Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ජගත් ජනකතා - යෝධ නැටුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතා ඈත කාලයෙහි බ්රිතාන්යයේ රජ කෙනෙක් මහා යුද්ධයකින් ශ්රේෂ්ඨ ජයග්රහණයක් කළහ. එහෙත් යුද්ධයෙන් පසුව ඒ සම්බන්ධයෙන් ප්රීති උත්සව පවත්වනු වෙනුවට ශෝක වීමට ඔහුට සිදුවිය; සටන්වලදී බෙහෙවින් උපකාර වූ බොහෝ රදළවරුන්ගේ සහ කුමාරවරුන්ගේ ජීවිත හානි වූ බැවිනි. ඔවුන්ගේ මළ සිරුරු වසා සිටි නිල් තණ පිට්ටනිය දුටු හැම විට ම මේ රජතුමාට කල්පනා වූයේ ස්වකීය රට වෙනුවෙන් දිවිපිදූ තම මිත්ර රණශූරයන් සදහටම සිහිපත් වන අයුරු ශ්රේෂ්ඨ ස්මාරකයක් පිහිටුවන්නේ කෙසේද යන්නයි.

මේ සඳහා ගල් කැටයම් ලී කැටයම් ආදිය විෂයෙහි නිපුණ වූ ප්රකට කලා ශිල්පීන් හැම දෙනෙකුම කැඳවා එම වීරයන් වෙනුවෙන් පිහිටුවීමට අදහස් කොට ඇති ස්මාරකය සඳහා පෙර නොවූ විරු නිර්මාණ ඉදිරිපත් කරන ලෙස හේ කියා සිටියේය. කලා ශිල්පීහු හැමදෙනම රජතුමාගේ විස්තරය අසා අධෛර්යයට පැමිණ ඔවුන්ගේ මුහුණු දෙස බලන්නට විය. ඒ කාර්යය රජතුමා තෘප්තිමත් වන පරිදි ඉටු කිරීමට තමන්ට නො පිළිවන් බව හැම කෙනෙක්ම සැළ කළහ. ඉක්බිති රජතුමාගේ මිත්රයෙක් පැමිණ රජතුමාට මෙසේ සැළ කළ සිටියේය.

"දේවයන් වහන්ස මේ වැඩේ කරන්න ඉන්න එකම තැනැත්තා මර්ලින් පූජකවරයා. ඔබ වහන්සේගේ රාජ්යයේ ඒ තරම් දක්ෂ සියුම් ඥානයකින් යුක්ත කෙනෙක් වෙන ඇත්තෙම නැහැ. එතුමන්ගේ මොලේ යොදවලා කොහොම හරි මේ වැඩේ ඉටු කර දේවි. ඒ නිසා එය එතුමාට භාර දෙනු මැනවි"

රජතුමා විසින් මර්ලින් පූජකවරයා කැඳවන ලදී. රජුගේ විස්තරය ඇසූ ඥානවන්ත මර්ලින් පූජකවරයා, මෙහි වීරවරයන් වෙනුවෙන් මහේශාක්ය ස්මාරකයක් අවශ්ය නම් අයර්ලන්තයේ කිලෝරස් කන්දේ "යෝධ නැටුම" ගෙන්වා ගත යුතු යැයි පැවසීය.

"යෝධ නැටුම" යනු කුමක්දැයි හේ රජතුමාට විස්තර කළේය. එය විශාල රවුමක් සේ පිහිටි අති විශාල ගල් කණු වලින් තැනූ ගල් වැටියකි. එහි ගල් කණු කෙතරම් විශාලද යතහොත් කෙතරම් ශක්තිය තිබුණද උපාය ඥානය නොමැති නම් කිසිවෙකුට ඒවා එසවීමට තබා ඒ ගැන සිතීමටත් නොහැකිය. එම ගල්වැටිය අයර්ලන්තයේ තිබෙන අයුරින් ම මෙම සොහොනෙහි පිහිටුව හොත් බ්රිතාන්යය තිබෙන ඉතාම මහානුභාවසම්පන්න ස්මාරකය වනු නොඅනුමාන යයි මර්ලින් පූජකවරයා පැවසීය.

මේ ඇසූ රජතුමා සිනාසෙන්නට විය. බ්රිතාන්යයේ අපමණ ගල් තිබෙද්දී පිටරටකින් ගල් උසුලා ගෙන ඒම විහිළුවක් නොවේ දැයි ඇසීය.

එවිට මර්ලින් පූජකවරයා රජු සිනාසෙන්නේ කරුණු නොදැන බවත්, ඒවා කෙසේ හෝ ගෙන්වාගත යුතු බවත් පවසා ගල්වැටි සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කරන්නට විය. ඇත අතීතයේ දී එම ගල් අප්රිකාවේ සිට උසුලාගෙන එනු ලැබ අයර්ලන්තයේ පිහිටුවන ලද්දේ යෝධයන් විසිනි. ඔවුන් ඒ සඳහා මේ තරම් කරදර වූයේ එම ගල් රෝග සුව කිරීමේ අරුම පුදුම බලයක් තිබු පූජනීය ගල් විශේෂයක් වූ නිසයි. මේ පුරාණ යෝධයන් රෝගාතුර වූ හැම විටම ඔවුන් කළේ මේ ගල් සෝදා එම ජලයෙන් ස්නානය කිරීමයි. එවිට ඔවුන්ගේ සියලු රෝග අතුරුදහන් විය. යුද්ධයකදී තුවාල වූ විටත් ඔවුන් කළේ එක්තරා පැළෑටි වර්ගයක් කොටා එහි යුෂ මේ ගල් සේදූ ජලය මිශ්ර කොට තැවරීමයි. ඒ තැවරූ සැණින් තුවාල සුව විය.

මේ විස්තරය ඇසූ කල්හි වහාම රෝග සුව කරන ගල් කණු ගෙවා තම රාජ්යයෙහි පිහිටුවා ගැනීමට රජු සහ බ්රිතාන්ය වැසියන් තුළ තදබල ආශාවක් ඇතිවිය. රජුගේ සහෝදර කුමාරයා විශාල හමුදාවක් රැස් කර ගත්තේය. එම යෝධ ගල් කණු උපුලා ගෙන ඒමට මර්ලින් පූජකවරයාගේ උපාය ඥානයෙන් ප්රයෝජන ගනු වස් ඔහුව ද කැටිව යාමට කැමති කරවා ගත්තේය.

අයර්ලන්තයේ දෙසට මද සුළඟක් හමා ගියේය. එම සුළඟත් සමඟ බ්රිතාන්ය නැව අයර්ලන්ත වෙරළට සේන්දු විය. අයර්ලන්තයේ රජතුමාට මේ බව සැල වූයෙන් හේ ද හමුදාවක් රැගෙන පැමිණියේය. යෝධ නැටුමෙන් එකද ගල්කණුවක් රැගෙන යාමට බ්රිතාන්යයන්ට ඉඩ නොතබමි යි ඔහු තරයේ අධිෂ්ඨාන කරගත්තේය.

හමුදාවන් දෙක අතර බිහිසුණු සටනක් ඇතිවිය. එහෙත් අන්තිමේදී අයර්ලන්ත වාසීහු පරාජයට පත් වූහ. බ්රිතාන්යයන් යුහු යුහුව කිලෝරස් කන්ද දෙසට ගමන් ගත්හ. මර්ලින් පූජකවරයා කී අයුරින් ම යෝධ නැටුම මහේශාක්ය ලීලාවෙන් රඟ දැක්වීමෙන් තිබුණු සැටි එහිදී ඔවුන්ට දක්නට ලැබිණි. ඔවුහු ගල් ගැසුනාක් මෙන් ඒ දෙස බලා සිටියහ. එවිට මර්ලින් පූජකවරයා කතා කොට "මිත්රවරුනි, හා ඉතින් මේ ගල් කනු උස්සන්න බලමු. එතකොට අපිට දැනගන්න පුලුවන් ශරීර ශක්තියද උපාය ඥානයද හොඳ කියලා" යැයි කීවේය.

එවිට ඔව්හු ගල්කණු ඉසිලීමට හැකි හැම වැර වෑයමක් ම දැරූහ. ඇතැමෙක් කඹ වලින් අදින්නට මහන්සි ගත්හ. ඇතැමෙක් ඉණිමං වලට නැග ගල්කණු පෙරළා තල්ලු කිරීමට තැත් කළහ. මෙසේ ඔවුන් විසින් කෙතරම් උත්සහ කළද එක ද ගලක් අඟල කුදු එසවීමට ඔවුන්ට නොහැකි විය. පූජකවරයා ඔවුන් වෙත සිනාසී තම උපායඥානය මෙහෙයවා ගුප්ත උපක්රම මගින් සැහැල්ලු ලී කොටයක් උස වන්නාක් මෙන් ඒ මහා ගල් කණු ඔසවන්නට විය. පසෙක ට වී බලා සිටි පිරිස මවිතයට පත්වූහ. ඔවුන්ට තමන්ගේ ඇස් අදහාගත නොහැකි තරම් විය. ඉන්පසු පූජකවරයා මිනිසුන්ට කතා කොට නිසි උපදෙස් දී එම ගල් කණු ඔසවාගෙන යන ලෙස අණ කළේය.

එංගලන්තයේ දෙසට හමා ගිය සුමුදු සුලඟේ ආධාරයෙන් ඔහු ආපසු සිය රට බලා යාත්රා කළහ. මර්ලින් පූජකවරයාගේ උපදෙස් අනුව ගල්කණු සියල්ල වීරවරුන්ගේ සොහොන වෙත ඔසවා ගෙන යන ලදී. මර්ලින් පූජකවරයා අයර්ලන්තයේ තිබුණු අයුරින්ම රවුමට සිටිනසේ ගල්කණු පිහිටුවා උපාය කෞශල්ය ශරීර ශක්තියට වඩා අගනා බව රජතුමාටත් මහජනයාටත් ප්රදර්ශනය කළේය. මේ ගල්වැටිය එම ස්ථානයේ අද ද දක්නට ලැබේ.

[ATTACH=full]185433[/ATTACH]

මර්ලින් පූජකවරයාගේ කාලයට අවුරුදු සිය ගණනක් ඉහත වාසය කළා වූ කිලෝරස් කන්දේ මෙම ගල් වැටි පිහිටවූ මේ යෝදයෝ අරුම පුදුම පුද්ගලයෝ වූහ. ඉතා ඈත යුගයක ජීවත් වූ මේ මිනිස්සු ලීයෙන් සහ කලින් අවි ආයුධ තනා ගැනීම විනා ලෝහ භාවිතය නොදැන සිටියද විල් වාසීන් (ඉදිරි කතාවකින් විල් වාසීන් පිළිබඳ දැනගත හැකි වනු ඇත.) මෙන් බෝට්ටු තනා ගැනීමෙහි දක්ෂයෝ වූහ. ඉතාම පුදුම ඵලවන සුළු කාරණය වන්නේ ඔවුන් තැනූ ඒ චාම් බෝට්ටුවලින් සූර්යයාගේත් තරු ලකුණුවලත් මගපෙන්වීම හැරුණු විට අන් කිසිදු මඟ පෙන්වීමක් නොමැතිව අප්රිකාවේ සිට අයර්ලන්තය දක්වා තදබල කුණාටු සහිත අත්ලාන්තික් සාගරයේ යාත්රා කිරීමට තරම් නිර්භය වීමයි. මහා වරායක සිට තවත් වරායක් දක්වා දින කීපයකින් මහා සමුද්රය තරණය කිරීමට වර්තමානයේ පිළිවන් වුව ද එකල මිනිසුන්ට එසේ කළ නොහැකි විය. නිතරම මුහුදු වෙරළ ආශ්රිතව යාත්රා කරමින් සෑම කුඩා තොටුපළක ම පාහේ නතර වෙමින් තම දීර්ඝ ගමන නිම කිරීමට ඔවුන්ට සිදු විය.

මේ අරුම පුදුම ගල්වැටි සම්බන්ධයෙන් වූ එක්තරා කතා පුවතක් මෙසේය. ෆීනියස් නැමැති සිතියානු රජ කෙනෙක් ස්වකීය රාජ්යයෙන් පහ කරනු ලැබූහ. හේ තම පිරිවරත් සමග මිසරයට ගියේය. එහිදී ද හේ පිටමං කරනු ලැබීය. සුළඟ හැමූ හැටියට එක් මුහුදු තොටෙන් තවත් මුහුදු තොටකට ආකාරයට යමින් උතුරු අප්රිකාවේ මධ්යධරණීය වෙරළාසන්න ප්රදේශ වලත් සංචාරය කොට අවසානයේ ස්පාඤ්ඤයට සේන්දු විය. එහි පදිංචි වූ හෙතෙම අතිශයින් සමෘද්ධියට පැමිණියේය. ඔහු වෙතින් පූජනීය ස්මාරක රාශියක්ම එහි පිහිටුවන ලදී.

ඔවුන්ට අයර්ලන්තය ගැන අසන්නට ලැබුණේ එහිදීය. එය රත්රන් වලින් ආඪ්ය වූ ආශ්චර්යවත් රටක් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. මේ ප්රියංකර රටේ වෙරළ කවදා දැකගන්නට ලැබේ දැයි ඔවුහු නිතරම පාහේ සිතන්නට වන. දිනෙක ඔවූහු එරට සෙවීමේ අභිලාෂයෙන් ගමනාරම්භ කළහ. කෙසේ හෝ අයර්ලන්තය සොයා ගත් ඔවුහු කිලෝරස් කන්දට ගොස් ඔවුන්ගේ පූජනීය ගල්වැටිය පිහිටවූහ.

ඔවුන් මේ ගල්වැටි ඉතා නිවැරදි ලෙස මිනුම් කිරුම් කළ ආකාරය ගැනත්, ඒ මහා ගල් කණු නිසියාකාරව පිහිටුවාලූ වූ ආකාරය ගැනත් බොහෝ අය මවිත වූහ. ඔවුන් මෙය ඉටු කළේ කෙසේ දැයි යන්න තවමත් අභිරහසකි. එම ගල් කණු අප්රිකාවේ සිට අයර්ලන්තය දක්වා වූ යුරෝපයේ බටහිර වෙරළාසන්නය පුරාම දක්නට ලැබේ.

මේ පූජනීය ගල්කණු වල අරුම පුදුම බලය ගැනත් ඒවා මුලින් පිහිට වූ මිනිසුන් ගැනත් නොයෙක් අසිරිමත් කතා පුවත් බ්රිතාන්ය ගම්බද ජනයා අතර පවතී.

බ්රිතාන්ය ජනකතවකි

ජයන්ත විමලසේන මහතාගේ ජගත් ජනකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී.

මීට පෙර පළ කළ ජනකතා :

1. එකට එක - https://elakiri.com/threads/ජගත්-ජනකතා-එකට-එක.2072825/

2. මැජික් පාත්තරේ - https://elakiri.com/threads/ජගත්-ජනකතා-මැජික්-පාත්තරේ.2073306/

[QUOTE="siri_ayya, post: 28208651, member: 579930"] ඉතා ඈත කාලයෙහි බ්රිතාන්යයේ රජ කෙනෙක් මහා යුද්ධයකින් ශ්රේෂ්ඨ ජයග්රහණයක් කළහ. එහෙත් යුද්ධයෙන් පසුව ඒ සම්බන්ධයෙන් ප්රීති උත්සව පවත්වනු වෙනුවට ශෝක වීමට ඔහුට සිදුවිය; සටන්වලදී බෙහෙවින් උපකාර වූ බොහෝ රදළවරුන්ගේ සහ කුමාරවරුන්ගේ ජීවිත හානි වූ බැවිනි. ඔවුන්ගේ මළ සිරුරු වසා සිටි නිල් තණ පිට්ටනිය දුටු හැම විට ම මේ රජතුමාට කල්පනා වූයේ ස්වකීය රට වෙනුවෙන් දිවිපිදූ තම මිත්ර රණශූරයන් සදහටම සිහිපත් වන අයුරු ශ්රේෂ්ඨ ස්මාරකයක් පිහිටුවන්නේ කෙසේද යන්නයි. මේ සඳහා ගල් කැටයම් ලී කැටයම් ආදිය විෂයෙහි නිපුණ වූ ප්රකට කලා ශිල්පීන් හැම දෙනෙකුම කැඳවා එම වීරයන් වෙනුවෙන් පිහිටුවීමට අදහස් කොට ඇති ස්මාරකය සඳහා පෙර නොවූ විරු නිර්මාණ ඉදිරිපත් කරන ලෙස හේ කියා සිටියේය. කලා ශිල්පීහු හැමදෙනම රජතුමාගේ විස්තරය අසා අධෛර්යයට පැමිණ ඔවුන්ගේ මුහුණු දෙස බලන්නට විය. ඒ කාර්යය රජතුමා තෘප්තිමත් වන පරිදි ඉටු කිරීමට තමන්ට නො පිළිවන් බව හැම කෙනෙක්ම සැළ කළහ. ඉක්බිති රජතුමාගේ මිත්රයෙක් පැමිණ රජතුමාට මෙසේ සැළ කළ සිටියේය. "දේවයන් වහන්ස මේ වැඩේ කරන්න ඉන්න එකම තැනැත්තා මර්ලින් පූජකවරයා. ඔබ වහන්සේගේ රාජ්යයේ ඒ තරම් දක්ෂ සියුම් ඥානයකින් යුක්ත කෙනෙක් වෙන ඇත්තෙම නැහැ. එතුමන්ගේ මොලේ යොදවලා කොහොම හරි මේ වැඩේ ඉටු කර දේවි. ඒ නිසා එය එතුමාට භාර දෙනු මැනවි" රජතුමා විසින් මර්ලින් පූජකවරයා කැඳවන ලදී. රජුගේ විස්තරය ඇසූ ඥානවන්ත මර්ලින් පූජකවරයා, මෙහි වීරවරයන් වෙනුවෙන් මහේශාක්ය ස්මාරකයක් අවශ්ය නම් අයර්ලන්තයේ කිලෝරස් කන්දේ "යෝධ නැටුම" ගෙන්වා ගත යුතු යැයි පැවසීය. "යෝධ නැටුම" යනු කුමක්දැයි හේ රජතුමාට විස්තර කළේය. එය විශාල රවුමක් සේ පිහිටි අති විශාල ගල් කණු වලින් තැනූ ගල් වැටියකි. එහි ගල් කණු කෙතරම් විශාලද යතහොත් කෙතරම් ශක්තිය තිබුණද උපාය ඥානය නොමැති නම් කිසිවෙකුට ඒවා එසවීමට තබා ඒ ගැන සිතීමටත් නොහැකිය. එම ගල්වැටිය අයර්ලන්තයේ තිබෙන අයුරින් ම මෙම සොහොනෙහි පිහිටුව හොත් බ්රිතාන්යය තිබෙන ඉතාම මහානුභාවසම්පන්න ස්මාරකය වනු නොඅනුමාන යයි මර්ලින් පූජකවරයා පැවසීය. මේ ඇසූ රජතුමා සිනාසෙන්නට විය. බ්රිතාන්යයේ අපමණ ගල් තිබෙද්දී පිටරටකින් ගල් උසුලා ගෙන ඒම විහිළුවක් නොවේ දැයි ඇසීය. එවිට මර්ලින් පූජකවරයා රජු සිනාසෙන්නේ කරුණු නොදැන බවත්, ඒවා කෙසේ හෝ ගෙන්වාගත යුතු බවත් පවසා ගල්වැටි සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කරන්නට විය. ඇත අතීතයේ දී එම ගල් අප්රිකාවේ සිට උසුලාගෙන එනු ලැබ අයර්ලන්තයේ පිහිටුවන ලද්දේ යෝධයන් විසිනි. ඔවුන් ඒ සඳහා මේ තරම් කරදර වූයේ එම ගල් රෝග සුව කිරීමේ අරුම පුදුම බලයක් තිබු පූජනීය ගල් විශේෂයක් වූ නිසයි. මේ පුරාණ යෝධයන් රෝගාතුර වූ හැම විටම ඔවුන් කළේ මේ ගල් සෝදා එම ජලයෙන් ස්නානය කිරීමයි. එවිට ඔවුන්ගේ සියලු රෝග අතුරුදහන් විය. යුද්ධයකදී තුවාල වූ විටත් ඔවුන් කළේ එක්තරා පැළෑටි වර්ගයක් කොටා එහි යුෂ මේ ගල් සේදූ ජලය මිශ්ර කොට තැවරීමයි. ඒ තැවරූ සැණින් තුවාල සුව විය. මේ විස්තරය ඇසූ කල්හි වහාම රෝග සුව කරන ගල් කණු ගෙවා තම රාජ්යයෙහි පිහිටුවා ගැනීමට රජු සහ බ්රිතාන්ය වැසියන් තුළ තදබල ආශාවක් ඇතිවිය. රජුගේ සහෝදර කුමාරයා විශාල හමුදාවක් රැස් කර ගත්තේය. එම යෝධ ගල් කණු උපුලා ගෙන ඒමට මර්ලින් පූජකවරයාගේ උපාය ඥානයෙන් ප්රයෝජන ගනු වස් ඔහුව ද කැටිව යාමට කැමති කරවා ගත්තේය. අයර්ලන්තයේ දෙසට මද සුළඟක් හමා ගියේය. එම සුළඟත් සමඟ බ්රිතාන්ය නැව අයර්ලන්ත වෙරළට සේන්දු විය. අයර්ලන්තයේ රජතුමාට මේ බව සැල වූයෙන් හේ ද හමුදාවක් රැගෙන පැමිණියේය. යෝධ නැටුමෙන් එකද ගල්කණුවක් රැගෙන යාමට බ්රිතාන්යයන්ට ඉඩ නොතබමි යි ඔහු තරයේ අධිෂ්ඨාන කරගත්තේය. හමුදාවන් දෙක අතර බිහිසුණු සටනක් ඇතිවිය. එහෙත් අන්තිමේදී අයර්ලන්ත වාසීහු පරාජයට පත් වූහ. බ්රිතාන්යයන් යුහු යුහුව කිලෝරස් කන්ද දෙසට ගමන් ගත්හ. මර්ලින් පූජකවරයා කී අයුරින් ම යෝධ නැටුම මහේශාක්ය ලීලාවෙන් රඟ දැක්වීමෙන් තිබුණු සැටි එහිදී ඔවුන්ට දක්නට ලැබිණි. ඔවුහු ගල් ගැසුනාක් මෙන් ඒ දෙස බලා සිටියහ. එවිට මර්ලින් පූජකවරයා කතා කොට "මිත්රවරුනි, හා ඉතින් මේ ගල් කනු උස්සන්න බලමු. එතකොට අපිට දැනගන්න පුලුවන් ශරීර ශක්තියද උපාය ඥානයද හොඳ කියලා" යැයි කීවේය. එවිට ඔව්හු ගල්කණු ඉසිලීමට හැකි හැම වැර වෑයමක් ම දැරූහ. ඇතැමෙක් කඹ වලින් අදින්නට මහන්සි ගත්හ. ඇතැමෙක් ඉණිමං වලට නැග ගල්කණු පෙරළා තල්ලු කිරීමට තැත් කළහ. මෙසේ ඔවුන් විසින් කෙතරම් උත්සහ කළද එක ද ගලක් අඟල කුදු එසවීමට ඔවුන්ට නොහැකි විය. පූජකවරයා ඔවුන් වෙත සිනාසී තම උපායඥානය මෙහෙයවා ගුප්ත උපක්රම මගින් සැහැල්ලු ලී කොටයක් උස වන්නාක් මෙන් ඒ මහා ගල් කණු ඔසවන්නට විය. පසෙක ට වී බලා සිටි පිරිස මවිතයට පත්වූහ. ඔවුන්ට තමන්ගේ ඇස් අදහාගත නොහැකි තරම් විය. ඉන්පසු පූජකවරයා මිනිසුන්ට කතා කොට නිසි උපදෙස් දී එම ගල් කණු ඔසවාගෙන යන ලෙස අණ කළේය. එංගලන්තයේ දෙසට හමා ගිය සුමුදු සුලඟේ ආධාරයෙන් ඔහු ආපසු සිය රට බලා යාත්රා කළහ. මර්ලින් පූජකවරයාගේ උපදෙස් අනුව ගල්කණු සියල්ල වීරවරුන්ගේ සොහොන වෙත ඔසවා ගෙන යන ලදී. මර්ලින් පූජකවරයා අයර්ලන්තයේ තිබුණු අයුරින්ම රවුමට සිටිනසේ ගල්කණු පිහිටුවා උපාය කෞශල්ය ශරීර ශක්තියට වඩා අගනා බව රජතුමාටත් මහජනයාටත් ප්රදර්ශනය කළේය. මේ ගල්වැටිය එම ස්ථානයේ අද ද දක්නට ලැබේ. ;) [ATTACH type="full" alt="1664364091955.png"]185433[/ATTACH] මර්ලින් පූජකවරයාගේ කාලයට අවුරුදු සිය ගණනක් ඉහත වාසය කළා වූ කිලෝරස් කන්දේ මෙම ගල් වැටි පිහිටවූ මේ යෝදයෝ අරුම පුදුම පුද්ගලයෝ වූහ. ඉතා ඈත යුගයක ජීවත් වූ මේ මිනිස්සු ලීයෙන් සහ කලින් අවි ආයුධ තනා ගැනීම විනා ලෝහ භාවිතය නොදැන සිටියද විල් වාසීන් (ඉදිරි කතාවකින් විල් වාසීන් පිළිබඳ දැනගත හැකි වනු ඇත.) මෙන් බෝට්ටු තනා ගැනීමෙහි දක්ෂයෝ වූහ. ඉතාම පුදුම ඵලවන සුළු කාරණය වන්නේ ඔවුන් තැනූ ඒ චාම් බෝට්ටුවලින් සූර්යයාගේත් තරු ලකුණුවලත් මගපෙන්වීම හැරුණු විට අන් කිසිදු මඟ පෙන්වීමක් නොමැතිව අප්රිකාවේ සිට අයර්ලන්තය දක්වා තදබල කුණාටු සහිත අත්ලාන්තික් සාගරයේ යාත්රා කිරීමට තරම් නිර්භය වීමයි. මහා වරායක සිට තවත් වරායක් දක්වා දින කීපයකින් මහා සමුද්රය තරණය කිරීමට වර්තමානයේ පිළිවන් වුව ද එකල මිනිසුන්ට එසේ කළ නොහැකි විය. නිතරම මුහුදු වෙරළ ආශ්රිතව යාත්රා කරමින් සෑම කුඩා තොටුපළක ම පාහේ නතර වෙමින් තම දීර්ඝ ගමන නිම කිරීමට ඔවුන්ට සිදු විය. මේ අරුම පුදුම ගල්වැටි සම්බන්ධයෙන් වූ එක්තරා කතා පුවතක් මෙසේය. ෆීනියස් නැමැති සිතියානු රජ කෙනෙක් ස්වකීය රාජ්යයෙන් පහ කරනු ලැබූහ. හේ තම පිරිවරත් සමග මිසරයට ගියේය. එහිදී ද හේ පිටමං කරනු ලැබීය. සුළඟ හැමූ හැටියට එක් මුහුදු තොටෙන් තවත් මුහුදු තොටකට ආකාරයට යමින් උතුරු අප්රිකාවේ මධ්යධරණීය වෙරළාසන්න ප්රදේශ වලත් සංචාරය කොට අවසානයේ ස්පාඤ්ඤයට සේන්දු විය. එහි පදිංචි වූ හෙතෙම අතිශයින් සමෘද්ධියට පැමිණියේය. ඔහු වෙතින් පූජනීය ස්මාරක රාශියක්ම එහි පිහිටුවන ලදී. ඔවුන්ට අයර්ලන්තය ගැන අසන්නට ලැබුණේ එහිදීය. එය රත්රන් වලින් ආඪ්ය වූ ආශ්චර්යවත් රටක් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. මේ ප්රියංකර රටේ වෙරළ කවදා දැකගන්නට ලැබේ දැයි ඔවුහු නිතරම පාහේ සිතන්නට වන. දිනෙක ඔවූහු එරට සෙවීමේ අභිලාෂයෙන් ගමනාරම්භ කළහ. කෙසේ හෝ අයර්ලන්තය සොයා ගත් ඔවුහු කිලෝරස් කන්දට ගොස් ඔවුන්ගේ පූජනීය ගල්වැටිය පිහිටවූහ. ඔවුන් මේ ගල්වැටි ඉතා නිවැරදි ලෙස මිනුම් කිරුම් කළ ආකාරය ගැනත්, ඒ මහා ගල් කණු නිසියාකාරව පිහිටුවාලූ වූ ආකාරය ගැනත් බොහෝ අය මවිත වූහ. ඔවුන් මෙය ඉටු කළේ කෙසේ දැයි යන්න තවමත් අභිරහසකි. එම ගල් කණු අප්රිකාවේ සිට අයර්ලන්තය දක්වා වූ යුරෝපයේ බටහිර වෙරළාසන්නය පුරාම දක්නට ලැබේ. මේ පූජනීය ගල්කණු වල අරුම පුදුම බලය ගැනත් ඒවා මුලින් පිහිට වූ මිනිසුන් ගැනත් නොයෙක් අසිරිමත් කතා පුවත් බ්රිතාන්ය ගම්බද ජනයා අතර පවතී. [HR][/HR] බ්රිතාන්ය ජනකතවකි :) ජයන්ත විමලසේන මහතාගේ ජගත් ජනකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී. [HR][/HR] මීට පෙර පළ කළ ජනකතා : 1. එකට එක - [URL]https://elakiri.com/threads/%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A.2072825/[/URL] 2. මැජික් පාත්තරේ - [URL]https://elakiri.com/threads/%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A.2073306/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom