මුක්කරු ගැන කතා දෙකක් අහල තියෙනවා මම..
01. සමන් දේවාලය ගාව ගඟේ මැණික් ඔරුවක් තිබිල හම්බවෙලා තිබුණා මීට ටිික කාලෙකට කලින්.. ඔරුවක් පිරෙන්න මැණික් ලු.. ආමි එකෙන්, STF එකෙන් එහෙම දාලා හිටියලු ඒ දවල් වල ගඟේ ආරක්ෂාවට.. ඒක ඔය කියන විදියට මුක්කරු ඔරුවක් වෙන්න පුළුවනි.
02. මීට මාස 06කට විතර කලින් රක්වානෙ (මතක විදියට බදුවත්ත හෝ ගලහිටිය කියන ප්‍රදේශයේ - නම හරියටම මතක නෑ) මුක්කරු සොහොනක් හමුවෙලා තිබුණා.. මුක්කරු සොහොන් කියන්නෙ මේ මුක්කරුවන් ලංකාවෙ ඉන්නකොට ඉන් එක්කෙනෙක් මැරුනොත් ඉතුරු අය ලංකාවෙන් යන්න ලෑස්ති වෙලා ආපු අයගෙ ගාණට මැණික් ගොඩවල් බෙදලා, අර මැරුණු කෙනාගෙ පංගුව සොහොනකට දාලා යනවලු.. මම කියපු කතාවෙ සමහර මැණික් මුදලාලිලා මැණික් අරන් ගියා කියල කියන්නෙ හාල් දාලා තියෙන (කිලෝ 05, 10 වගේ) කවර වලට ලු.. මේ මැණික් ගරපු පතල් වලේ ආයිමත් ඒ රොන්මඩ ගරලා රුපියල් ලක්‍ෂ විස්සට වැඩිය මැණික් හෙව්වලු පස්සෙ ගරපු කට්ටියක්..
තියනවා බං ඩරාස් එකේ බලපන් දැනුත් දාලා තියනවා.. ඩිටෙක්ට් වෙනවද නැද්ද කියලනම් දන්නේ නෑ
මචං.. මමත් රත්නපුරේ.. ඔය කියන විදියට මැෂින් තියෙනව නම් මෙහෙ ඉන්න විනිල් මැණික්, තිස්ස අප්පො වගේ නම් දරාපු මැණික් මුදලාලිලා නිකම්ම ඉඳියි.. ඇත්තටම මමත් ජොබ් එකෙන් අයින් වෙලා මගේ වකුගඩු විකුණලා හරි සල්ලි හොයාගෙන ඒ මැෂින් එකක් අරන් මැණික් හොයනවා.. ඔවුව බොරු බං.. අනිත් එක ලංකාවෙ නෙවෙයි, ලෝකෙ කොහේ හරි එහෙම මැෂින් එකක් හොයාගෙන තිබුණොත් අපේ රජ පවුල නිකං ඉඳියි කියල ඔයා හිතනවද??