ජනපති සියලු පක්ෂ සමඟ සාකච්ඡාවට
මූන්ගේ වාර්තාව ගැන ජනපති සියලු පක්ෂ සමඟ සාකච්ඡාවට සූදානම්
අනුර බාලසූරිය
බෑන්කී මූන්ගේ විද්වත් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් නිකුත් කිරීමට පදනම් වී ඇති හේතු කාරණා හා පසුබිම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
මෙම සාකච්ඡාව ඉදිරි සතිය තුළදී පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සොයාබැලීමක් කිරීම මහලේකම්වරයාට උපදෙස් දීමට පත්කළ කමිටුවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කිසිදු බලයක් දී නොමැති බවත්, මෙය එම සංවිධානයේ නෛතික බලයක් නොමැති ව්‍යවස්ථා විරෝධී කමිටුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මහලේකම්වරයාට උපදෙස් ලබාදීම හැර ඉන් එහාට කටයුතු කිරීමට බලයක් දී නොමැති කමිටුවකට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සොයාබැලීමක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද හෙතෙම කීවේය.
එල්. ටී. ටී. ඊ. අනුගාමිකයන් 4000 ක් දීපු පෙත්සම් මත පදනම්ව සකස් කර තිබෙන එම වාර්තාවේ අඩංගු එක කරුණක් හෝ ඔප්පු කර පෙන්වන ලෙස තමා බෑන්කී මූන්ට අභියෝග කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.