ජනතාවනි හොරු අල්ලන්න අපට තොරතුරු දෙන්න..- වසන්ත

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    රට තුළ පසුගිය රජයන් යටතේ සිදුකර ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් දූෂණ විරෝධී හඬ සංවිධානයට ලබාදෙන ලෙස එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය හොරු සමග ඔට්ටු සෙල්ලම් නොකරන බවද ඔහු පවසයි.


    අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස 23 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී 24 වැනිදා කුඩාම කැබිනට් මණ්ඩලය පත්කර මූල්‍ය අක්‍රමිකතා සිදුකළ පිරිස්වලට එරෙහිව ජනතාව බලාපොරොත්තු වූ පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙන බවත් සමරසිංහ මහතා පැවසීය.

    නව රජයට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාව ලබාදෙන තොරතුරු ද ඉතා වැදගත් බවත් එම තොරතුරු සමග මූල්‍ය අක්‍රමිකතා සහ නීති විරෝධී වැඩ කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයන් හරහා සිදුවන ආකාරය මහජනතාවට දැකබලා ගත හැකි බවත් සමරසිංහ මහතා කීය.

    චෝදනා එල්ල වී ඇති අයම තමන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එය කඩිමුඩියේ නොව සාක්ෂි සහිතව තොරතුරු ලබාගෙන කළ යුතු නිසා ක්‍රමානුකූලව සිදුකිරීමට යම් කාලයක් ගතවන බවත් ඒ මහතා කියාසිටියේය
    .
     
    • Love
    Reactions: pathaleiretta

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    මම දෙන්නද ඔත්තුවක්.. අනුර ගාව ෆයිල් මිටියක් තිබ්බා.. එකේ මොනවහරි විස්තර ඇති..
    ඒ ටික ඉවර කරලා එන්න ඊළඟට තව හොයලා දෙන්න බැරියැ
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,721
    2,617
    113
    නිධානයක් උඩ
    IMG_1188.jpeg