යාපනයේ ජනාදිපති මන්දිරය
මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරයේ ඇතුළත දර්ශන මෙහි දැක්වේ.
රුපියල් කෝටි 250 ක් වියදම් කොට යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් එය ජනතා අයිතියට පවරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
යාපනයේ සංචාරයෙන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (03) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙය රහසක්ව පැවතුණු බවත් අද එම රහස ජනතාවට හෙළි කරන බවත් රට තුළ ඇති ප්‍රශ්න සහ ජනතා ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

Last edited: