ජනපති නියෝගය පොලිස්පති ප්‍රතික්ෂේප කරයි

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ජනපති නියෝගය පොලිස්පති ප්‍රතික්ෂේප කරයි

    පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    කෙසේ වෙතත් පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවට මාධ්‍ය මගින් වාර්තා කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එය අසත්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිවේදනය කර ඇති බව එම නිවේදනයේ තව දුරටත් දැක්වේ.