ජනපති නන්දසේන සහ අගමැති පර්සි අතර ගැ‍ටුම&#3482

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ජනපති නන්දසේන සහ අගමැති පර්සි අතර ගැ‍ටුම&#3482

    ජනපති නන්දසේන අගමැති මහින්ද සහ ඇමැතිවරුන්ගේ දෑත් බැඳ දත් ගලවා තම විධා-යකාගේ දළ විලිස්සයි..! මහින්ද නැති අතරේ ඒකාධිපති බලය පතුරුවන චක්‍රලේඛයක්..!

    (ලංකා ඊ නිව්ස් -2020.පෙබ.09, ප.ව.11.30) අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳයහා රටින් පිටවනවාත් සමග ජනාධිපති නන්දසේන තම විධා-යකාගේ දළ විලිස්සමින් සිය ලේකම් ජයසුන්දරගේ අත්සනින් අගමැති, කැබිනට් ඇමැති සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙත නියෝගයක් යවා තිබේ.

    ජනාධිපති චක්‍රලේඛ අංක PS/SP/Circular/07/2020 දරණ එම නියෝගයෙන් පවසා ඇත්තේ අගමැති මහින්දගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරු, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩල විසින් රජයේ ව්‍යාපෘති ඇතුළු වෙනත් කටයුතු සඳහා දුරකථන ඇමැතුම්, ලිපි ආදිය ලබා දීම වහාම නතර කළ යුතු බවයි. ඒ සියල්ල කළ යුත්තේ අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්ලා සහ රාජ්‍ය ලේකම්ලා මගින් පමණක් විය යුතු යැයිද මීට පෙර එවැනි ලිපි ඇමැතුම් දී ඇත්නම් ඒවා අවලංගු කළ යුතු බවද එකී චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ. (සම්පූර්ණ චක්‍රලේඛය මෙහි දැක්වේ)

    සුදු චිත්‍රය ‌බොරුවක්..
    මෙය බැලූ බැල්මට ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේනට ඇති අවශ්‍යතාවය යයි ‘සුදු චිත්‍රයක්’ ලෙස ප්‍රදර්ශනය කරන නමුත් එය එසේ නොවේ. ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේන මෙවැනි නියෝගයක් දුන්නා යැයි කියන්නේ පට්ට පල් බොරුය. එවැනි අවශ්‍යතාවයක් නන්දසේනට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3 ක් හිරේ දමා දැනට ඇප මත සිටින දූෂිතයෙක් වන ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරගන්නේ නැත.

    අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ දත් ගැලවීමක්..
    මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි; අත පය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත පත් කර ගැනීමකි. මන්ද යත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි.

    අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව අඩු බැවින් එක් අයෙකු අත අමත්‍යාංශ ගණනාවකි. ඒ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනද සලකන විට එක් ඇමැතිවරයෙකු වගකිව යුතු වපසරිය ඉතා විශාලය. ඔ්නෑම ආණ්ඩුවක ඇමැතිවරුන් වනාහී මහජන ඡන්දයෙන් පත්වන දේශපාලනඥයන් ය. ඔවුන් තමන් පත් කළ ජනයාගේ දේශපාලනික අරමුණු දිනා දීමේ වගවීමක් සහිත ය. ඇමැතිවරු සිය පුද්ගලික ලේකම් ඇතුළු සම්බන්ධීකරණ ලේකම්ලාගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර ගන්නේ රජයේ පරිපාලන ලේකම්ගෙන් කර ගැනීමට අසීරු පෙර කී දේශපාලනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ය.

    ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගන්නේ ඔහුට ඉතා විශ්වාස අය ය. එකී කාර්ය මණ්ඩලය පෙනී සිටින්නේ ද ඇමැතිවරයා වෙනුවට ය. එමෙන්ම එකී කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙකු වරදක් කෙළේ නම් එය ඇමැතිවරයාද බාර ගත යුතුය. මන්ද ඒ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වන බැවිනි. සෑම කාර්යයකටම ඇමැතිවරයාට කතා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙනී ඉන්නේ ඇමැතිගේ දැනුවත් භාවය මත පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකි.

    ඇමැතිවරුන්ට මුහුණු සයක් අත් ‌දොළසක් මවා දිය යුතුයි..
    දැන් ජනාධිපති නන්දසේනගේ නව නියෝගය අනුව ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට කළ හැකි කිසිවක් නැත. ඔවුන්ට කිරීමට සිදුව ඇත්තේ ඇමැතිගේ රෙදි සේදීම, රෙදි මැදීම, කෑම ඉවීම, පිඟන් සේදීම, බල්ලන් නෑවීම, ඇමැති බිරිඳගේ තනියට ෂොපින් යෑම වැනි දේ පමණි. මෙය විශේෂයෙන් බලපාන්නේ අන් කිසිවෙකුට නොව අගමැති මහින්ද රාජපක්ෂට ය. මන්ද යත් තම පුද්ගලික කාර්ය මණ්ඩලයෙන් බොහෝ ‘වැඩ’ ගන්න දන්නා මහින්ද රාජපක්ෂ දැන් ‘නන්නා පෝල්’ ය. මහින්ද රටින් පිටවන තුරු සිට නන්දසේන මෙවැනි නියෝගයක් නිකුත් කෙළේ මහින්දගෙන් එල්ල වන විරෝධයේ ඇල් මැරීම සඳහා විය යුතුය. නන්දසේන ආරක්ෂක ලේකම්ව සිටිය දී ද මහින්ද රටින් පිටව යනවාත් සමග බොහෝ අවනීතික නියෝග දීම් සිදුවූ බව අමතක නොකළ යුතුය.

    ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය කරන්නේ නම් ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට මුහුණු සයක් සහ අත් දොළසක් මවා දිය යුතුය. ජනාධිපති නන්දසේනට පාර්ලිමේන්තුවේ තුනෙන් ‌දෙකක බලයත් ලබා දිය යුතු යැයි ඇමැතිවරු දැන් නගමින් සිටින සිය දිවි නසා ගන්නා ‌මෝඩ අඳෝනාව දැන්වත් නතර කළ යුතුය.

    සිතුවාට කලින් අනතුර පැමිණ ඇත..
    කෙසේ වෙතත් රටේ මුග්ධ ජනයා එක්ව කිසිදු දේශපාලන අත්දැකීමක් නැති ඒකාධිපති මානසිකත්වයෙන් යුත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විධායකයට පත් කරද්දී ව්‍යවස්ථාදායකයේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මේ තරම් ඉක්මනින් ලංකා ඊ නිව්ස් එකට සිදුවේ යයි අප සිතුවේ නැත. නමුත් එය සිතුවාට වඩා ඉක්මනින් අප කරා පැමිණ ඇත.

    -චන්ද්‍රප්‍රදීප්-
     
    • Like
    Reactions: Travz

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්ද සහා ගෝටා දෙන්නම මේ රටට හරියන්නේ නෑ කියලා දැන්වත් තේරුම් ගන්න කාලේ හරි.මේ දෙන්නත් සත පහකට වැඩක් නැති මිනිස්සු දෙන්නෙක්.මේ අය මේ රට තවත් අගාධයකට ගෙනියන එක තමයි කරමින් ඉන්නේ.ගෝටා ඇමරිකන් ඉත්තෙක්. මහින්ද චීන ඉත්තෙක්.දෙන්නම එකතු වෙලා ජනතාවගේ පොකට් එකට කෙලිනවා.ඔයාලගේ පොකට් එකෙන් මේ අය සවාරි යනවා.සිස්ටම් එක වෙනස් කරන්න ගිහින් දැන් කබලෙන් ලිපට වැ‍ටුනා නේද?මහින්ද ගෝටාට ඕන විදිහට නටන එකෙක් නෙවෙයි. අනිත් එක දෙන්නම දැන් වයසත් එක්ක එන්න එන්නම බුල් කෙලිනවා වැඩියි.
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මහින්ද සහා ගෝටා දෙන්නම මේ රටට හරියන්නේ නෑ කියලා දැන්වත් තේරුම් ගන්න කාලේ හරි.මේ දෙන්නත් සත පහකට වැඩක් නැති මිනිස්සු දෙන්නෙක්.මේ අය මේ රට තවත් අගාධයකට ගෙනියන එක තමයි කරමින් ඉන්නේ.ගෝටා ඇමරිකන් ඉත්තෙක්. මහින්ද චීන ඉත්තෙක්.දෙන්නම එකතු වෙලා ජනතාවගේ පොකට් එකට කෙලිනවා.ඔයාලගේ පොකට් එකෙන් මේ අය සවාරි යනවා.සිස්ටම් එක වෙනස් කරන්න ගිහින් දැන් කබලෙන් ලිපට වැ‍ටුනා නේද?මහින්ද ගෝටාට ඕන විදිහට නටන එකෙක් නෙවෙයි. අනිත් එක දෙන්නම දැන් වයසත් එක්ක එන්න එන්නම බුල් කෙලිනවා වැඩියි.

    ජයසුන්දර නේද ආයෙ මේ සෙල්ලම් දාන්නෙ. විමල් ආර්ථික ඝාතක්ය කිවෙ මෑන්ටනේද? පොර කරන ගොන් වැඩ නිසා මහින්දලට ආයෙ කෙලවේවගෙ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This govt is worse than the previous.
    What have the govt done to probe Airbus deal, except arresting named person in UK corruption case settlement.
    It is clear that Sri Lankan was doing OK when MR-Gota govt bought 49% of shares in Sri Lankan from Emirates.
    When CEO Kapila was appointed did they call for applications and what was the qualifications or experience of that person in the field.
    Under Gota's three month old govt what are the qualifications of the people such as Eraj, Bhathiya, etc for such posts including heads of govt Banks.
    Sri Lanka had not arrested or taken any initiative to arrest corrupt officials, in fact even during UNP -MS time people such as Kapila were never highlighted as Bond case
    What has happened to Wimal and Gam'pila who were partners of the MR govt and also did they object to CEO Kapila's appointment as Chairman again in 2018 in MS-MR coup which was held illegal by Supreme Court.

    Story goes...
    Are we fools and are we being fooled again and again by Media including social media.

    wait till the general election is over. What has done is enough to see the coming ……


    Do not get fooled by this circulars or publicity stunts of Wimal and the gang
    Awaits Duminda's release and rest will follow after election or even before?
    e
     

    Similar threads