ජනාධිපතිගේ ජනප්‍රියත්වය -80 දක්වා පහත වැටේ..- IHP වාර්තාව මෙන්න..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සියලු ම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදී අනාවරණය වී තිබේ.

    එම මත විමසුමේදී ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන කැමැත්ත පහළ ම මට්ටමට වැටී ඇති බව තහවුරු වී ඇත.

    ඉන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව අදාළ මත විමසුම සම්බන්ධයෙන් නිකුත් කර වාර්තාව පෙන්වා දී ඇත.

    ඒ අනුව, 2021 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා රට වසා දමා තිබූ කාල සීමාවේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය +50 සිට 2022 අප්‍රේල් මාසයේදී -80 දක්වා පහත වැටී තිබේ.

    අදාළ මත විමසුම දේශපාලනඥයින්ගේ සහ තෝරා ගත් ආයතන සම්බන්ධයෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිදු කර ඇත.

    එතැන් සිට 2022 ජනවාරි මාසය දක්වා ජනාධිපතිවරයා ඉහළ ජනප්‍රියත්වක් පවත්වා ගෙන ගොස් තිබේ.

    ඊට වෙනස්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය බොහෝ විට සෘණාත්මක වී ඇත.

    කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ ඒ සියල්ල වෙනස් වී ඇති බව ත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය බරපතළ ලෙස පහත වැටී ඇති බව ඇත අදාළ මත විමසුමේදී අනාවරණය වී තිබේ.

    එම වාර්තාව පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පෙබරවාරි මාසයේදී +20 සිට අප්‍රේල් පළමු සති තුන තුළ -80 දක්වා පහත වැටී ඇති බව ය.

    මාර්තු-අප්‍රේල් කාලය තුළ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය (-40) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (-33) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (-26) යන දෙදෙනාට ම වඩා පහත වැටී ඇත.

    ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ විශාලතම අඩුවීමක් සිදුව ඇත්තේ දිළිඳු, කාන්තාවන්, නාගරික සහ සිංහල වැඩිහිටියන් අතර බව එම මත විමසීමේදී තහවුරු වී තිබේ.

    මීට පෙර ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් දැරූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතාගේ ද ජනප්‍රියත්වය පහත වැටී ඇත.

    ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවිධානවල ජනප්‍රියත්වය සුළු වශයෙන් පහත වැටී ඇති අතර මහජන අප්‍රසාදය ඉහළ ගොස් ඇත්තේ විශේෂයෙන් ම දේශපාලනඥයින්ගේ බව පෙන්නුම් කරන බව අදාළ මත විමසුමේදී වැඩිදුරට ත් තහවුරු වී තිබේ.

    සම්පූර්ණ වාර්තාව මෙතැනින්

    මව්බිම
     
    • Like
    Reactions: HAneo and bruges

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    David Crosby Lol GIF by Twitter
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,895
    113
    වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සියලු ම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදී අනාවරණය වී තිබේ.

    බල්ලගෙ වැඩේ බූරුව කර කර ඉදියම තව හරි යනව
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතාගේ ද ජනප්‍රියත්වය පහත වැටී ඇත.
    මෙන්න මේක ටිකක් පිළිගන්න අමාරුයි