ජනපති අනුරගේ සංචාරයෙන් මාලදිවයිනෙන් ලංකාවට දින 90ක On-Arrival සංචාරක වීසා..🛑❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ලාංකිකයන්ට මාලදිවයිනෙන් දින 90ක On-Arrival සංචාරක වීසා

    සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන මෙරට පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බවය.

    ඒ අනුව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මකය.

    එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් අවශ්‍ය වේ.

    මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතරවන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය පවසයි.
     
    • Like
    Reactions: cstasy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    Maldives tourism wetuna. Ehe job karana ewun awa. Sri Lankan kabbo wath genna ganna trying
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකෙන් රටට ඈති වාසිය මොකක්ද බන්? තියෙන ඩොලර් වලින් ටිකක් මාලදිවයිනට යයි නේද? පුලුවන් නම් මාලේ ටුවරිසම් බිස්නස් කඩලා ලන්කාවට ගේන්න නේද ඕනේ
     
    • Like
    Reactions: Chickenkottu

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕකෙන් රටට ඈති වාසිය මොකක්ද බන්? තියෙන ඩොලර් වලින් ටිකක් මාලදිවයිනට යයි නේද? පුලුවන් නම් මාලේ ටුවරිසම් බිස්නස් කඩලා ලන්කාවට ගේන්න නේද ඕනේ

    dollar aran gihin ummalakada genawa.