ජනපති සාමාන්‍ය මගී පර්යන්තයෙන් චීනයට පිටත්වේ

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,596
    10,807
    113
    Nugegoda, Sri Lanka
    472793350_1137979335004901_3141635100327887021_n-down.jpg





    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටත්ව යාම කැපී පෙනිණි.
    ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි යන මැති ඇමතිවරුන් හමුවීමට නියමිතය.
    මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන මහත්වරු ද සහභාගී වෙති.

    මෙම සංචාරයේදී ආයෝජන, බලශක්ති, ධීවර හා ආර්ථික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කිරීමට නියමිතයි.


    අවබෝධතා ගිවිසුම්වලට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනයේ සහාය ඇතුළුව ආර්ථික ප්‍රතිසාධනය සඳහා චීනයේ සහය ලබා ගැනීම ප්‍රධාන සාකච්ඡා මාතෘකා අතර වනු ඇත.
    යෝජිත අවබෝධතා ගිවිසුම්වලට කෘෂිකර්මය, සංචාරක, අධ්‍යාපන සහ තාක්ෂණික අංශ ද ඇතුළත් වනු ඇත.

    ජනාධිපතිවරයාගේ චීන සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ පහක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත. ඒ අනුව, ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුන සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා ද වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

    මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර, විශේෂයෙන් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Source: https://www.gossiplankanews.com/2025/01/president-china-visit.html
     
    • Love
    Reactions: Bitter Truth

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,381
    2,423
    113
    බොරු නාට්ටි නැතුව කියපු වැඩ ටික කලා නම් හරි ලොක්කා
     
    • Like
    Reactions: silent one

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    mewage drama walin tama moda jepponge moleta tattu karannna puluwn kiyala un dannawa...

    lookema diyunu prajathantrawadi ratawal kon karala tiyana , mahindala ekka ekathu wela ratama naya ugulata ahu karala , 7% wage gini poliyata naya deela , kisi profit ekak nathi project karala eewa bankoloth weddi salli deela aran eewa allan , fuel tika food tika genna $ nathiwa bankaloth weddi eka sathapahaka udawwak nokarapu , pagawa deela project daala , Debt restructuring karaddi ekata passa gahala barima tana anthimedi kamathi wela , gu naw ewala $7 million gatta communist ratakata yanna taram muge mole marila...
     
    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,596
    10,807
    113
    Nugegoda, Sri Lanka
    mewage drama walin tama moda jepponge moleta tattu karannna puluwn kiyala un dannawa...

    lookema kon karala tiyana , mahindala ekka ekathu wela ratama naya ugulata ahu karala , 7% wage gini poliyata naya deela , kisi profit ekak nathi project karala eewa bankoloth weddi salli deela aran eewa allan , pagawa deela project daala , Debt restructuring karaddi ekata passa gahala barima tana anthimedi kamathi wela , gu naw ewala $7 million gatta communist ratakata yanna taram muge mole marila...
    Sirawata mewa num Gon Joke.. VIP Lounge eken giya kiyala mokekwath haminenne nane..