ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා..⚡⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    gONDxWR.jpeg


    මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි.

    හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ හැකිද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී නීති විශාරදයින්ගෙන් විමසා තිබේ.

    කෙසේවෙතත් මෙම කටයුතු සඳහා අධිකරණ බාධා පවතින්නේ නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව සදහන් ය.

    නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අවස්ථා දෙකක් හිමිවන අතර ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවය.

    එමෙන්ම පාර්ලිමේන්තුවේ පණතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් ජනමත විචාරණයකට ගමන් කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වී තිබේ.

    කෙසේවෙතත් එළඹෙන ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සැලැස්මක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    https://sinhala.adaderana.lk/news.php?nid=197739
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    රනිල් මොනා වුනත් චන්ද වලට බය නෑ... නේද @monson 😅😅😅😅
    ඒ දවස් වල මහින්දලා ගණන් හදලා කිව්වා නේද පෑරදුන චන්ද ගාන ? 29 ක් ද කොහෙද ඒ කාලේ. මේ පාරත් රනිල්ට පෝට්ටුවෝ අරිනවා වගේ මට පේන්නේ
     

    Similar threads