ජනපති ගත් විශේෂ තීරණ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැසකට එළඹ තිබෙනවා.
    කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිතුමා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය.
    සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
    මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමටරැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

    ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
    ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

    මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි.
    විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය.
    එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

    මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

    සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිතුමන් දැනුවත් කළහ.
    වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    http://www.nethnews.lk/article/86217


     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    Gamini Lokuge? what ? Why? To violate Curfew when imposed to get cheap publicity to collect votes from uneducated voters in electorate
    මම හිතුවේ ගාමිනි ලොකුගේව කපලම දායි කියල...මුන්ට පිස්සුද බන් තාම ඒ යකා ලන් කරන් ඉන්න .
     
    • Like
    Reactions: Janithsl88

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිතුමන් දැනුවත් කළහ.

    පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ
    Reaction Yes GIF by Paper Triangles
     
    • Like
    Reactions: Janithsl88

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ශෂීන්ද්‍ර රාජපක්ෂ"

    කයිවාරු නන්දෙටම හරි යන මරු ගොබ්බයො ටික :ROFLMAO: :ROFLMAO:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Mama me nikamata ahanne. Covid awe Last year eke.. dan hari nan Me wage welawaka karanna one protocols hadala tiyenna one.....

    Serious System issue ekak tiyenawa , Ithin Mona Huth** karath Lankawata issrahata yanna bari eka nisa.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    69 ලස්සයක් සහ 2/3 දුන්න නම් දැන් කටයි *කයි වහන් හිටපල්ලා...




    Mama me nikamata ahanne. Covid awe Last year eke.. dan hari nan Me wage welawaka karanna one protocols hadala tiyenna one.....

    Serious System issue ekak tiyenawa , Ithin Mona Huth** karath Lankawata issrahata yanna bari eka nisa.

    ඕක කිව්වම අපි අන්තිමට උනේ

    ගූඇන්පී සබජයි ලපයියෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
    එතනින්ම ඉවරනෙ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හොදම වැඩ්ඩො ටික උදේ හවා මූට කෑගහල කියනව මේක සති දෙකකටවත් වැහුවෙ නැත්නම් කෙලවෙනව කියල. මේ හු*#නට ඒක තේරෙන්නෙ නෑ. බලපන් ඊයෙත් මරණ 40+ මේ ප#@යට කොවිඩ් හැදුනනම් තේරෙයි. මටනම් හිතෙන්නෙ ඕනකමින් මෙක පැතිරෙන්න ඇරල බලා ඉන්නවා දැන්. ඒක පැති කීපයකින් රජයට වාසියි. හැදල හොද උන එවුන්ට වැක්සින් අවශ්‍ය නෑ. ඒක ආර්ථිකයට වාසියි. අනික හැදිල මැරෙන එවුන්ට විශ්‍රාම වැටුප් ඕන නෑ.(රජයේ අයට විතරක් උනාට ඒකත් වාසියක්නෙ). උපරිමයට ගිහිල්ල ඉවර උනාම ආයිත් ලොකු රැලි එන්නෙ නෑ(ලංකාව සාපේක්ෂව පොඩි ජනගහනයක් ඉන්න රටක් නිසා) එතකොට වැඩටික හෙමින් කරගෙන යන්න පුළුවන් කවුරුත් කෑගහන්නෙ නෑනෙ. දැන්ම ඒ තත්වෙට පත්වෙලා ඉවර උනාම ඊලග ඡන්දෙ කිට්ටුවෙද්දි මිනිස්සුන්ට ඕව ගානක් නැති වෙනවා.ඒ වෙද්දි මූ පාරවල් ගොඩනැගිලි අරක මේක හදල තිබුනාම මිනිස්සුන්ට පේන්නෙ ඕව විතරයි මේ මැරිච්චි ඒව මතක නෑ.ඔන්න ඔය වගේ පොලිටිකල් ප්ලෑනක් මේ ජරමර අස්සෙ රන් වෙනවා. මේව මතක තියාගනිල්ලා. ඡන්දෙදි උත්තර දෙන්න හිතාගනිල්ලා.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රණතුංග, රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ශෂීන්ද්‍ර රාජපක්ෂ

    බලපල්ලකො කොරෝනා තීරණ ගන්න ඉන්න බුලටි බඩු ටික 🤣
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට මේ කියන ""කොවිඩ් 'මර්දන' ජනාධිපති කාර්ය සාධක බලකාය"" කියන නම දැක්කාම අතීත සිදුවීමක් මතක් උනා.

    1977 මැතිවරණයෙන් හෝමාගම ආසනය ජයගත් ගාමනී ජයසූරිය මහතා සෞඛ්‍ය ඇමති ලෙස පත් උනා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සුළු සේවක, කම්කරු පුරප්පාඩු සඳහා හෝමාගම ආසනයේ, ඉහල උගත්කමක් නැති බොහෝ දෙනෙකුට අවස්තාව ලැබුනා.

    එසේ මා දන්නා කොල්ලෙක් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ කම්කරු රැකියාවකට ගියා. කිසිම දැනුමක් උගත්කමක් නැති මේ කොල්ලා, රස්සාව කරන්නේ කොහෙද කියා ඇසූ විට මැලේරියා මර්ධනේ කියා කියන්නේ ආඩම්බරයෙන්. එවිට අප බොහෝ දෙනෙකු, යකෝ ඒකට කියන්නේ මැලේරියා වර්ධන ව්‍යාපාරය කියලයි, උඹ අඩුම ගානේ රස්සාව කරන තැන නමවත් හරියට කියන්න ඉගෙන ගනිං කියලා (විහිලුවට) කියනවා. මර්ධන, වර්ධන දෙකේ වෙනස නොදන්නා මේකා, ටික දවසක් යනකොට කොහෙද රස්සාව කරන්නේ කියලා කවුරු හරි ඇහුවාම උත්තර දෙන්නේ "මැලේරියා වර්ධනේ" කියලයි.

    අද කාලේ කොවිඩ් වර්ධනය කරන අයට මේකෙන් අපහාසයක් උනානම් මම කනගාටු වෙනවා.
     

    Similar threads