ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

    1850 න් පසුව ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල දාමරිකත්වයට ලැබෙන්නේ සමාජ වටිනාකමකි. තුවක්කු අතේ තබාගත් දාමරිකයන්ට, අපරාධකරුවන්ට බයපක්ෂපාතී සමාජයක් තුල බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සම්පාදනය කරගත යුතුයි යන තැනට යොමුවුණි. ලංකාවේද වරක් එක් රාජ්‍ය නායකයෙක් ජනතාවට කියා සිටියේ “තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතුය “ යනුවෙන්ම නිසා ඇමරිකාව ගැන එතරම් පුදුමවිය යුතු නැත. රෝස් ක්‍රීක් නම් වූ සුන්දර ග්‍රාමය ඇමරිකාවේ උතුරුදිග පතල් හා කැණීම් සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රදේශයෙකි. අමදෝර්,වොල්කැනෝ ස්ප්‍රින්ග්ස් වැනි ආසන්න ප්‍රදේශ මෙන්ම රෝස් ක්‍රීක් ප්‍රසිද්ධවූයේ රන්,රිදී වැනි ලෝහ බහුලව හමුවෙන්නාවූ ප්‍රදේශයක් ලෙසින්ය. කාර්මික විප්ලවයෙන් පසු පතල් කර්මාන්තයට ලැබෙන්නාවූ ආර්ථිකමය වටිනාකම ඉහළයාම සහ ඇමරිකාව ලොව කැනීම් ක්ෂේත්‍රයේ ප්‍රබලතමයා බවට පත්වීම සමග දකුණුදිග ඇමරිකානු වෙළෙන්දන් පතල් ව්‍යාපාරිකයන් ලෙස උතුරුදිගට සේන්දුවීම ආරම්භවිය. එපමණක් නොව එම පළාත්වල ජනතාව බියවද්දමින්,බලෙන් ඉඩම් අත්පත්කරගනිමින් පතල් කර්මාන්තයේ යෙදීම නිසා එම ප්‍රදේශවල ස්වදේශිකයන් ඇතුළු පිරිසට සිදුවූයේ දැඩි භිෂණයකට මුහුණදීමටය.

    බර්තොලමියුම් ‍බොග් නැමති සාහසික පතල් ව්‍යාපාරිකයා හා ඔහුගේ දාමරික කණ්ඩායමේ ආධිපත්‍යයට නතුවූ රෝස් ක්‍රීක් ග්‍රාමයේ වැසියන් ඔහුට එරෙහිව නැගී සිටීම නිසා සමූල ඝාතනයට ලක්වේ. ඒ අතර එම්මා නම් තරුණියගේ ස්වාමි පුරුෂායාද වේ. ආගම ධර්මය පවා තඹයකට නොතකන බොග් ගමේ පල්ලියටද ගිනි තබන්නට අණ දෙන්නේ තමන්ගේ කෲරත්වයට ගමම යටකරමින්ය. ගමේ නිල ෂෙරිප්වරයා පවා බොග් ගේ සල්ලිවලට සහ ආධිපත්‍යට නතුව තිබෙන්නේ එකල සමාජය තුල දාමරිකත්වයට හිමිවූ තැන අදට වඩා ලොකු වෙනසක් නොමැති බව පෙන්වමින්ය.
    Read More http://struggle.lk/archives/384