2013-05-10
අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි
මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි.
කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි.
අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය:
ඒකක 31-60 දක්වා
ඒකකයක් රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ.
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 35 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 60.00 ක්ද අයකරනු ඇත.
ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්තු අයකරනු ලබන අයුරු මෙසේය.
ඒකක 61-90
පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ.
සෙසු ඒකක 30 ඒකකයක් රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත.
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 10 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 90.00 ක්ද අයකරනු ලැබේ.
ඒකක 91-120
පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක් සහ මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315 ක් අයකරනු ඇත.
ඒකක 121-180
පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315.00 ක්ද අයකරනු ලැබේ.
ඒකක 180 ට වැඩි
පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ.
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 420.00 ක්ද අයකරනු ලැබේ.
අපේ ගෙදර විදුලි බිල ඒකක 115 දක්වා අඩු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත් වේ. ඒකක 115ක් කර ගැනීමට සමත් වුණහොත් අපේ බිල මෙසේ වනු ඇත.
පළමු ඒකක 60 රුපියල් 10 බැගින් රු. 600.00
ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද රු. 360.00
ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින් ඒකක 25කට රු. 662.50
එකතුව 1622.50
ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 රු. 649.00
මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315
එකතුව රු. 2586
කලින් ක්‍රමය අනුව විදුලි බිල මෙසේය:
ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
ඉන්ධන අධිභාරය 40% = රු. 690
මාසික ස්ථාවර ගාස්තුව = රු. 315
එකතුව = රු. 2730.00
නව ක්‍රමය නිසා ලැබෙන සහනය = රු. 144යි.
බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.
මගේ විදුලි බිල වැඩි වීම = රු. 2586 - 1739 = රු. 847යි.
මට නැවතත් කීමට ඇත්තේ මේ රු. 144 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයක් බවයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
http://www.w3lanka.com/2013/05/900.html