ජනපති දිවයිනෙන් පිටත්ව යයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) අළුයම එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

    දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ.

    නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

    “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති.

    එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව ඇත.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පුලුවන්නම් ගියපු සෙට් එක එකතු වෙලා අපේ ඇමරිකන් පඹයව ග්ලාස්ගෝව් වල කුඹුරක හිටවල වරෙල්ල. මෙහේ හිටිය කියලත් වැඩක් නෑනෙ පඹයගෙන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුලුවන්නම් ගියපු සෙට් එක එකතු වෙලා අපේ ඇමරිකන් පඹයව ග්ලාස්ගෝව් වල කුඹුරක හිටවල වරෙල්ල. මෙහේ හිටිය කියලත් වැඩක් නෑනෙ පඹයගෙන්
    එහෙ ගිහිනුත් කියයිද දන්නේ නෑ මට මේවා තේරෙන්නේ නෑ අයියගෙන් අහන්නේ නැතුව කියලා :lol:
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මෙහේ කැලෑ එලි කරන්න,සත්තුන්ට කෙලවන්න,ගගවල් වලට කෙලවලා වැලි ගොඩදාන්න පරිසර පද්දතියටම කෙල කරනකම් ඔහේ බලන් ඉදල එහේ යනව දේශගුණික විපර්යාස සමුළුවට. මයිනා බල කරල යවන්න ඇති මල්ලියේ ඔහේ ගිහින් ඉදල මොනාහරි ආදාර දෙනවනම් අරන් වර කියල.නැතුව මුන් මොනාද මේ දේවල් වලක්වන්න අපේ රටේ කරල තියෙන්නෙ.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    පුලුවන්නම් ගියපු සෙට් එක එකතු වෙලා අපේ ඇමරිකන් පඹයව ග්ලාස්ගෝව් වල කුඹුරක හිටවල වරෙල්ල. මෙහේ හිටිය කියලත් වැඩක් නෑනෙ පඹයගෙන්
    😂 😂