ජනාධිපතිකමට ඉහලම සුදුස්සා රනිල්… අප ඔහුට සහාය දිය යුතුයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවයි. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද හෙතෙම පෙන්වා දෙයි.

    මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (15) උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

    “ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපතිවෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා.

    මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ ‍බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරිවෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ‍ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි.

    ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි.

    දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා. පෙට්ටිකඩයක් එහෙමත් නැත්නම් ආයතනයක් පාලනය කරනව වගේ රටක් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් වැඩ කරන්න හැමෝටම බැහැ. ආර්ථික අර්බුධ විසඳලා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඉතාම සීමිත කාලයක්. ඒ නිසා අනිත් අපේක්ෂකයන්ට එක අවස්ථාවක්වත් දෙන්න අවස්ථාවක් අපිට ඉතිරිවෙලා නැහැ. මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපතිධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා යැයිද පැවසීය.

    මාතියා උයා හිතන විදියට 2024 ජනාධිපති වෙන්න ඔනේ කවුද?

    නාමල් රාජපක්ෂ

    @2osama dan pohottu ponnayo puka denne raniltada, namaltada???
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මම කැට තියල කියන්නම් පොහොට්ටුව මේ නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ අපේක්ෂකයෙක් දාන්නෙ නෑ.. unp එකත් එක්ක හදන සන්ධානයක රනිල් තමයි ඉල්ලන්නේ. එහෙම කරන්නේ ආණ්ඩුවක් හැදුවොත් අගමැති කමයි ඇමතිකමුයි ගන්න බලාගෙන. සජිත්, රනිල් අනුර උන් තුන් දෙනා අතර තමයි තරගය තියෙන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Waves Goodbye GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මෙහෙමයි මචන්. ඔරිජිනල් යූඇන්පී කාරයො හැටියට අපි ප්‍රසන්නල කරපු දේශපාලනය අනුමත කරන්නෙ නෑ. ඒත් අංගුලිමාලත් බුදුහාමුදුරුවො ඉස්සරහ මෙල්ල වෙලා රහත් උනානේ. ඉතින් ප්‍රසන්නලත් රනිල් මහත්තයට ගරු කරගෙන හැදෙන්න අවස්ථාවක් අපි නොදී ඉන්නව කියන්නෙ වැරදි කරන කෙනෙකුට අපිත් අනුබල දෙනව වගේ වැඩක්. මනුස්සයෙක් හැදෙන්න හරි පාරට හැරෙනකොට ඒ මනුස්සයව ලැජ්ජාවට පත් කරල ඒ පාරෙන් වෙන පාරකට දාන එක අන්තිම වැරදි වැඩක්. ඒ නිසා ප්‍රසන්නල වගේ අයට යූඇන්පී කාරයෙක් ලඟ දනින් වැටෙන්න ලැජ්ජ නැද්ද වගේ කතා කියල අපහසුතාවයට පත් කරන්න එපා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand
    රනිල් තමයි හොදම සුදුස්සා. (වෙන නැත්නම්:dull:)
    ඒත් එන්න ඉන්න අපේක්‍ෂකයෝ දිහා බැලුවම සජිත්, අනුර (අන්තිම මොහොතෙදි හරිනිව බිල්ලට දීලා මාරු වෙයි), දිලිත් වගේ අය දිහා බලද්දි රනිල්ට හොද දේශපාලන අත්දැකීම් තියනවා.ආයේ මේ රට වැටෙන්න දෙයක් නෑ. මේ මට්ටමට හරි ගොඩගිය රට ආයෙත් නම් වට්ටන්න ලැස්ති වෙන්න එපා. ඒවගේම IMFගිවිසුම අහෝසි කරන උන්ටත් කවදාවත් ඡන්දේ දෙන්න එපා. මිනිස්සු චූන් කරන්න මොන කතා කිව්වත් imfඑක හැරෙන්න හොද විසදුමක් ලංකාවට නෑ. imf හැර හොද විසදුමක් තියනව නම් ඒක ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න කියන්න. එයාලව ජනාධිපති කරොත් කරලා පෙන්නන්නම් කියන අයට නම් රැවටෙන්න එපා. ලංකාවේ තවදුරටත් ඉන්න හිතාගෙන ඉන්න අය දේශපාලන අත්දැකීම් නැති අයට නම් ඡන්දේ දෙන්න එපා. මම මොකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙත් නෑ.
     
    යමක් කමක් තේරෙන මිනිස්සු.

    අපි රනිල්ව තෝරගන්න. එතුමා අසම සම නිසයි. එතුමව රීප්ලේස් කරන්න වෙන අය ලන්කාවේ නෑ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රනිල් තමයි හොදම සුදුස්සා. (වෙන නැත්නම්:dull:)
    ඒත් එන්න ඉන්න අපේක්‍ෂකයෝ දිහා බැලුවම සජිත්, අනුර (අන්තිම මොහොතෙදි හරිනිව බිල්ලට දීලා මාරු වෙයි), දිලිත් වගේ අය දිහා බලද්දි රනිල්ට හොද දේශපාලන අත්දැකීම් තියනවා.ආයේ මේ රට වැටෙන්න දෙයක් නෑ. මේ මට්ටමට හරි ගොඩගිය රට ආයෙත් නම් වට්ටන්න ලැස්ති වෙන්න එපා. ඒවගේම IMFගිවිසුම අහෝසි කරන උන්ටත් කවදාවත් ඡන්දේ දෙන්න එපා. මිනිස්සු චූන් කරන්න මොන කතා කිව්වත් imfඑක හැරෙන්න හොද විසදුමක් ලංකාවට නෑ. imf හැර හොද විසදුමක් තියනව නම් ඒක ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න කියන්න. එයාලව ජනාධිපති කරොත් කරලා පෙන්නන්නම් කියන අයට නම් රැවටෙන්න එපා. ලංකාවේ තවදුරටත් ඉන්න හිතාගෙන ඉන්න අය දේශපාලන අත්දැකීම් නැති අයට නම් ඡන්දේ දෙන්න එපා. මම මොකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙත් නෑ.
    රනිල්ට දෙන්න ද? සිරාවටම අහන්නේ?

    කොකා ඉගිලෙනකොටලූ මීඩියා යුනිට් හිගන සුද පේන්නේ 😂
     
    • Haha
    Reactions: gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෙහෙමයි මචන්. ඔරිජිනල් යූඇන්පී කාරයො හැටියට අපි ප්‍රසන්නල කරපු දේශපාලනය අනුමත කරන්නෙ නෑ. ඒත් අංගුලිමාලත් බුදුහාමුදුරුවො ඉස්සරහ මෙල්ල වෙලා රහත් උනානේ. ඉතින් ප්‍රසන්නලත් රනිල් මහත්තයට ගරු කරගෙන හැදෙන්න අවස්ථාවක් අපි නොදී ඉන්නව කියන්නෙ වැරදි කරන කෙනෙකුට අපිත් අනුබල දෙනව වගේ වැඩක්. මනුස්සයෙක් හැදෙන්න හරි පාරට හැරෙනකොට ඒ මනුස්සයව ලැජ්ජාවට පත් කරල ඒ පාරෙන් වෙන පාරකට දාන එක අන්තිම වැරදි වැඩක්. ඒ නිසා ප්‍රසන්නල වගේ අයට යූඇන්පී කාරයෙක් ලඟ දනින් වැටෙන්න ලැජ්ජ නැද්ද වගේ කතා කියල අපහසුතාවයට පත් කරන්න එපා.
    මෙහෙමයි මචන්. පෝට්ටු පල් හොරු රෙද්ද අස්සෙ දාගෙන චාටර් වෙන්නෙ නැතුව අඩුගානේ එන එකාව ආයෙ හොරකම් කරන්නෑ කියල කන්දෙක අල්ලගෙන අව්වට දනගස්සවලා තියන්න ඕනෙ. නැත්තං රනිලුත් පෝට්ටු පල් හොරෙක් ගානටම වැටෙනවා. දැනටත් චාටර් වෙලා ඉන්නේ :lol:
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මෙහෙමයි මචන්. පෝට්ටු පල් හොරු රෙද්ද අස්සෙ දාගෙන චාටර් වෙන්නෙ නැතුව අඩුගානේ එන එකාව ආයෙ හොරකම් කරන්නෑ කියල කන්දෙක අල්ලගෙන අව්වට දනගස්සවලා තියන්න ඕනෙ. නැත්තං රනිලුත් පෝට්ටු පල් හොරෙක් ගානටම වැටෙනවා. දැනටත් චාටර් වෙලා ඉන්නේ :lol:
    ඕක කරන්න ඔනේ තමයි. ඒත් කිරීමේ වේගය පාලනය කරගන්න ඕනේ. මොකද මිනිස්සු කැමති නෑ හොරුන්ව මිනීමරුවොන්ව කූඩුවෙ දානවට. ගිය පාර එෆ්සීඅයිඩී ගෙන්නල ගිය වේග වැඩියි. මේ පාර ටිකක් හෙමින් ශොට් එක දීගෙන යන්නෙ ඒ නිසයි. දුමිය ඇතුලෙ, කෙහෙලිය ඇතුලෙ
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕක කරන්න ඔනේ තමයි. ඒත් කිරීමේ වේගය පාලනය කරගන්න ඕනේ. මොකද මිනිස්සු කැමති නෑ හොරුන්ව මිනීමරුවොන්ව කූඩුවෙ දානවට. ගිය පාර එෆ්සීඅයිඩී ගෙන්නල ගිය වේග වැඩියි. මේ පාර ටිකක් හෙමින් ශොට් එක දීගෙන යන්නෙ ඒ නිසයි. දුමිය ඇතුලෙ, කෙහෙලිය ඇතුලෙ
    මයිනයි උගේ හොරු රැලයි ඇතුලට දැම්මොත් මමත් ඕකට කඩේ යනවා :lol:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මයිනයි උගේ හොරු රැලයි ඇතුලට දැම්මොත් මමත් ඕකට කඩේ යනවා :lol:

    ඒ මූන මේ විදිහට වෙනස් වෙනව බලාගන්න අවස්ථාව ලබල දුන්නෙ රනිල් මහත්තය බව අමතක කරන්න එපා.

    Shiranthi-Rajapaksa.jpg
     
    • Haha
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඇත්ත බන් ඇත්ත අනිවාර්යයෙන් සහය දෙන්න ඕනේ , නැත්තම් කප්පම් කේස් ආයේ උඩ එන්න පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි

    rajapakshala sududu naha kiyalada mu kiyanne

    @N A K A M U R A
    @2osama
    @weer 11
    @hirashgeff
    @nicjosh83 AKA @John Dutton
    @netudara awajathaka බන්ඩෝක්කෝ ponnaya

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭