ජනපති වෙන අදහසක් තිබුනේ නෑ

athal eka

Member
Oct 29, 2018
418
32
0
ජනපති වෙන අදහසක් තිබුනේ නෑ

ජනපති වෙන අදහසක් තිබුනේ නෑ. එළිය පැවැත්වුවේ ජොලියට ! - ගෝටාබය මැතිඳුන් කියයි

රාජපක්ෂ පවුල තුළ අභ්‍යන්තර ගැටුම් මතුව ඇතැයි පැතිර යන පුවත් අභූත, සාව්ද්‍ය, අසත්‍ය සහ ව්‍යවස්ථා විරෝධී බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් සාහිත්‍යසූරී නන්දසේන ගෝටාබය රාජපක්ෂ මහතා පවසයි.

නිලධාරියකු වශයෙන් රටට, ජාතියට සහ පවුලට සේවය කළා විනා දේශපාලනය ගැන තමන්ගේ උනන්දුවක් හෝ දැනුමක් නොමැති බවත් ද්වේශ පාලනය සම්බන්ධයෙන් නම් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් සිටින බවත් ඒ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. වෛද්‍ය පාදෙනිය තුමන් තමන්ට හමුවන්නේ ඒ ආකාරයට බව ද ගෝටාබය මහතා පැහැදිලි කළේය.

මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී එම ධුරය තමන්ට භාර දෙන්නට සැරසුනු නමුත් තමන් එය ඉතාම නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවයි ඒ මහතා අනාවරණය කළේ.

මේ රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව තමන් කලින් ම පැවසුවේ තමන් නිර්මල බුදු දහම අනුව යමින් ආශාවන් ප්‍රහීන කරමින් සිටින නිසා බව පැවසූ ඒ මහතා ඒ හැර තමන්ට කිසිදු තනතුරක් නොලැබෙන බව කලින් ම දැන ගැනීම නිසා එවන් ප්‍රකාශයක් කළ බවට පැතිර යන ආරංචි තරයේ ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාවේ ජනපති, අගමැති, යටත් විජිත භාර ලේකම් වශයෙන් තනතුරු ගණනාවක් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් තනතුරට සහ ඩොනල් ට්‍රම්ප්ගෙන් පසු ඇමරිකාවේ ජනාධිපති තනතුරටත් තමන්ගේ නම යෝජනා වී ඇතත් දැන් තමන් තිලෝගුරු ලොව්තුරා බුද්ධත්වයෙන් මෙපිට කිසිවක් නොපතන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

අංගුලිමාල මිනී නවසිය අනූ නවයක් පමණක් මරා රහත් ඵලයට පත්වූයේ නම් තමන්ගේ හිස්ට්‍රියේ හැටියට තමන්ට බුදු වන්නට අනිවාර්යයෙන්ම හැකි බව සාධක සහිතව ඔප්පු කළ ගෝටාබය මහතා දැනටත් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය අදහන්නේ තමන්ගේ ධර්මය බව ද සිහිපත් කළේය.

තමන් මේ දිනවල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමග එක්ව විපස්සනෑ භාවනාව වඩන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේ නම් පසුගිය දිනවල 'එළිය' නමින් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් රටවටා ගියේ කුමටදැයි මාධ්‍යවේදියකු නැඟූ පැණයට එතුමන් පිළිතුරු දුන්නේ ඒවා හුදෙක් ජොලියට කළ දෑ බව පවසමිනි.

කෙසේවෙතත් මාධ්‍ය සාකච්ඡාව අවසන් වන විට ගෝටාබය තුමන්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියා සත්‍යාවබෝධ කරගෙන සෘද්ධි බල ලබා අතුරුදන් වී තිබිණි.


by Ruwan Nelu at FB
 
Last edited:

Similar threads