ජනක කර්මය
මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට
උපදවන්නා වූ කුශලාකුශල කර්මය "ජනක කර්මය" නම් වේ.
තවත් ක්‍රමයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍රතිසන්ධිය ගෙන දෙන්නා වූ
කර්මය ජනක කර්ම නම් වේ.
අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති.
දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට
නො පැමිණෙති.
ප්‍රතිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.
සුගති දුර්ගතීන්ට පැමිණවීමේ
ශක්තිය ඇති බොහෝ "ජනක කර්ම"
එක් පුද්ගලයකුට ඇත්තේ ය.
එයින් එක් වරකට විපාක දෙන්නේ
එක් "ජනක" කර්මයෙකි.
"ජනක" කර්ම බොහෝ ගණනකට
එකවර විපාක දීමට අවකාශයක් නැත.
සත්ත්වයකු එක් එක් භවයක ජීවත්
වන කාලය එක් ජනක කර්මයක විපාකය
ලබමින් සිටින කාලය ය.
මරණයට පැමිණීමෙන් ඒ භවය
කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ.
මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ
ජනක කර්මයකින් සත්ත්වයා නැවත
සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.
(රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ)
මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට
උපදවන්නා වූ කුශලාකුශල කර්මය "ජනක කර්මය" නම් වේ.
කර්මය ජනක කර්ම නම් වේ.
දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට
නො පැමිණෙති.
ශක්තිය ඇති බොහෝ "ජනක කර්ම"
එක් පුද්ගලයකුට ඇත්තේ ය.
එක් "ජනක" කර්මයෙකි.
එකවර විපාක දීමට අවකාශයක් නැත.
වන කාලය එක් ජනක කර්මයක විපාකය
ලබමින් සිටින කාලය ය.
කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ.
ජනක කර්මයකින් සත්ත්වයා නැවත
සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.
(රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ)