ජනරාල් දීපාලිට සුභ පතයි
දීපාලිගේ උසස්වීමට ෆොන්සේකාගෙන් සුබපැතුම්
2011 දෙසැම්බර් 06 වෙනි අඟහරුවාදා, 12:35 Sri Lanka Mirror Editor
Srilankamirror - මහාධිකරණයේ විනිසුරුවරියකව සිටි විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස්වීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය හෘර්දයාංගම සුබපැතුම් එක් කළේය.
ෆොන්සේකා මහතා සිය සුබ පැතුම් එක්කරනු ලැබුවේ අද (06) ටෙන්ඩර් මගින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාග වන හයිකෝප් මුල්‍ය වංචාවට අදාළ නඩුවට පෙනී සිටීමට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව පිට අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදීය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
අපි ජාතන්තරයට අපේ ඛේදවාචකය ගැන දැනුම් දෙනවා. . මේ රටේ සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ නැති හින්දා.. කරුණාකරල ඒකට ඔක්කොම අත්සන් කරන්න. අපි වෙනුවෙන් පෙනී සිටින්න..
දීපාලි විජේසුන්දර මැතිණිය උසස් කළා කියල ආරංචියි. ඊට මගේ හෘර්දයාංගම ස්තූතිය. අපි ඒක බලාපොරොත්තුවෙන් සිටියේ. අපි ජනතාව සමඟ හැමදාම ඉන්නවා