ජනවරමට පශ්චාත්භාගය පෙන්වූ ජනාධිපතිතුමනි එන්න කිරිබත් කන්න෴

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ජනවරමට පශ්චාත්භාගය පෙන්වූ ජනාධිපතිතුමනි එන්න කිරිබත් කන්න෴

    ජනාධිපතිතුමනි ඔබතුමා අද නැවත වතාවක් ඔබතුමාට බලය දුන් ජනතාවගේ ජනවරම ඉදිරියේ ඔබතුමා ඇඳ සිටින වස්ත්‍රය ඔබතුමා විසින්ම පහතට හෙලා එම ජනවරමට ඔබතුමාගේ පශ්චාත් භාගය පෙන්වූවා.
    මීට පෙරත් ඔබතුමා කිහිප වතාවක් ඒ ජනවරමට ඔබතුමාගේ පශ්චාත්භාගය පෙන්වූවා.එය හිරිකිත,අප්‍රසන්න,
    ඔවෑක් ගෑවෙන ,ගුජුප්සාජනක දසුනක් අතිගරු තුමනි......

    මීට පෙර පලමු වතාවට ඔබතුමාගේ වස්ත්‍රය පහතට හෙලා ඔබතුමාට බලය ලබාදුන් බහුතර සිංහලයන්ගේ ජනවරමට පශ්චාත්භාගය පෙන්වූයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ මර .ක්කල පෙරකදෝරු අලි සබ්‍රි නම් ආධුනික මන්ත්‍රීවරයාට අධිකරණ කැබිනට් තනතුර දුන් අවස්ථාවේදීයි.කාගෙදෝ පිටේ තබා කාවදෝ කපනවා යැයි එකල්හි එම තීරණයට හුරේ දැමූවන් ප්‍රීත්ඝෝෂා කලත් මේ වනතුරු "එක රටක් එක නීතියක්" ⁣වෙනුවෙන් ගැසූ බෙරයේ පලුවක් තියා බෙර කඳවත් සොයාගන්නට නොහැකි තත්වයට පත්වී තිබෙනවා..ඒ වෙනුවට අදාල සටකපට පුද්ගලයාගේ දෙබඩි වැඩත් මුට්ටිය දැමීමත් පමණක් රටේ ජනතාවගේ මතකයන් අතරට ඉතිරිවී තිබෙනවා.ඒ හරහා ඔබතුමාව විශ්වාස කල සිංහල බෞද්ධ ජනතාව කොතරම් ඔබතුමාගෙන් දුරස්වූවාදැයි ඔබතුමාගේ වන්දිභට්ටයන් නම් කෙදිකවත් ඔබතුමාට අඟවන්නේවත් නැති වේවි.

    ඉන්පසුව ඔබතුමා ප්‍රසිද්ධියේම ඔබතුමාගේ වස්ත්‍රය පහතට හෙලා ජනවරමට පශ්චාත් භාගය පෙන්වූයේ ලියූ කෙනෙක්වත් අද වෙනතුරුවත් සොයා ගත නොහැකි, එනම්
    කතෘ අඥාත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙනවිත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයට අමතරව ඔබතුමාගේ විධායක බලයද තවත් තහවුරු කරගන්නා අතර තුරේ එකී ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට හැකි වගන්තියක් ඇතුලු කිරීමෙනි..බලය ඉල්ලු ඔබතුමාට 20 වෙනි සංශෝධනය හරහා බලය ලැබෙනවාට අප එදා විරුද්ධ නොවූයේ එම බලයෙන් ඔබතුමා ජනවරමට සාධාරණයක් කරනු ඇතැයි අපේක්‍ෂා කල නිසා වුවත් ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තියට මාරාන්තික විරෝධයක් දැක්වූයේ එය හුදෙක් එක් පුද්ගලයෙකු අරභයා සිදුකරන අවස්ථාවාදී නරක පූර්වාදර්ශයක් වන දෙයක් බැවිනි.අද වන විට එය සත්‍යයක් බවට පත්වී එම පශ්චාත්භාගය පෙන්වීමේ දිගුවකට ඔබතුමා පත්වී තිබෙනවා...එදා ඔබතුමා ඒ ද්විත්ව පුරවැසියන් සම්බන්ධ කාරණාව ව්‍යවස්ථාවට ඇතුල් කර ගැනීමට බොහෝ සංවේදී වූ බව නම් දැනගන්නට ලැබුනා ජනාධිපතිතුමනි...

    ඉන්පසුව යලිත් වරින් වර ඔබතුමා ජනවරම ඉදිරියේ තට්ටම තෙක් වස්ත්‍රය පහත්කල අවස්ථා ගණනක් තිබුනත් දණිස්සෙන් පහලටම ඔබතුමාගේ වස්ත්‍රය පහත්කර ජනවරමට පශ්චාත්භාගය පෙන්වූයේ ඔබතුමාගේ දැඩි අවශ්‍යතාවය මත කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා දීමේ නින්දිත උත්සාහය අතරතුරේයි....ඔබතුමාගේ වන්දි භට්ටයන් නිතර පංචතූර්ය නාදය නගන්නේ ඔබතුමා සියල්ල සිදුකරන්නේ ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව කියායි.කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම පිටරැටියන් අතට පත්කිරීමක් ගැන එහි සඳහන් නොවූවත් ඔබතුමා හදිසියේ නින්දෙන් ඇහැරී මෙන් භූ දේශපාලනය ගැන පාඩමක් පවා කියාදී ඉන්දියානු සමාගමකට එය පැවරීම ආයෝජනයක් බව කියා රටේ දේශප්‍රේමී ජනතාවට තෙල් කුප්පි බෙදුවා...ජාතික සම්පත් නොරටුන්ට විකිණූ යහපාලන ආණ්ඩුව කනෙන් ඇද එලියට දැමූ ඔබතුමාව බලයට ගෙනා මහාසංඝරත්නය ප්‍රමුඛ දේශප්‍රේමී ජනපවුර ඔබට අවනත වුනේ නෑ .
    ..එම ජනබලය විසින් නැගෙනහිර ජැටිය උඩදී ඔබතුමාගේ තට්ටමට කිස්කන කෝටුපාරක් දී ඔබතුමාගේ වස්ත්‍රය යලිත් සකසුරුවමට අන්දවා ඉනපටියද හොඳින් තදකර ඔබතුමාව පිටත්කලා ජනාධිපතුමනි.

    ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් ඔබතුමා නැවත වතාවක් ඔබතුමා ජනවරමට පශ්චාත්භාගය පෙන්වූ තවත් අවස්ථාවක් සිහිපත්කල යතුයි.
    ඔබතුමාව බලයට පත්කල ජාතිකවාදී කඳවුරේ උග්‍ර මතවාදී සතුරෙකු වූ ⁣මිලින්ද මොරගොඩට කැබිනට් බලතල සහිතව ඉන්දීය තානාපති තනතුර ලබා දුන් දිනයේ ඔබතුමාගේ පශ්චාත්භාගය දැක ජනවරම දෙදරුම් කෑවා ජනාධිපතිතුමනි..එවැන්නක් ඔබගෙන් කිසිදිනක බලාපොරොත්තු වුනේ නම් නෑ..ඉන්දු/ඇමරිකානු හිතවාදී මිලින්ද මොරගොඩව ඉන්දීය තානාපති තනතුරේ වඩා හිඳවා රටට අත්කරගත් සෙත් ශාන්තිය හෝ ජයග්‍රහණ කෙසේ වෙතත් යාන්තම් කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරාගත් අන්දම සිහිකරද්දී ඇඟේ හිරිගඩුත් පිපෙනවා..

    අද නැවත වතාවක් ඔබතුමා ජනවරම ඉදිරියේ පශ්චාත්භාගය පෙන්වනවා.

    එදා කතෘ අඥාත 20 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට හැකිවන අයුරින් වගන්තියක් ඇතුල් කිරීමටත් එයට ජනතා බලවේග විරුද්ධ වූවිට ඔබතුමාගේ දැඩි සංවේදීභාවය නිසා කොන්දේ ප්‍රශ්නයක් ඇති මහජන නියෝජිතයන් ඊට එකඟ කරවාගත්තේත් 2021 ජූලි අටවැනිදා වෙනුවෙන්ම බව ඔබේ ජනතාව අද උදෑසන අවදි වී දැකගන්නේ ඔබේ නිරුවත් පශ්චාත්භාගය ඉදිරියේදීයි..

    ඔබතුමාගේ සොයුරා පාර්ලිමේන්තුවට ඒම හෝ එහි ඕනෑම තනතුරක් දැරීම අපිට ගැටලුවක් නොවේ...ඔහුට ඔබකලා මෙන් සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන එම කටයුත්ත සිදුකර ගත්තානම් එහි ගැටලුවක් නෑ.

    නමුත් ඔබේ සොයුරාගේ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවයත් රැක ගෙන පාර්ලිමේන්තුවට ඒමට රටේ උත්තරීතර ව්‍යවස්ථාව පවා වෙනස් කිරීම අශෝභනයි..
    හුදෙක් යම් කිසි අයෙකුගේ ඇමරිකානු පුරවැසිභාවය රැකගැනීම වෙනුවෙන් රටක ව්‍යවස්ථාව පවා වෙනස්කරනවානම් එම රටේ තත්වය මොන තරම් ශෝචනීයද ජනාධිපතිතුමනි.එය ඔබේ පශ්චාත්භාගයටත් වඩා කැතයි ජනාධිපතිතුමනි...එහි වගඋත්තරකරුවා ඔබමිස වෙන කිසිවෙකුත් නොවේ අතිගරු ජනාධිපතිතුමනි..ඔබතුමා පෙනී සිටින්නේ දේශපාලන බලය ඔබගෙන් පසු ඔබගේ පවුලතුලට හුවමාරු කරන වැඩසටහනක් වෙනුවෙන් පමණක් බව දැන් රටම දන්නවා ..පාලම් බෝක්කු කාණු හැදීම,ඉස්කෝල පිට්ටැනි කැපීම,රෝහල් වල ඇඳන් හැදීම,පාරවල්වලට තාර දැමීම,ගම්වලට බස්රථ ලබා දීම වැනි තොරොම්බල් කාරණාවලදී ඔබගේ වන්දිභට්ටයන් හෝ ඔබතුමා ලබාදුන් තනතුරුවල ගිනිතපින්නන්
    චූන් වී ඔබතුමාට කුමන චිත්‍රයක් මවා පෙන්වූවත් ඔබට බලය ලබා දී රටේ ජනතාව ඔබෙන් බලාපොරොත්තු වූ ජාතික අරමුණු දැන් අතරමංවී පාර සොයනවා..ඒ බොහෝ කාරණා ඉටු කිරීමට තබා ඒවා ගැන ඔබට මතකදැයි දන්නේ නෑ .
    වසර හැත්තෑ ගණනක් කුණුවූ රටක් ඔබට වසර දෙකකින් වෙනස් කරන්නට නොහැකිබව ජනතාව දන්නවා වුනත් එම ජයග්‍රාහී ගමනේ ඉලක්කය,ජනවරමේ අභිප්‍රාය ඇත්තේ කොලඹ යාමනම් අඩුම තරම් මේ වනවිට ඔබතුමා කඩුගන්නාවවත් පසුකර සිටිය යුතුයි...නමුත් දැන් ඔබතුමා කොලඹ යන ගමන පසෙකලා රටේ අනිත් කෙලවරවන අම්පාර පැත්තට යනගමන් දහඅට වංගුව හරියේයි ඉන්නේ ජනාධිපතිතුමනි..අද ඒ අම්පාරට යන ගමන වේගවත් වුන ඵෙතිහාසික දවසක්..

    ඔබතුමා ආමන්ත්‍රණය කිරීමට මේ මොහොතේ මා සතුව ඇති ගෞරවනීයම සහ විනයගරුකම වචනවලින් මේ සටහන ලියා ඇති.
    ..මේ සටහන කිසිසේත්ම ඔබතුමාගේ දෑසට ලක්වෙන්නේ නැති බව මම දන්නවා.එසේ නොදකිනවානම් එයට මම කැමතියි..වචනවල තත්වය මීට වඩා එක පියවරක් හෝ පසුපසට ගෙන ඔබතුමාව ආමන්ත්‍රණය කිරීමට අකමැති නිසා මේ ඔබ ආමන්ත්‍රණය කරමින් ලියන අවසන් සටහන වෙනු ඇති..ඔබතුමා ඔබතුමාගේ සද්භාවය කෙලෙසාගෙන,හිරිඔතප් බිඳගෙන,ජනවරමට හැකිතරම් පශ්චාත්භාගය පෙන්වා ඇති නිසා ඔබතුමාගේ තඹදොයිතුවක වටිනාකමක් මට නම් නෑ...ඔබතුමා අසමත්..

    ඔබතුමා වැනි ගෞරවනීය පුද්ගලයෙකු රටේ ජනවරමට නොපෙන්විය යුතු පශ්චාත්භාගය මම රටේ පුරවැසියෙකු වශයෙන් මේ කෙටි කාලය තුල ඇති තරම් දැක ඇති නිසා ඔබතුමා ගැන කිසිදු විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් නැති වුනත් ඔබතුමාව විශ්වාස කරන තවත් පිරිසක් රටේ ඉතිරිව ඇති නිසා ඔවුන්ට කරන සාධාරණයක් වශයෙන්වත් ඉදිරි වසර තුනක කාලය තුල හැකිනම් හැල්මේ අම්පාරට යන ගමන නවතා ආපසු හැරී ගමන පටන් ගත් පේරාදෙණිය පාලම හරියටවත් ඒමට හැකි උනොත් ඔබතුමාට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ගෞරවයවත් රැකගත හැකි වෙයි..මට නම් එවැනි ආපසු හැරීමක් ගැන විශ්වාස කිරීමට නොහැකියි...ඔබතුමා පරාජය කොට ගෙනඑන විකල්පය කුමක් දැයි අපෙන් අසනවා..
    ඇත්තටම පේන තෙක් මානයක එවැනි විකල්පයක් නෑ...සිංහලයන් වශයෙන් අපිට අසරණවිමට පුරුදු කිරීමට අවශ්‍ය නෑ ..අප කාලාන්තරයක් ඒ අසරණකමේම ගිලී පන අදිනවා..
    නමුත් ඔබවැනි රෑකඩයක් අප සෙවූ විකල්පය නොවන බව දැන් වටහාගත්තා ජනාධිපතිතුමනි..

    මේ සටහන ඔබතුමා නොකියූවත් මෙහි වැඩවාසය කරන බොහෝ දෙනා නිශ්ශබ්දව මෙය කියවා පහලට යන බව මම දන්නවා
    මා ඔබතුමාගේ සතුරු පාර්ශවයේ බලගතු සතුරෙක් මෙන්ම දැන් ඔබතුමාගේ මිතුරු පාර්ශවයේද බලගතු සතුරෙක් වී ඇති නිසා 😊 මෙයට ලැබෙන ප්‍රතිචාර මම උපේක්ෂාවෙන් දරා සිටිනවා ..පුරවැසියෙකු ලෙස ඔබතුමා ජනාධිපති කරන සටන වෙනුවෙන් ලක්ෂ හැටනවයක ජනපවුරේ සාමාන්‍ය සෙබලෙකුගේ රාජකාරිය සිදුකල නිසා ඔබතුමාගේ සතුරු පාර්ශවය "අඩෝ දැන් දැය සනීපදැයි" අසනවා
    ..වසර හැත්තෑ ගණනක් පරම්පරා ගණනක් යනතුරු මේ ඉතිහාසය පුරාවටම බොහෝ ආණ්ඩුවලින් බොහෝ දේශපාලකයන්ගෙන්,දේශපාලන ව්‍යාපාරවලින්,පක්ෂවලින් ගාය සනීපකරගත්තේ " මම" පමණක් නිසා ඒ උපහාස සහ අපහාස නින්දා සියල්ල හිස පහත් කරගෙන අසා සිටීම මට විනෝදයක්...ඔබගේ මිතුරු පාර්ශවයද ඊට දෙවෙනි නෑ...😊..සමහරු මගෙන් අහනවා "මේ විදියට ආණ්ඩුවටයි ජනාධිපතිටයි විරුද්ධව ලියන්නේ මැරුම් කන්න ආසාවෙන්ද?උඹට ආය ලංකාවට යන්න බය නැද්ද " කියලා..මම එතකොට කියන්නේ "වෙන දෙයක් වෙයි..ඒත් හෘදසාක්ෂිය යට කරගෙන ඒක උඩ ඉඳගෙන තමන්ගේ රටේ දේශපාලන වහලෙක් වෙනවට වඩා අනුන්ගේ රටක දේශපාලන සරණාගතයෙක් වෙන එක මට සැපයි" කියලා..පත්කර ගත් පාලකයාට පත්කරගත්තවුන් විසින් සිදුකරන ලොකුම විනාශය නම් පාලකයා සිදුකරන සියලු දේ එක හඬින් අනුමත කිරීම බව තරයේ විශ්වාස කරමි ජනාධිපතිතුමනි..ඒ අනුව වියතෙකු නොවූ ම⁣ගේ අල්ප දැනුමට සහ හදවතට එකඟව ඔබතුමාට සහ ආණ්ඩුවට වැරැදි තැන වැරැද්ද පෙන්වා දී මා සිදුකලේ විනාශ වී යන ඔබතුමා ඉන් ගලවා ගැනීම බව මම විශ්වාස කරනවා.පැවති ආණ්ඩු,පාලකයන්,වත්මන් ආණ්ඩුව හෝ ඔබතුමාව ඕනෑම ආකාරයෙන් විවේචනය කිරීමට මම කිසිවිටකවත් බියවන්නේ නෑ.සිංහලයෙකු වශයෙන් මා බියවන්නේ ⁣නීතිවිරෝධී දේ සිදුකිරීමටත් සොරකමටත් පමණයි
    ..මම කිසිවෙකුවත් රවටන්නේ නෑ ජනාධිපතිතුමනි..එසේම කිසිවෙකු අතින්වත් මා රැවටෙන්නට කැමති නෑ.
    ..මා රැවටූවන්ට මගෙන් කිසිම සමාවකුත් නෑ..

    අවසානයේ කීමට යමක් තිබෙනවා ජනාධිපතිතුමනි..ඔබතුමා ජනවරම ඉදිරියේ නැවත වතාවක් පශ්චාත්භාගය පෙන්වීම ගැන ඇති වූ වචනයෙන් විස්තර කලනොහැකි අමුතු හැඟීම නිසා අද ඒ හැඟීමත් සමඟ මේ කිරිබත් පිඟාන කනවා සේම ඔබතුමා,ඔබතුමාගේ නෑදෑ පරපුර සහ ඔබතුමාගේ පාක්ෂිකයන් වේගයෙන් අම්පාර බලා යන ගමන සම්පූර්ණ කර අම්පාර නගරයට ලඟා වූ දිනක අනිවාර්යයෙන්ම එදිනටත් මේ වචනයෙන් විස්තර කල නොහැකි අමුතු හැඟීමෙන් මෙවැනිම කිරිබත් පිඟානක් කනවා කනවාමයි ජනාධිපතිතුමනි..
    එදාට මම ඔබවත් අද දිනයත් අමතක කරන්නේ නෑ..

    ඔබතුමාට දිගාසිරි ලැබේවා!

    -මාලින්ද ඩයස්-