ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ජනාධිපතිතුමා 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අපේ උන්ට මොලයක් කියලා දෙයක් නැති හැටි, විදුලි බිල රුපියල් 100කින් වැඩි කරලා රුපියල් 10ක වට්ටමක් දෙනවා. ඉතින් අපේ මිනිස්සුන්ට මහින්ද මහත්තයා තරම් කෙනෙක් නැහැ. අපේ මේ ගොන් හැත්තට තෙරෙන්නේ නැහැ රුපියල් 10ක වට්ටමක් දුන්නට රුපියල් 90කින්ම විදුලි බිල වැඩි වෙලා කියලා. හෙට විදුලි බිල රුපියල් 1000කින් වැඩි කරලා රුපියල් 100ක වට්ටමක් දුන්නොත් අපේ මිනිස්සුන්ට පේන්නේ අඩු කරපු රුපියල් 100 විතරයි. අර වැඩි වෙච්ච 900 පෙන්නේ නැහැ. ඇත්තටම මේවට තමයි අශ්චර්ය කියලා කියන්නේ . . .
     
    2013-05-10

    අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි


    මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි.

    කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි.

    අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය:

    ඒකක 31-60 දක්‌වා

    ඒකකයක්‌ රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ.

    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 35 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 60.00 ක්‌ද අයකරනු ඇත.

    ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්‌තු අයකරනු ලබන අයුරු මෙසේය.

    ඒකක 61-90

    පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ.

    සෙසු ඒකක 30 ඒකකයක්‌ රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත.

    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 10 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 90.00 ක්‌ද අයකරනු ලැබේ.

    ඒකක 91-120

    පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ සහ මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315 ක්‌ අයකරනු ඇත.

    ඒකක 121-180

    පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315.00 ක්‌ද අයකරනු ලැබේ.

    ඒකක 180 ට වැඩි

    පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ.

    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 420.00 ක්‌ද අයකරනු ලැබේ.
    අපේ ගෙදර විදුලි බිල ඒකක 115 දක්වා අඩු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත් වේ. ඒකක 115ක් කර ගැනීමට සමත් වුණහොත් අපේ බිල මෙසේ වනු ඇත.


    පළමු ඒකක 60 රුපියල් 10 බැගින් රු. 600.00
    ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද රු. 360.00
    ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින් ඒකක 25කට රු. 662.50
    එකතුව 1622.50
    ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 රු. 649.00
    මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315
    එකතුව රු. 2586


    කලින් ක්‍රමය අනුව විදුලි බිල මෙසේය:

    ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
    ඉන්ධන අධිභාරය 40% = රු. 690
    මාසික ස්ථාවර ගාස්තුව = රු. 315
    එකතුව = රු. 2730.00

    නව ක්‍රමය නිසා ලැබෙන සහනය = රු. 144යි.

    බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

    මගේ විදුලි බිල වැඩි වීම = රු. 2586 - 1739 = රු. 847යි.

    මට නැවතත් කීමට ඇත්තේ මේ රු. 144 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයක් බවයි.



    මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
    http://www.w3lanka.com/2013/05/900.html
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පිස්සු පුසා;14925213 said:
    මේ අද දිවයින කතු වැකියෙන් කොටසක්,
    මේවට හිනා වෙන්නේ මොකෙන්ද කියල මට හිතා ගන්නවත් බැරිය



    _කෙන් බන්...._කෙන්