම් සහිත "ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක්‌" නිපදවීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු සමත් වී සිටී.

ඔහු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය දුලාන් සමරවීරයි.
p2.jpg


"වාට්‌ටුවකදී හුස්‌ම (ශ්වසනය) ඇනහිටින රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනතුරු මෙම යන්ත්‍රය සවිකොට කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකියි.

ඒ වගේම රෝහලකින් රෝහලකට රෝගියකු රැගෙන යැමේදී ගිලන් රථයේ බැටරියට සවිකළ මෙම යන්ත්‍රයකින් කෘත්‍රිමව ශ්වසනය දිය හැකියි. එය නිසි වේලාවට නිසි වාර ගණන (එනම් විනාඩියට වාර 10-12) ස්‌වයංක්‍රීයව රෝගියාට හුස්‌ම ලබාදෙනවා.

දැනට එවැනි අවස්‌ථාවල භාවිත කෙරෙන්නේ බැලුනයක්‌ වැනි උපකරණයක්‌ අතින් මිරිකා හුස්‌ම ලබාදීමයි. මෙය පැය ගණන් සිදුකිරීම අපහසුයි. එක දිගට නොකඩවා හුස්‌ම දිය යුතුයි. පැය 4-5 ක ගමනක්‌ නම් විශේෂයෙන් අනුරාධපුර සිට කොළඹට වරක්‌ යන විට එම උපකරණය සඳහා දෙදෙනකු යෙදවිය යුතුයි. එක්‌කෝ වෛද්‍යවරුන් හෝ හෙදියක්‌.

ප්‍රධාන රෝහල් තුළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තියෙනවා. නමුත් මේ ආකාරයට ජංගම යන්ත්‍ර යොදාගන්න අපහසුයි. අනික එම යන්ත්‍ර සූත්‍ර එකක්‌ රුපියල් ලක්‍ෂ 08-17 පමණ වෙනවා. මේ නිසා සෑම රෝහලකම ඒ පහසුකම නැහැ.

මා නිෂ්පාදනය කළ යන්ත්‍රයට වැය වුණේ රුපියල් පහළොස්‌ දහසයි. ඒ නිසා මෙම යන්ත්‍රය නිෂ්පාදනය කොට සියලු රෝහල් සඳහා ලබාදීමට පුළුවන්. ගිලන් රථවලට සවිකරන්න පුළුවන්.

මේ නිෂ්පාදනය රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කොට රෝහල්වලට ලබාදීමට මා යෝජනා කරනවා. මා සොයාගත් දැනුම, තාක්‍ෂණය ඒ සඳහා උපරිමයෙන් ලබාදීමට මා සූදානම්.

අතින් ක්‍රියාත්මක කරන උපකරණය ඉතා වෙහෙසකර කටයුත්තක්‌ බව මා දුටුවා. මා මොනරාගල, කළුබෝවිල සහ අනුරාධපුරයේදී රෝගීන් ඇසුරින් ලැබූ අත්දැකීම් අනුව මේ නිර්මාණය සිදුකළා."

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී ඉකුත් 31 දා ඔහු සිය නිර්මාණය පිළිබඳ මෙලෙස විස්‌තර කළේය.

විස්‌තර හා ඡායාරූප - අනුරාධපුර - සිරිල් බස්‌නායක
 
  • Like
Reactions: $Gangster$

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meka gana news ekak giya neda ban e lonk eka hoya ganna bari weyida?mekath ara lankawe hadapu incubator eka wagee awanam goda thama transport ventilator ekak,danata me wadee karanne ambu bag or transport ventilator ekane :)
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කොට රෝහල්වලට ලබාදීමට මා යෝජනා කරනවා
    ලංකාවේ තවත් දක්ෂයෙක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ඔන්න මං කියන්නම් ඉතින් ඕකට වෙන දේ
    රජයෙන් නම් ඕවා කරන්න තඔ සත පහක් වියදම් කරන්නේ නෑ. මේ ආණ්ඩුවේ විතරක් නෙවේ. කවුරුත් එහෙමයි. කුට්ටිය නැති වෙනවනේ බන්..
    මේ මනුස්සයා ඕක හැදුවා. ඒක හොදයි. එච්චරයි.. ඒක එතනින් ඉවරයි.. මොකෝ මේ මනුස්සයා අතින් වියදම් කරන් ඕවා ඉස්පිරිතාලවලට දෙන්නයැ
    ඔයවගේ නිර්මාණ , මට මතකයි දැන් අවුරුදු ගානකට කලින් කොල්ලෙක් හැදුවා automated රේල් ගේට්ටුවක් සහ signalling system එකක් .. පිටරටින් ගේනවට වඩා මාර අඩුවට හදන්න පුලුවන් ලු, ඒවගේ දේවල් කොච්චර ලාබෙට හදන්න පුලුවන් වුනත් වැඩක් නෑ බන් රජයෙන් ඕව දිහා ඇහැක් ඇරල බලන්නෑ.. ලොකුවට කුට්ටිය කඩාගන්න පුලුවන් කොහෙන්ද.. අන්න එතනයි එකම විසදුම උන්ට
    :yes:
     
    Last edited: