ජනතාවට වැක්සීන් වෙනුවට බැටන් පාරවල් දෙන රටක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (01) පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබුණි.ඒ අනුව ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් එන්නත්කරණ කටයුතුවලට බාධා එල්ල විය.

    එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවීමට සිදුවිය.

    ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරුද දැකගත හැකිවිය.

    එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 - 30 අතර කාණ්ඩයේ අය සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතව තිබුණි.

    නමුත් නොවළැක්විය හැකි හේතුවක් නිසා මෙම එන්නත්කරණ වැඩසටහන අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.
    ඒ හේතුවෙන් එන්නත ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්වුණි.