ජනතාවගේ දේ සොරා නොකෑ කළුතර පාලිත

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    palitha-thewarapperuma-memory

    වයස අවුරුදු 64ක් ආයු වළඳා හදිසියේම මියගිය කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අපූරු චරිතයක් ලෙස ප්‍රකටය. ඔහු හා හා පුරා කියා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2010 වසරේදීය. 2002 වසරේ සිය දේශපාලන දිවිය අරඹන පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා මුලින්ම 2002 වසරේදී එ.ජා.පයෙන් තරග කොට පිවිසෙන්නේ මතුගම ප්‍රාදේශීය සභාවටය.

    කෙසේ හෝ 2015 වසරේදී ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයකින් ද පිදුම් ලබන්නේ කළුතර දිස්ත්‍රික්කය තුළ වැඩිම මනාප ප්‍රතිශතයක් ලැබූ පින නිසාමය. එහෙත් 2020 වසරේ එක්සත් ජාතික පක්‍ෂය ලබන දැවැන්ත පරාජය ඉදිරියේ ඔහුට ද පාර්ලිමේන්තු වරම් අහිමි වන්නේය. මේ සිදුවීමෙන් පසු ඔහු සක්‍රිය දේශපාලනයෙන් මඳක් ඈත් වී සිටින්නේ කලකිරීමෙන් යුතුවය.

    දේශපාලනය හා දේශපාලනඥයන් පිළිබඳව අප්‍රසාදයක් ඇති වුවත් පාලිත මන්ත්‍රීවරයා කිසිදු අවස්ථාවක ජනතාවගෙන් ඈත් නොවීය.

    ඔහු අතිශයින්ම ජනතාවට ප්‍රිය කළ ජනතාවගේ පිලේ සිටගත් අපූරු චරිතයකි. එමෙන්ම ජනතාව වෙනුවෙන් අරගල කළ නායකයෙකි. මේ නිසාම ඔහුට බන්ධනාගාරගත වී සිටින්නට ද සිදු විය.

    2016 වසරේදී ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබල කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුවය. ඔහු මේ කලබලය ඇති කරගත්තේ විද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වූ අවස්ථාවේදීය. ඔහු එම ඉල්ලීම ඉටු කර ගැනීමට නොහැකි වූ තැන ගෙල වැලලාගෙන මියයන්නට ද උත්සාහ ගත්තේය. ඔහු එහිදී කීවේ දරුවන්ට සිදුවන අසාධාරණය තමන්ට ඉවසා දරා ගැනීමට නොහැකි බවය.2020 වසරේදී කොවිඩ් ආසාදිතයන් හා එම උවදුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් ඔහු කළ සේවය ගැන අදටත් කතාබහට ලක්වී ඇත.

    "මේ නිරෝධායන නීති අස්සේ අම්මලා තාත්තලා දරුවෝ නොකා නොබී මැරෙනවා. මට මේක බලා ඉත්ත බැහැ. මම මගේ ජනතාවට කන්න දෙනවා" ඔහු එසේ කියමින් ලොරියක පටවා ගත් වියළි ආහාර හා උයා පිහාගත් ආහාර රැගෙන ගොස් බෙදා දුන්නේ පුදුමාකාර කැපවීමකිනි.එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර මලු ඔහු නිතරම වාගේ රැගෙන ගොස් බෙදා දුන්නේය.

    තවත් විටෙක මහා ගංවතුරකට මුහුණ දී අසරණව සිටි ජනතාවට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයා කෑම බීම රැගෙන ගොස් දුන්නේ බෝට්ටුවක ආධාරයෙනි. ඔහු එවැනි සමාජශීලී සේවාවන් කළේ හදවතින්මය. ඔහුගේ සමාජශීලී දිවි පෙවෙත කළුතරට පමණක් සීමා නොවීය. 2022 වසරේ ඔහු අනුරාධපුරයේ සිට කළුතර බලා එද්දී කළ එක්තරා සේවාවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ එදා කතාබහට ලක් විය. ඒ කුඩා දරුවන් සමඟ මහ පාරේ නැවතී තිබුණු ත්‍රිරෝද රථයකට ඔහු කළ උදව්වය. මේ ත්‍රිරෝද රථය නැවතී තිබුණේ පෙට්‍රල් නැතිවය. ඔහු ඒ බව දැනගත් වහාම කළේ තම වාහනයේ තිබුණු කේබලයක් ආධාරයෙන් එම රථය ගමන් කළ යුතු ස්ථානය දක්වාම රැගෙන ගිය එකය.

    නොදැක්කා සේ අහක බලාගෙන යන මිනිසුන් බහුලව වෙසෙන කලෙක ඔහු මේ යුතුකම කළේ හිතට එකඟවය. රටේ ජනතාවගේ කුසගින්න පිළිබඳව
    නිරන්තරයෙන්ම බෙරිහන් දුන් මේ හිටපු මන්ත්‍රිවරයා බොහෝ අවස්ථා වලදී තම වාහනයේ වියළි ආහාර බඩු මලු දමා ගෙන ඒවා කරමතට ගෙන නිවෙස්වලට ගොඩවී කුසගිනි නිවා ගන්නා ලෙස කියා පරිත්‍යාග කළේ කාගේවත් කීමට හෝ ලකුණු දමා ගැනීමට නොව, එය මානුෂික ගුණාංගයක් යැයි කියමිනි.

    " මට මිනිස්සුන්ගේ දේ ගන්න ලැජ්ජයිං මම රටට ණය නැති දේශපාලනඥයෙක් ඔහු හැම විටම මෙසේ කීවේ ජනතාවට යමක් දිය යුතු බව කියන්නටය. ජනතාව සතු දේ සැහැසි ලෙස ලබාගන්නා අයට දොස් පවරමිනි. ඔහු මේ බව වරක් ප්‍රසිද්ධියේ කීවේ අතුරු මාර්ගයකට තාර දැමීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පළාත් දේශපාලනඥයකුගේ ක්‍රියා පිළිවෙත දැඩි ලෙස විවේචනය කරමිනි. "මේ බලන්න මේ දේශපාලන හෙන්චයියෙක් ටෙන්ඩර් අරගෙන පාරට දාලා තියෙන තාර. මේවා කිසිම ගුණාත්මක භාවයක් නැහැ. මේවා වංචා සහගත වැඩ. මේ තාර දාලා තියෙන විදිහ හොඳ නැහැ. අතින් අල්ලලා මේ තාර ගලවන්න පුළුවත් මේ බලන්න.

    " පාලිත තෙවරප්පෙරුම මහතා එසේ කීවේ ජනමාධ්‍ය ඉදිරියේය. සැබෑවටම හොරුන්ට, වංචනිකයන්ට ඔහුගෙන් කිසිදු සමාවක් තිබුණේ නැත. තවත් අවස්ථාවකදී ඔහු තම පළාතේ කුඩාවට තේ වගාවේ නිරත ජනතාව වෙනුවෙන් කෑකෝ ගැසුවේ ඔවුන්ට පොහොර නැතිකම ගැන පවතින රජයට දොස් පවරමිනි. ඔහු මේ තොරතුරු
    සොයා යන්නේ තමන්ගේම වාහනයෙනි. එමෙන්ම කිසිදු බලයක් නොතිබුණු අවස්ථාවලදීය.

    2021 වර්ෂයේදී ඔහු සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වී සිටි කාලයේදී ද අපූරු ආදර්ශයක් ලබා දුන්නේය. ඒ තමන්ට රජයෙන් ලැබුණු ලක්‍ෂ 280 ක් වටිනා ඩිස්කවරි රථයේ මුදල් කලාකරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන ලෙස ඉල්ලමිනි. ඔහු කලාකරුවන්ට ද දැඩි ලෙස ආදරය කළ පුද්ගලයෙකි. තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා ධනපති පක්‍ෂයක කොටස්කරුවකු වුවද ඔහු නිරන්තරයෙන්ම හැසිරුණේ, අරගල කළේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙනි. කොවිඩ් සමයේදී ඔහු නිරෝධායනය වී සිටින ජනතාව අතරට ගියේ පොලිසියේ දැඩි බාධා කිරීම් හමුවේය. ඔහු නිවැරදි දේ කිරීමට බිය නැති චරිතයකි. කිසිවකුට යටත් නොවන චරිතයකි.






    පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔහු තමන්ගේ මරණය වෙනුවෙන් කළ සංවිධානාත්මක වැඩසටහන ගැනද මෙහිදී සඳහන් කළ යුතුමය. ඔහු තම ගෙවත්තේ තමන්ගේම සොහොන ඉදි කළේය. ඒ තම මියගිය පුතා මිහිදන් කළ ස්ථානයේමය. එම ස්ථානයේ කවදා හෝ තමන්ගේ දේහය වළ දමන ලෙස දන්වා සිටි පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා ඒ මරණය එකය.වෙනුවෙන් බාල පෙට්ටියක් හා කුලීකරුවන් හතර දෙනකු ද සූදානම් කර තිබුණේ ඊට වැය වන මුදල් පවා ගෙවා දමාය.

    "මට ලොකු පෙට්ටි එපා. ඒ ලක්ෂ ගණන් වැය වන මුදල දරුවන්ට දෙනවා. නැති බැරි දරුවන්ට කන්න දෙනවා.

    මොනවටද ඔය ලක්ෂ ගණන් වටින පෙට්ටි" ඔහු නිතරම වාගේ කීවේය.

    මෙසේ කියූ ඔහු තමා මියගිය දිනෙක ගායනා කළ යුතු ගීතයක් පිළිබඳව ද මතක් කළේය. ඒ ගීතයේ ඇති විශේෂිතම කොටස මෙසේය.

    වත්තෙ වැව ළඟ නිසල නිවහන
    මමම හැදුවා පොඩි පුතේ
    මගේ තනියට ලොකු පුතා ඇති

    සොයා ගන්නම් හෙට උදේ
    සොබාදහමට අවනතයි මං
    ඉතින් යන්නම් ගොම්මනේ
    යන ගමන් අර බෙහෙත්
    තුණ්ඩුව ගිහින් දීපන් අම්මගේ

    කෙටි කලකට පෙර මියගිය තම පුතා වෙනුවෙන් නිරන්තරයෙන්ම කඳුළු වැගිරූ මේ තාත්තා එසේ ලියා දුන්නේ රෝගීව සිටින තම බිරිඳ ගැන ද මතක් කරමිනි.පාලිත තෙවරප්පෙරුම වත්මන් දේශපාලන අධමයන්ට මහඟු ආදර්ශයකි. ඒ ඔහු තුළ තිබූ අවංකත්වය නිසාය. නැති බැරි මිනිස්සුන්ගේ දුක හඳුනාගෙන කටයුතු කළ නිසාය, ජනතාවගේ දේ සොරා නොකෑ නිසාය.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොද සමාජ සේවකයෙක්, පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට හොදයි. ඒත් රටේ ප්‍රතිපත්තිමය තීරන ගන්න පාර්ලිමේන්තුව වගේ තැනකට ගැලපෙන්නෙ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හොද සමාජ සේවකයෙක්, පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට හොදයි. ඒත් රටේ ප්‍රතිපත්තිමය තීරන ගන්න පාර්ලිමේන්තුව වගේ තැනකට ගැලපෙන්නෙ නෑ.

    ethakota thissa betta, sanath nisantha, gothabaya, miris kudu wage minissu රටේ ප්‍රතිපත්තිමය තීරන ගන්න hoda minissuda??
     
    • Haha
    Reactions: mr.h0ydr0

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    uba nodana katha mama danawa.....white wage ma black dewal thiyanawa....But overall good person
    ඕකා ගංවතුර කාලෙදි බැකෝ එකක් අරන් ගිහින් මෝය කට ලොකුකරා වතුර ඉක්මනට බහින්න කියලා, අන්තිමට මුහුදු වතුර උඩහට ගහලා ගගේ වතුර මාස ගානකට බොන්න බැරිව ගියා එහෙ උන්ට. ඒවගේ බූරු වැඩ කරන උන් පාර්ලිමේන්තුවට හරියයිද බන්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Deputy Minister of Sustainable Development, Wildlife and Regional Development

    meka karaddi hariyata job eka karada??????????????????

    lankawe inna harak eka eka unta wandina

    goda emak naha
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    ඕකා ගංවතුර කාලෙදි බැකෝ එකක් අරන් ගිහින් මෝය කට ලොකුකරා වතුර ඉක්මනට බහින්න කියලා, අන්තිමට මුහුදු වතුර උඩහට ගහලා ගගේ වතුර මාස ගානකට බොන්න බැරිව ගියා එහෙ උන්ට. ඒවගේ බූරු වැඩ කරන උන් පාර්ලිමේන්තුවට හරියයිද බන්.
    බොරු දාන්න එපා බන් මෝය කැපුවේ හෝටලේකින් එක යටවෙන එක නවත්තගන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,803
    113
    බොරු දාන්න එපා බන් මෝය කැපුවේ හෝටලේකින් එක යටවෙන එක නවත්තගන්න
    කළුතර මෝයට හෝටල් වලට අත තියන්න බැහැ. ඕක කපන්නේ ආණ්ඩුව. අනික කෙල වුනේ මෝය කට නොකපා වැලිපරේ කැලීඩෝ එකෙන් කපලා.
     
    • Like
    Reactions: DadayamBatta

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    බොරු දාන්න එපා බන් මෝය කැපුවේ හෝටලේකින් එක යටවෙන එක නවත්තගන්න
    Na mama e kala kalutara wada kara....habai u vitharak newa...AG , Rohitha putha oya set eka godak oka heethiya.....thawa darak sides thiyaawna.......mama Man ekka parliment gehen thiyanawa ekama vehicale eka....kala bela thiyanawa...hoda mansuaya but dark side thiyanawa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    කළුතර මෝයට හෝටල් වලට අත තියන්න බැහැ. ඕක කපන්නේ ආණ්ඩුව. අනික කෙල වුනේ මෝය කට නොකපා වැලිපරේ කැලීඩෝ එකෙන් කපලා.
    හෝටල් වලින් කපුවා කියල නෙමයි මම කිව්වේ, කැපුවේ ආණ්ඩුවෙන් මුලික හේතුව හෝටලයක් ගං වතුරෙන් යටවෙන එක නවත්තගන්න