ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015 - ඔබ

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 30 38.5%
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

    Votes: 37 47.4%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 10 12.8%
  • වෙනත්

    Votes: 1 1.3%

  • Total voters
    78

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

එක්සත් ජාතික පක්ෂය


එක්සත් ජනතා නිදහස් සන්ධානය


ජනතා විමුක්ති පෙරමුණ
 
Last edited:

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    images
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Only option is

    images


    ඒ නැතත් කමක් නෑ හොර රජා ව ආයෙමත් පන්නමු...:):)
    මල වාතයක් උනානෙ...:frown::frown::frown:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්ද රාජපක්ෂ සමඟ තමාගේ ඇයි හොඳයියක් නැති බවත්, ජනවාරි 8 දා පැරදුනු මහින්ද රාජපක්ෂ ඉදිරියේදිත් පරදින බවත් ශ්‍රීලනිපය ජයගත්තත් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට වඩා ජ්‍යෙෂ්ඨයන් ශ්‍රීලනිපයේ සිටින බවත් තමා ඉදිරි මැතිවරණයේදී මධ්‍යස්ථව සිටින බවත් මහින්ද රාජපක්ෂ සහ හොරුන්ට නාම යෝජනා ලබා දී ජනමතයට ද්‍රෝහී වීම නිසා රට පුරා අති දැවැන්ත වෛරයට සහ පිළිකුලට භාජනය වී සිටින පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන දූපත් පති වරයා නිදහසට කරුණු කියමින් තම නම ශුද්ධ කර ගැනීමේ වෑයමක යෙදෙමින් අද ජනතාවට ප්‍රකාශ කෙළේය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂ ප්‍රකාශයක් කළ පල්ලේවත්ත ගමරාල ටෙලි ප්‍රොම්ටරයක් නොමැතිව කතා කිරීම විශේෂයක් විය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බවත් එසේ නොකළා නම් මහින්ද රාජපක්ෂ දින සියයේ වැඩ පිලිවෙල කඩා කප්පල් කරන බවත් එය මහජනයාට යහපතක් නොවනු ඇති බවත් විශේෂ ප්‍රකාශය අරඹින් පල්ලේවත්ත ගමරාල කීවේය.

    ‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි.

    මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අස් වුණොත් හොඳ නේදැයි මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.

    මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරි අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා.‘

    ‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.

    2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.

    මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බේද බින්න කිරීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර ගත්තෙත් නෑ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට එරෙහිව මම ලිඛිතව විරෝධය පළ කළා. මට ඕනෑ මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පාර්ලිමේන්තුවක්. ජනවාරි අට වැනි දා ඡන්දය ජය ගත්තේ ඒ පොරොන්දුව මතයි. එහි දී පක්ෂය කුමක්දැයි මම කල්පනා කළේ නෑ.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි. ඔවුන්ගේ සැලසුම වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු කර අගමැතිකම ඔහුට බාර දීමයි. ඒ සියලු උත්සාහයන් මා පරාජය කළා.

    මම විවේචනයට විවෘතයි. විවේචනය මා අගය කරනවා.

    මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිනා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනි දා මම රටට දුන් ප්‍රතිපත්ති පිළිපදින රජයක් මට ඕනෑ.

    මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා.

    මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා. සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා.

    ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා..‘ යි පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන වැඩි දුරටත් පැවසීය.