සිංහරාජය සහ ලංකාගම
මේ දිනවල මාතෘකාව
කැලේ මැදින් පාරක් කපනවා.
කොහේ යන්නද?
ලංකාගමට
සියවස් ගණනක් සිදාදියෙන් ඈත්ව ජීවත්වුණු මිනිසුන් ඉන්න සුන්දර ගමක්. එදිනෙදා අවශ්‍ය සියලුම දේ ගමෙන්ම හදාගෙන ජීවත්වුණ අය හිටියේ.
දැන් මොකද පාරක්?
ගමට අලුතෙන් එකතුවුන අය, ගුරුවරු පාසලට ආපු, ගමට යන්න එන්න හිටිය වෙනත් අය මෙන්න මේ අය තමයි අලුතෙන් පාර ඉල්ලන්නේ. සමහරවිට දැනට අවුරුදු 30ක් විතර ඉඳල මේ අය එකතුවෙන්න ඇති.
කැලේ හොටෙල් හදාපු අයට
හැබැයි පාරම්පරිකව ගමේ හිටපු අය මේවා ඉල්ලන්නේ නැහැ.
එයාල ගමෙන්ම යැපෙන අය.
ගමෙන්ම ජීවත්වුණ
ඇත්තටම කැලේ රැකපු අය
පාරක් ආවම හොදයි නේ?
ඔව් හොදයි!
ගමට තවත් ලේසියෙන් තව පිරිසකට එන්න පුළුවන්.
ගම ලොකු වෙනවා
අලුත් කඩ එනවා
පාර දෙපැත්තේ පොඩි කඩ එනවා
බලන්න එන මුදලාලිලා අලුත් ගස් දකිනවා
ගස් ලකුණු කරගෙන අලුතෙන් හොරෙන් කපන්න ගන්නවා
මෙන්න මෙහෙමයි කැලේ එළිවෙන්නේ