ජංගම ස්‌වසන යන්ත්‍රයක්
මෙතෙක් කිසිවකු නිපදවා නොමැති පහසුකම් සහිත "ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක්" නිපදවීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු සමත් වී සිටී.
ඔහු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය දුලාන් සමරවීරයි.
"වාට්‌ටුවකදී හුස්‌ම (ශ්වසනය) ඇනහිටින රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනතුරු මෙම යන්ත්‍රය සවිකොට කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකියි.
ඒ වගේම රෝහලකින් රෝහලකට රෝගියකු රැගෙන යැමේදී ගිලන් රථයේ බැටරියට සවිකළ මෙම යන්ත්‍රයකින් කෘත්‍රිමව ශ්වසනය දිය හැකියි. එය නිසි වේලාවට නිසි වාර ගණන (එනම් විනාඩියට වාර 10-12) ස්‌වයංක්‍රීයව රෝගියාට හුස්‌ම ලබාදෙනවා.
දැනට එවැනි අවස්‌ථාවල භාවිත කෙරෙන්නේ බැලුනයක් වැනි උපකරණයක් අතින් මිරිකා හුස්‌ම ලබාදීමයි. මෙය පැය ගණන් සිදුකිරීම අපහසුයි. එක දිගට නොකඩවා හුස්‌ම දිය යුතුයි. පැය 4-5 ක ගමනක් නම් විශේෂයෙන් අනුරාධපුර සිට කොළඹට වරක් යන විට එම උපකරණය සඳහා දෙදෙනකු යෙදවිය යුතුයි. එක්‌කෝ වෛද්‍යවරුන් හෝ හෙදියක්.
ප්‍රධාන රෝහල් තුළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තියෙනවා. නමුත් මේ ආකාරයට ජංගම යන්ත්‍ර යොදාගන්න අපහසුයි. අනික එම යන්ත්‍ර සූත්‍ර එකක් රුපියල් ලක්‍ෂ 08-17 පමණ වෙනවා. මේ නිසා සෑම රෝහලකම ඒ පහසුකම නැහැ.
මා නිෂ්පාදනය කළ යන්ත්‍රයට වැය වුණේ රුපියල් පහළොස් දහසයි. ඒ නිසා මෙම යන්ත්‍රය නිෂ්පාදනය කොට සියලු රෝහල් සඳහා ලබාදීමට පුළුවන්. ගිලන් රථවලට සවිකරන්න පුළුවන්.
මේ නිෂ්පාදනය රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කොට රෝහල්වලට ලබාදීමට මා යෝජනා කරනවා. මා සොයාගත් දැනුම, තාක්‍ෂණය ඒ සඳහා උපරිමයෙන් ලබාදීමට මා සූදානම්.
අතින් ක්‍රියාත්මක කරන උපකරණය ඉතා වෙහෙසකර කටයුත්තක් බව මා දුටුවා. මා මොනරාගල, කළුබෝවිල සහ අනුරාධපුරයේදී රෝගීන් ඇසුරින් ලැබූ අත්දැකීම් අනුව මේ නිර්මාණය සිදුකළා."
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී ඉකුත් 31 දා ඔහු සිය නිර්මාණය පිළිබඳ මෙලෙස විස්‌තර කළේය.
විස්‌තර හා ඡායාරූප - අනුරාධපුර - සිරිල් බස්‌නායක