ජනපතිගේ හිරවීම හා මැද පන්තියට දොස් කීම

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    උපුටා ගැනීම
    රාවය
    විමලනාත් වීරරත්න



    තමන් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වනවාද නැද්ද යන්න ජනතාව තීන්දු කළ යුත්තක් බව ජනාධිපතිවරයා වලපනේදී කීවේය. තමා ඉදිරිපත් විය යුතු බව මුලින් තීරණය කළේද ජනතාව බව හෙතෙම කීවේය. ජනාධිපතිවරයා ධුරයට පත්ව තවම මාස 14කි. එය ඔහු ගැන පළල් විනිශ්චයක් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් නොවුණත් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ සහ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ වැනි ආප්තෝපදේශ දන්නා ලංකාවේ ජනයාට ගෝඨාභය මහතා ගැන පැහැදිලි ගැටලූවක් මතුව තිබේ. එය මතුවී තිබෙන්නේ ඔහුගේ විපාක්ෂිකයන් තුළ නොව, ඔහු බලයට පත් කළ උග‍්‍ර පාක්ෂිකයන් තුළමය. වත්මන් ජනාධිපතිවරයාගේ කාලයේ කළ ප‍්‍රධානම ක‍්‍රියාව ඔවුන්ගේ පාර්ශ්වය දිවි හිමියෙන් නියෝජනය කරන විවිධ චෝදනාවලට ලක්වූවන් නිදොස් කොට නිදහස් කරගැනීම බව කැපී පෙනේ. ඒවා අධිකරණ තීරණ බව ජනාධිපති මීට පිළිතුරු ලෙස කීමට පුළුවන. එහෙත් ගෝඨාභය ගැන නඩු අහන්නට වාඩිවීමටත් විනිසුරන් බිය වන රටක තත්ත්වය ඛේදනීය බව කිව යුතුය. යම් තරමකට තම දේශපාලන ප‍්‍රධානීන්ගේ වැරදි ක‍්‍රියා අනුමත කරන ජනතාවත් තවමත් සිටිති. බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු නිදොස් කොට නිදහස් වූ අවස්ථාවේදී තවමත් ජනාධිපතිවරයා යනු හුදු පුද්ගලයකු නොව, පෞරුෂයක් බව දැන් තේරුම් ගත යුතුය වැනි අදහසක් ෆේස්බුක් සටහන් කාරියක ලියා තිබුණාය. ලන්ඩන් අධිකරණයත් ලංකාවේ ජනාධිපතිගේ පෞරුෂයට යටවී ඇති බව ඉන් ගම්‍යමාන වෙයි. එසේ නම් මාර්තු 23දා ජිනීවාහි පැවති ලංකාව පිළිබඳ යෝජනාවේදී බි‍්‍රතාන්‍ය යෝජනාවට පක්ෂව (ලංකාවට එරෙහිව) ඡන්දය පාවිච්චි කළේ ඇයි? එහිදී බි‍්‍රතාන්‍ය ලංකාවේ ජනාධිපතිගේ පෞරුෂයට බිය නොවූයේ ඇයි? ලංකාව වගවීමේ හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ යෝජනාවට එකඟව ක‍්‍රියා කළ යුතුය. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රටවල්හි එම අපේක්ෂාව අප ප‍්‍රතික්ෂේප කළ යුත්තක් නොවේ. ලන්ඩන් අධිකරණය ප‍්‍රියංක ප‍්‍රනාන්දු පිළිබඳ ප‍්‍රශ්නයේදී නඩු තීන්දුව ලබාදී තිබුණේ තානාපති මුක්තිය යටතේය. එහෙත් ලංකාවේදී ඕනෑම තක්කඩියෙකුට ජනාධිපතිගේ කරුණාව යටතේ නිදොස් කොට නිදහස් විය හැකිද? ප‍්‍රියංක කළේ බෙලි කපන බවට උද්ඝෝෂකයන්ට සංඥා කිරීමය. මෙරට නිදොස් කොට නිදහස් වූවන් නීල හොරු ලෙස චෝදනාවලට ලක්වූවන්ය. ඇතැම්හු මිනීමැරුම් චූදිතයෝය. වරද පිළිගෙන වරද නිවැරදි කළ අයද මේ අතර සිටිති.


    ජීවිතවලට බලපානවාද?


    මෙවැනි ප‍්‍රශ්න සාමාන්‍ය ජනයාගේ ජීවිතවලට බලපාන්නේ නැතැයි ඔවුන් සිතන්නට පුළුවන. එහෙත් ඒවා ඍජුව මෙන්ම වක‍්‍රවද බලපායි. ඇමතිවරයකු මුදල් හම්බ කරගත් විදිය ඔප්පු කොට පෙන්වීමට නොහැකි නම් එහි යම් මූල්‍ය දූෂණයක් තිබිය යුතුය. මූල්‍ය දූෂණය නිසා පහර වදින්නේ ඔවුන්ට ඡන්දය නොදුන් ජනතාවගේ බඩට පමණක් නොවේ. ඡන්දය දුන් පිරිස හැට නව ලක්ෂයක් නිසා බඬේ පාර වදින කෝටාව ලොකුය. පරිසර විනාශය නිසා පිරිසිදු වාතය හුස්ම ගැනීමේ අයිතිය අහිමිවන්නේ ගෝඨාභයට ඡන්දය නොදුන් ජනයාට පමණක් නොවේ. ඡන්දය දුන් ජනයා වැඩි නිසා ඔවුන් සිය කැමැත්තෙන් වැඩි හානියක් කරගෙන ඇත. වෙන කෙනෙකුට ඡන්දය දුන්නා නම් එසේ නොවන බව මින් අදහස් නොවේ. වෙන කෙනෙකුට දුන්නත් මීට වැඩි දෙයක් සිදු නොවේ. එම යථාර්ථයත් ජනයා අවබෝධ කොට ගත යුතුය.


    ජනයා පැවරූ වැඩ


    පළමුව ජනතාව පවරා දුන් වැඩ කොටස ඉටු කර දිය යුතු බවත්, ඉතිරිවා ගැන තමන් හිතන්නේ ඉන්පසුව බවත් ජනාධිපති වලපනේදී කියා තිබුණි. මහජන මුදල් වංචා කළ බවට චෝදනාවලට ලක්වූවන් නිදොස් කොට නිදහස් කිරීමත් ජනයා පැවරූ වැඩ කොටසක්ද යනුවෙන් ජනපතිගෙන් ඇසිය යුතුය. මිනීමැරුම් පිළිබඳ චූදිතයන් නිදහස් කළේත්, ජනතාව පැවරූ වැඩ කොටසක් ලෙස සලකාද යනුවෙන් ජනපතිගෙන් ඇසිය යුතුය. ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව ජාවාරම්කාරයන් කැලෑ කපන බවට පළමුව හඬ නැගීමට පටන් ගත්තේ ආණ්ඩු විරෝධීන් නොවේ.
    කැලෑ කපන එකත් ජනතාව පවරා දුන් වැඩක්ද? පොල් මිල සහ හාල් මිල ඉහළ දැමීමේ සිට පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ දැමීමත් ජනතාව පැවරූ කාර්යයන්ද? හැට නව ලක්ෂයක් ජනපතිට හා ආණ්ඩුවට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළ අපචාරවල නියැලෙන්නට නොවේ. ජනපති ගෝඨාභය තුළින් ජනතාව බලාපොරොත්තු වූයේ විශ්වකර්ම නායකයෙකි. සැබැවින්ම ඔහු ජනපති මහින්ද රාජපක්ෂ යටතේද නාගරික සංවර්ධනය භාරගෙන සැලසුම්සහගත වැඩ කොටසක් කළේය. ඒ නගර අලංකාරණය විෂයෙහිය. විශේෂයෙන් කොළඹ මැද පන්තිය යනු අදත් හැට නව ලක්ෂයේ හරස්කඩක් ලෙස ගත හැකිය. ඔවුන්ට සංවිධිත ජීවන අපේක්ෂාවක් තිබුණි. එම සංවිධිත ජීවන අපේක්ෂාව වර්ධනය කරගත හැකි දේට වඩා චූදිතයන් නිදොස් කොට නිදහස් කර ගන්නා විට හා කැලෑ කපන විට මැද පන්තිය ආණ්ඩුව කෙරෙහි විවේචනශීලී වූයේය. ජනපති අද බොරු ප‍්‍රචාර කරනවා යැයි කියන්නේ ඒ මැද පන්තියටය.


    අද සමාජ මාධ්‍ය පිරී තිබෙන්නේ ජනාධිපති ගම සමග පිළිසඳරට ගොස් කියන දේවල් හාස්‍යයට ලක් කිරීම්වලිනි. කුඹුක් කොට අදින ලොරියක ඡායාරූපය යටින් ‘ඇමසන් වනයෙන් කැපූ කුඹුක් කොට ලංකාවේ ලොරියකින් අදින දර්ශනයක්’ යන කැප්ෂනය ලියැවෙයි. එසේ ලියවෙන්නේ හතර අතේ කැලෑ එළිවෙමින් තිබියදී ගස් කැපෙන්නේ නැති බවට ජනාධිපතිගේ කැට තැබීම හේතුවෙනි. පාහියංගල ආනන්ද සාගර හිමි කැලෑ එළි කිරීම් ගැන හැමදාම හෙළිදරව් කිරීම් කරයි. ආරක්ෂක ලේකම් අවස්ථා කීපයකදී ඒ බව කියා තම ප‍්‍රධානියාගේ ගති ස්වභාවය අවබෝධ කරගෙන දැන් ඒවා ගැන කතා නොකරනු පෙනේ. ගස් කැපෙන්නේම නැත්නම් සිංහරාජය පාමුලේ දිවි ගෙවන භාග්‍යා අබේරත්න කැලෑ එළිවන බව කීවේ ඇය කිසියම් දෘෂ්ටි මායාවක පැටලීම නිසාද? ඇය දෘෂ්ටි මායාවක පැටලී සිටින්නේ ඇස් ඇරගෙන ජීවත් වන නිසාය. ජනාධිපති ඒ කිසිවක් නොදකින්නේ රාජ්‍ය පාලනයම ඔහුට දෘෂ්ටි මායාවක් බවට පත්ව ඇති නිසාද?


    ඔහුගේ පරිසරය85


    ජනාධිපතිට පරිසරය ගැන කීමට වෙනම කතාවක් ඇත. ඒ පාහියංගල ආනන්ද සාගර, දේවානි ජයතිලක හෝ භාග්‍ය අබේරත්න කියන පරිසරය ගැන නොවේ. ජනපති කීවේ ඔහු කෝට්ටේ, කැස්බෑව, බොරලැස්ගමුව ආදී ප‍්‍රදේශවල පරිසරය සංරක්ෂණය කර ඇති බවය. සැබැවින්ම ඒවායේ ඉහත පිරිස කියන ආකාරයේ ගස් මෑත අවධියේ නොතිබුණි. තිබුණේ ළඳු කැලෑය. ඒවා තෙත් බිම්ය. ළඳු කැලෑ හා තෙත් බිම් මනස්කාන්ත උද්‍යාන බවට හැරවීමට ගෝඨාභය මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන කාලයේ හැකිවිය. ඒ බොහෝ තැන්වල දැන් ඇවිදින මංතීරු තනා තිබේ. මං තීරු දිගේ යන ගමන් නෙතට හසුවන පරිසර කලාපය සුන්දරය. එහෙත් රටේ සිදුවන වන විනාශය හා ජනාධිපති කියන මේ පරිසර සංරක්ෂණයත් අලංකරණයත් කාරණා දෙකකි. ඉහත පිරිස මෙන්ම පරිසරවේදීන් දක්වන වන විනාශය යට ජාවාරම්කරුවෝ සිටිති. එය වැලි හා පස් ජාවාරමටත් වඩා විශාල ක‍්‍රියාවලියකි. රටේ ජනයාගේ හුස්ම පොද පැහැර ගන්නා ව්‍යායාමයකි. ජනාධිපති කියන්නේම පරිසර විනාශය ලොකු බොරුවක් බවය. වෙන රටවල්වල කැපූ ගස්වල ඡායාරූප ලංකාවේ මෙන් මාධ්‍යවල භාවිත කරන බවය. සමාජ මාධ්‍ය උත්ප‍්‍රාසය තියුණු වූයේ එම කතාබහෙන් පසුවය. ඇමසන් වනයෙන් කැපූ කුඹුක් ලංකාවේ ලොරිවලින් අදින බව දැක්වෙන පින්තූර පළවන්නේ ජනාධිපතිගේ වලපනේ දෙසුමෙන් පසුවය. එනම් වලපනේදී ඔහු රටේ පරිසර විනාශයක් සිදු නොවන බව සඟවා ගත් කෝපයකින් යුතුව කීමෙන් පසුවය.


    මේවා සමග දෛනිකව ඔට්ටුවෙමින් සිටින ජනාධිපති රටේ හැට නව ලක්ෂය හෝ භාර දුන්නා යැයි කියන වැඩ ටික කරන්නේ කෙදිනද? ගම සමග පිළිසඳර වැඩසටහනෙන් 50%ක් දැන් වෙන්වන්නේ ජනාධිපතිගේ ප‍්‍රශ්න ගම්වාසීන්ට කීමටය. මුල් කාලයේ ඔහු ජනතා ප‍්‍රශ්නවලට සවන් දුන්නේය. දැන් ජනතාවට ජනාධිපති නගන මැසිවිලිවලටත් සවන්දීමට සිදුව තිබේ.


    මාධ්‍ය නිදහස දීම


    ජනාධිපති ගමේ ජනයාට කියමින් යන තවත් සාවද්‍ය කතාවක් වන්නේ ඔහු මාධ්‍ය නිදහස දුන් බව කීමය. ජනපති මාධ්‍ය නිදහස දුන්නා යන්න තරම් හාස්‍යයට පාදක වන තවත් කතාවක් තිබිය නොහැකිය. මාධ්‍ය නිදහස යනු ජනපතිගේ පෙට්ටගමේ තිබෙන දෙයක් නොවේ. එය ජනමාධ්‍යවේදීන් විසින්ම ගොඩ නගා ගත යුතු තත්ත්වයකි. ජනපති මාධ්‍ය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරකරණයේ යෙදීමට ඉඩදී තිබෙනවා විය හැකිය. එය මාධ්‍ය නිදහසක් නොවේ. එම ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික වරප‍්‍රසාද හිමිකර දීමකි. එය ලැබෙන්නේ ජනපතිගේ හිතවත්කම් අනුවය. ජනපති මාධ්‍ය ගැන වැදගත් කරුණක්ද කීවේය. එහෙත් එම කරුණ ඔහු මාධ්‍ය ව්‍යාපාරිකයන්ට අනුග‍්‍රහය දීමට ප‍්‍රතිපක්ෂය. ඔහු කීවේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එය නිවැරදිය. ඔහුට හිමිකරුවන්ට ලබාදිය හැක්කේ ආර්ථික නිදහස පමණි. එය මාධ්‍ය නිදහසක්ද නොවේ. සෑම ආණ්ඩුවක්ම තම තමන්ගේ ව්‍යාපාරික මාධ්‍ය හිමිකාර නඩයට විවිධ සහන සලසයි. එම සහනවලින් මාධ්‍යවේදීන්ට අත්වන සහනයක් නැත. මාධ්‍ය ආයතන ව්‍යාපාරික අංශයෙන් බලවත් වන නිසා බොහෝ විට මාධ්‍යවේදීහු කෑලි ගණනට වැටෙති. ඊළඟට සිදුවන්නේ කෑල්ලක් හැලූණාම තව කෑල්ලක් එක් කර ගැනීමය. නැතහොත් කෑල්ලක් ගලවා දමා තව කෑල්ලක් සවිකර ගැනීමය. ජනමාධ්‍ය අතිබහුතරයක් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව වැඩ කරන බව ජනතාව තේරුම් ගත යුතුය. ජනාධිපති කොවිඞ් තත්ත්වය නිසා ගෙවුණු වකවානුව තුළ ජනමාධ්‍යවේදීන් හමු නොවුණේය. හමුවුණු කාලය හෝ මතකයට නගා ගත හැකි නම් ඔහු ජනමාධ්‍ය බහුතරයක් වැඩ කරන්නේ ව්‍යාපාරිකයාගේ මාධ්‍ය නිදහස තුළ බව තේරුම් ගත යුතුය. එනම් කඹේ දිග ප‍්‍රමාණය අනුව පමණක් උලාකෑමේ සිද්ධාන්තය මෙහිදී ක‍්‍රියාත්මක වන බව ජනපති නොදන්නවා නම් අප ඔහුට එය එසේ යැයි කියමු.


    තීරණය කවුරුන් අතේද?


    මීළඟ ජනාධිපතිවරණයට එනවාද නැද්ද යන්න තීරණය ඇත්තේ ජනතාව අතෙහි බව ජනාධිපතිවරයා කීවේය. එය බොරු කතාවකි. පසුගිය වතාවේ ඔහුට අපේක්ෂකත්වය දීමට සිදුවූයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් එම ක‍්‍රියාවලිය යට තිබුණු නිසාය. එම උද්ඝෝෂණය කළේ ජනතාව බව සැබෑය. වියත් මගේ ජනතාව රාජපක්ෂ හිතවාදී සංඝයා වහන්සේලා හා තවත් ජාතිකවාදී සංවිධාන රැසක් එහි සිටියේය. ඔවුන් තවත් අතකින් විවිධ මට්ටමේ බලපෑම් කණ්ඩායම්ය. ජනාධිපතිවරයා ගැන එම බලපෑම් කණ්ඩායම් තුළ කැමැත්ත ක‍්‍රමයෙන් දියවී යන තත්ත්වයක් තුළ ඉදිරිය කුමක්දැයි කිව නොහැකිය. එහෙත් ජනපති කිව්වොත් කිව්වා වර්ගයේ හිතුවක්කාර ගති පැවතුම් තනුක කරගෙන රටේ දරිද්‍රතාවයේ, පරිසරයේ, අධ්‍යාපනයේ සෞඛ්‍යයේ ආර්ථික සංවර්ධනයේ හා සෙසු බහුවිධ ක්ෂේත‍්‍රවල ගැටලූ සමනය කරන තැනකට ගියහොත් සැබැවින්ම ඔහුට ජනතා සහාය යළි ලැබෙනු ඇත. එහෙත් නිදොස් කොට නිදහස් වන්නන්ගෙන් පමණක් ඡන්දයක් දිනිය නොහැකි වනු ඇත. කැලෑ කැපෙද්දී කැලෑ නොකැපෙන බවට ගෝරනාඩු කිරීමෙන් පමණක් මහජන කැමැත්ත ලබාගත නොහැකි වනු ඇත. තමන් නියෝජනය කරන්නේ කොතැනද යන්න ධුරයේ පහළොස් වන මාසය වන විට ජනපති තීරණය කළ යුතුව ඇත.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝතා ආයේ ඉල්ලුවත් නැතත් අව්ලක් නෑ පොරගේ ප්ලෑන් හරි මිෂන් කම්ප්ලිට් උට ඕන උනේ අව්රුද්දයි ගේම ගහන්න කොරෝන නිසා ටිකක් ලේට් උනේ
    නඩු ඉවරයි යාලුවෝ බේරුනා පවල සුරක්ෂිතයි සල්ලි ටික දැනටම සුදු කරගෙන ඇති ජනදිපතිට නඩු දාන්න බැරි නිසා ඉස්සරහට මොන ආණ්ඩුව අවත අව්ලක් නෑ උට මෙහෙ හරි ඇමරිකාවේ හරි ලක්ෂරි ලයිෆ් ගැරන්ටිඩ් පරම්පරා 5-6 කට
     
    • Like
    • Sad
    Reactions: Piyathissa and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ගෝතා ආයේ ඉල්ලුවත් නැතත් අව්ලක් නෑ පොරගේ ප්ලෑන් හරි මිෂන් කම්ප්ලිට් උට ඕන උනේ අව්රුද්දයි ගේම ගහන්න කොරෝන නිසා ටිකක් ලේට් උනේ
    නඩු ඉවරයි යාලුවෝ බේරුනා පවල සුරක්ෂිතයි සල්ලි ටික දැනටම සුදු කරගෙන ඇති ජනදිපතිට නඩු දාන්න බැරි නිසා ඉස්සරහට මොන ආණ්ඩුව අවත අව්ලක් නෑ උට මෙහෙ හරි ඇමරිකාවේ හරි ලක්ෂරි ලයිෆ් ගැරන්ටිඩ් පරම්පරා 5-6 කට
    මම විතරයි කරේ ... වෙන කවුරුවත් නෑ .... මම ... මම ... මම .... මම ....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    165319376_440918873904219_583281109270305927_n.jpg
     
    • Like
    Reactions: lasankandy and AEG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව පාරක් ඉල්ලන්නෙ නැතිව නෝන්ඩි නොවි යන එක තමා හොදම දේ.
     

    Similar threads