ජනපතිවරණයෙන් පසු හෙට රට
ජනාධිපතිවරණයෙන් පසුව රට නැවතත් නව මාවතකට එළඹ ඇත. පසු විවරණයක් ලෙසින් පූර්ව ජනපතිවරණයේ කල කී දෑ පිලිඹදව නැවතත් සිතා බැලීම වැදගත් වේ.
පොදු විපක්ශයක් යටතේ පත්වූ ජනපති ඒ ස්ථානයට ආවේ රටේ බොහෝ පිරිස්, කණඩායම් වල සම්මදමක් ලෙසිනි. අමතක නොකල යුත්තක් ඇත. මෙය හුදෙක් මහින්ද - මෛත්‍රී සටනක් නොවේ. රටේ තත්වය ගැන බැලීමේදී රට නැවතත් යුධ ජයග්රහණයෙන් පසුව මීළග සංවර්ධනයී, පොදු ජනයාට සමගියෙන් බියෙන් තොරව ජීවත්වීමට පසුබිම උදාවන, උදාකලයුතු යුගයට පැමිණ ඇත.
මේ පිලිඹදව හුදෙක් සාම්ප්‍රදායිකව, ගතානුගතිකව, පක්ශ දේශපාලන අමනයන් ලෙස නොසිතියේ යුතුය. රටේ තිබූ යුධදය අවසන් කිරීමේ භාරදූර කාර්ය හිටපු ජනපති ප්‍රධානීත්වයෙන්, හමුදාපති සරත් ෆොන්සේකාගේ වීර්යයෙන් සිදුවූ බව සියල්ලෝම පක්ශ දේශපාලනය පසෙකලා පිලිගත යුතුය. දෛවයේ සරදමකට මිනිසෙකුට ලැබෙන අසීමිත බලය මිනිසා විසින් පාලනය කරනු විනා, බලය විසින් මිනිසා පාලනය කරන කල්හි ඊට උඩගෙඩිදෙන වන්දිභට්ටයන් සිංහයෙක් පසුපස කපටිසිතෙන් යන හිවලුන් රැළක්සේ හඹාවිත් ලාභ ප්‍රයෝජන ලබා තවත් ප්‍රයෝජන ගත නොහැකි විට පැදුරටත් හොරා නික්ම යයි. කලගුණ දත් ජාතියක් ලෙසින් කල යුත්තේ එවන් පාලකයන්ට ඡන්දය දී තවත් ධූරයේ තබා ගන්නවාට වඩා සුදුස්සෙක් පත්කර එනමුත් ඔවුන් රටට කල භාරදූර කාර්යයට වටිනාකමක් ලබාදීමයි. අන්තර් ජාතික අධිකරණයට ගෙනයාමට උත්සාහ කරණ ඉන්දියාව ඇතුළු අනෙකුත් විදේශීය පාර්ශව ඉදිරියේ ලක් රජයට ආරක්ශා කිරීමට ඇත්තේ රටට මෙහෙයක් කල නායකයෙකු ආරක්ශා කිරීමයි. සියල්ලට කලින් රටේ ස්වෛරීත්වයත්, ජනතාවත් (හිටපු ජනපතිත් මේ කුලකයේ පවතී ) ආරක්ශා කිරීමට යාණ්ත්‍රනයක් සෑදිය යුතුය. එය බටහිරට ( වන්දිභට්ටයෙකුකුගේ කතාවක් නොවේ - ඒ යුගය දැන් අවසන් වී ඇත ) නැත්නම් කලාපයට ගැති නොවූ එනමුත් මිත්‍රශීලී පිලිවෙතක් යටතේ යායුතුය.
කෙසේ වෙතත් රට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත භාරකරන විට තිබූ තැනින් සැලකිය යුතු යම් දුරක් ඉදිරියට පැමින ඇත.
යුද්ධය ජයග්‍රහණයම විශාල පෙරලියකි. මින් පසුව සිදුවිය යුත්තේ කොමිස් මුදල් වලින් ගසා කන සංවර්ධනයක් වෙනුවට රටේ සම්පත් පොදු මහජනයාට ලැබෙන තිරසාර විනිවිද සංවර්ධනයක් සිදු විය යුතුය. පාර්ලිමෙන්තුවට කුඩුකාරයන්, එතනෝල් කාරයන්, මාල හොරුන්, විකෘති කාම ආශා ඇති සල්ලාලයන්, කැසිනෝ කාරයන් බෙබද්දන් පැමිනීම වැළැක් වීමට යාණ්ත්‍රනයක් ගොඩ නැගිය යුතුය. ඒ සදහා අවම අධ්‍යාපන සුදුසුකමක් ( අවම වශයෙන් උසස් පෙළ ) තිබිය යුතුය. මොඩයන් විසින් බුද්ධිමතුන් පාලනය කිරීම රටක් පරිහාණියට හේතුවන බව අත්දැකීම් මගින් දැක ඇත්තෙමු. රටේ අධ්‍යාපනයට නිසි තැනක් ලැබිය යුතුය. එය මහින්ද්යෝදය විද්‍යාගාර වැනි පිටට පේන දෙයකට වඩා සංවිධානාත්මක වැඩ පිලිවෙලක් විය යුතුය. ශිෂ්‍ය මර්ධනය වැලැක්විය යුතුය. රටේ අධ්‍යාපනය හා විශේෂයෙන් උසස් අධ්‍යාපනය අමන සල්ලාලයන් යටතට නොයා යුතුය. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නිසි පහසුකම් ලබදිය යුතුය.
රටේ අධිකරණය අමන දේශපාලකයන්ගේ ඇගිලි ගැසීමෙන් තොර තරාතිරම නොබලා සියල්ලන්ම හිසනමන ගව්රවනීය ආයතනයක් විය යුතුය. පොලීසිය කුඩුකාරයන්ට ආචාර කර අහින්සක සරසවි සිසුන්ගෙන් හිරි ඇර ගන්නා දූශිත ආයතනයක් නොවිය යුතුය. කොටින්ම කියතොත් රජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මාධ්‍ය හමුව විකට සංදර්ශනයක් නොවිය යුතුය.
රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍ය ආයතන කෙනෙකුගේ රෙදි හෝදන තරම් පහල තත්වයට වැටිය යුතු නැත. මාධ්‍ය වේදියා හැම විටම ස්වාධීන විය යුතුය. කලාකරුවන් දේශපාලකයන්ගේ අතකොලු නොවිය යුතුය. රජයේ සව්ක්ය, ප්‍රවාහණ, ඇතුළු අනෙකුත් සියළු ආයතන කාර්යක්ශම විය යුතුය. රටේ විවිධ ජන කොටස් අතර සංහිදියාව පැවතිය යුතුය, කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්යවස්ට්තාවේ පරිදි බුදුදහම රැක ගැනීමේලා විශේෂ කාරයභාරයක් සිදුකල යුතුය. ආගමික, ජනවාර්ගික ප්‍රශ්නයකදී විදේශ පාර්ශ්වයකට ගැති නොවී සාධාරණ විසදුමක් රට තුලින් ගොඩ නැගිය යුතුය.
මීට අමතරව කරගෙන ආ අධිවේගී මාර්ග, නෙළුම් කුළුණ වැනි ව්‍යාපෘතීන් නිසි විනිවිද පෙනෙන කළමණාකාරීත්වයක් යටතේ කරගෙන යායුතුය. මීට අමතරව දැනට අවසන් කර ඇති එහෙත් නිසි ප්‍රයෝජන ලබා නොගන්නා ව්‍යාපෘතීන්ට මේවන විටත් මුදල් යටකර ඇති බැවින් ඒවා හුදෙක් වසා දැමීමට වඩා ලාභ ලබන ව්‍යාපෘතීන් කිරීමට කටයුතු කල යුතුය.
නමුත් මේවන විට ආරම්භ නොකල නමුත් අවසානයේ අපේක්ශිත ප්රතිලාභ නොලැබේ යැයි සිතන ව්‍යාපෘතීන් පිලිබද නැවත සලකා බැලිය හැක.
මහජනායා ප්රමුකලා සැලකිය යුතුය, මහජනයා වෙතින් ගොඩ නැගෙන ප්‍රශ්ණයකට මහජන මර්දනයට ප්‍රථමයෙන් විසදුම් රාශියක් ඇත. එමගින් පසුගිය කාලයේ ධීවර ගැටළුවේදී, රතුපස්වල ගැටළුවේදී සිදුවූ ජීවිතහානි වන්නක් නැවත සිදුවීම වැලකිය හැක.
රාත්‍රී මෝටර් රථ ධාවන තරග වැනි කටයුතු කිරීමේදී ඒපිලිබද අදාල සියළු පාර්ශවයන්ගේ අනුමැතිය සහිතව සිදුවිය යුතුය.
අවසාන වශයෙ ශ්‍රී ලංකාවට නව ජනපති කෙනෙක් පත්ව ඇත. ඒ රජෙකුවත්, අප්පච්චී කෙනෙකුවත් නොවේ , ජනපති කෙනෙකි. ඔහු දුන් ප්රතිඥාවේ පරිදි ඔහු රටේ ස්වෛරීබව වෙනුවෙන් හා රටේ අභිවෘදිය වෙනුවෙන් සේවය කර සේවා කාලය අවසානයේ මීලගට මහජනයා තෝරාපත් කරගත් ජනපතිට අවස්තාව දී ඉන් නික්ම යායුතුය.
_________________________________________________________
හිතට ආපු ටිකක් කොටල දැම්මෙ බොලව්, දිරවන්නෙ නැති උනුත් / දේවලුත් ඇති. සංවාදයට ( මඩින් නැතිව ගොඩින් ) විවෘතයි. රෙප්නම් එපා, හැබැයි බම්පු කමක් නෑ. ඕන තැනක දා ගනිල්ලා මට credit ඕනෙත් නෑ.

Last edited: