ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තš

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තš

    මංගල මේ දවස්වල දේශපාලනේ බැබලෙන තරුවක්. දේශපාලන ක්‍රීඩාව හොදින් කරගෙන යනවා.මට හිතෙනවා පොරට හොද අනාගතයක් තියේවි කියල. කාලයක් නිශ්ශබ්දව හිටිය. දැන් බැහැල වැඩ..................

    ජනාධිපතියි, ගෝඨාභයයි රනිල්ට උදේ හවා මල් තියා වැඳිය යුතුයි

    එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම හේතුකරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායා රූපයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා මල් තබා උදේ සවස වැඳිය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

    ශ‍්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉතිහාසයේ අඩුම රාජ්‍ය නායකයන් සංඛ්‍යාවක් සහභාගී වූ අසාර්ථකම සමුළුව යයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අදහස් පල කලේය.

    මන්ත‍්‍රිවරයා එහිදී මෙසේද අදහස් දැක්වීය.

    මෙවර රාජ්‍ය නායක සමුළුවට පැමිණ තිබෙන්නේ රාජ්‍ය නායකයින් 21 දෙනෙකු පමණයි. ශ්‍රී ලංකාවේ රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුවත් වෙනත් බොහෝ රටවල බි‍්‍රතාන්‍ය අනුගමනය කරමින් විධායක බලතල හිමි රජයේ ප්‍රධානියෙක් සහ රාජ්‍යයේ ප්‍රධානියෙක් වෙනම සිටිනවා. 1972 ට පෙර විලියම් ගොපල්ලව ජනාධිපතිතුමා සිටියත් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති තුමියයි. ස්වාසීලන්තය, ටොන්ගෝ වැනි රටවල්වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එරට රජුයි. එහෙත් එම රටවල් ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙරට දී.මූ. ජයරත්න අගමැතිවරයා තරම්වත් බලයක් නැති අගමැතිවරුන් දෙදෙනෙකු පමණයි. එවැනි කරුණු සැලකිල්ලට ගැනීමේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයේ අඩුම රාජ්‍ය නායකයින් ප්‍රමාණයක් සහභාගී වුණ රට බවට කොළඹ සමුළුව ඉතිහාසයට එක්වී තිබෙනවා.

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට දෙවැනි එලිසබෙත් රැජිණ සහභාගී වූයේ පළමුවතාවටයි. 2011 පර්ත් නුවර සමුළුවට රාජ්‍ය නායකයින් 36 දෙනෙකු ද 2009 ට්‍රිනිඩෑඩ් සමුළුවට රාජ්‍ය නායකයින් 34 ක් ද 2007 දී උගන්ඩාවේ සමුළුවට රාජ්‍ය නායකයින් 36 දෙනෙක් ද 2005 දී මෝල්ටාවේ පැවැති සමුළුවට 35 දෙනෙක් ද 2003 දී නයිජීරියාවේ පැවැති සමුළුවට 38 දෙනෙක් ද 1999 දී දකුණු අප්‍රිකාවේදී පැවැති සමුළුවට රාජ්‍ය නායකයින් 47 දෙනෙක් ද වශයෙන් සහභාගී වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණේ රාජ්‍ය නායකයින් අඩුම පිරිසක් සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව බව ඉතා පැහැදිලියි.

    අධිරාජ්‍යවාදී නැගෙනහිර රටවල්වලට වඩා දියුණුවෙමින් පවතින අප්‍රිකානු රටවල් සමග රාජ්‍යත්‍රාන්තික සබඳතා ඇති කර ගන්නා බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් පසුගිය කාලයේ ප්‍රකාශ කළා. ලෝකයේ බොහෝ රටවල් තානාපති කාර්යාල සංඛ්‍යාව අඩු කරමින් සිටින අවධියක අප්‍රිකානු රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල 15 ක් පමණ අලූතින් ආරම්භ කිරීමට මේ ආණ්ඩුව සැලසුම් කොට තිබෙනවා. එම එක් කාර්යාලයක් සඳහා වසරකට රුපියල් කෝටි ගණනක මුදලක් වැය කිරීමට ද නියමිතයි.

    අප්‍රිකා මහද්වීපයේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 19 ක් පමණ තිබුණත් ශ්‍රී ලංකාවේ පැවැති රාජ්‍ය නායක සමුළුවට පැමිණියේ ඉන් රටවල් 7 ක් පමණයි. ශ්‍රී ලංකාව අප්‍රිකා රටවල් සමග ඇති කර ගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ ප්‍රමාණය ඉන් මනා පැහැදිලියි. දකුණු අප්‍රිකාව, උගන්ඩාව, ලෙසතෝ, ටැන්සානියා, නැම්බියා, සීසේල්ස් සහ ස්වාසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණියත් දැවැන්ත ආර්ථික දියුණුවක් ලබන නයිජීරියාව වැනි රටවල් 12 ක් පැමිණියේ නැහැ. රතුපස්වල ජනතාව වතුර ඉල්ලා සිටියදී එම ජනතාවට වතුර නොදී උගන්ඩාවට ජලය ලබාදීමට මිලියන ගණනක් පරිත්‍යාග කළත් එරටින් කිසිදු රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ ද නැහැ. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 31 ක් කොළඹ සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කොට තිබෙනවා.

    ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ අප්‍රිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබෙන මෙවැනි අවස්ථාවක ඔහුට ආත්ම ගරුත්වයක් තිබේ නම් විදේශ අමාත්‍ය ධූරයෙන් ඔහු ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.

    කොළඹදී පැවැති චෝගම් සමුළුව අසාර්ථක වුවත් එය අවසානයේදී ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ නිල ප්‍රකාශය ගැන මම සතුටු වනවා. මෙම ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලූ රාජ්‍ය නායකයින් එකඟවී තිබෙනවා. සෑම රටකම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් එකඟවී තිබෙනවා. එම නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පත්වී සිටින නිසා ජනවාරි මාසය වන විටවත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ස්වාධීන කොමිෂන් සභා ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වන බවට වන ආදර්ශය අපේ රටේ ජනතාවටත්, පොදු රාජ්‍ය මණ්ඩලයටත් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට සහයෝගයට ලබා දෙන බවත්, ප්‍රකාශ කරනවා.

    කොළඹදී පැවැති රාජ්‍ය නායක සමුළුවේදී එකඟවූ කාරණා කිහිපයක් පිළිබඳ බරපතල ගැටලූ කිහිපයක් ද ඇති වෙලා. එහි 36 වැනි වගන්තියේ මානව අයිතීන් සම්බන්ධයෙන් තිබෙන විශ්ව ප්‍රකාශනයේ සඳහන් නිදහස සහ අයිතීන් තව තවත් ශක්තිමත් කිරීම සඳහා මේ දක්වා ලංකාව තුළ නීතිගත නොකොට ඇති ජාත්‍යන්තර ගිවිසුම් සියල්ල නීතිගත කිරීමට එකඟවී තිබෙනවා.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුම් රැසකට අත්සන් කර තිබුණත් රට ගැන සිතමින් ඇතැම් ගිවිසුම්වලට අත්සන් තැබීම මෙරට නායකයින් වරින් වර ප්‍රතිෙක්‍ෂ්ප කළා. එවැනි ප්‍රඥප්තීන් 6 ක් පිළිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර, ඉන් රෝම ප්‍රඥප්තිය විශේෂ වනවා. 2002 වසරේදී නෙදර් ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ පිළිබඳ උසාවිය පිහිටු වන ලද්දේ රෝම ප්‍රඥප්තිය මතයි. රෝම ප්‍රඥප්තියට අත්සන් කරන ලෙස එදා එක්සත් ජාතීන් ඇතුළු විවිධ රටවල්වල බලපෑම් ආවත් එවකට සිටි අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළා. යුද අපරාධ ශ්‍රී ලංකාව තුළ සිදු වුවහොත් ඊට දඬුවම් කළ හැකි ස්වාධීන අධිකරණයක් ලංකාව තුළ තිබෙන නිසා රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීම අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඊට අත්සන් තැබීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රතික්ෂේප කළා.

    ඉන් පසුව 2004 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත්, විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාටත් රෝම ප්‍රඥප්තියට අත්සන් කරන ලෙස බලපෑම් පැමිණියත් ඊට අත්සන් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව 2006 දී මා විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදීත් එම ඉල්ලීම පැමිණියත් මා එය ප්‍රතික්ෂේප කළා. එවැනි ගිවිසුමකට අත්සන් කොට තිබුණේ නම් යුද අපරාධ පිළිබඳ කිසිවෙක් බොරු චෝදනාවක් හෝ ලැබුවා නම් ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපට සිදු වනවා. එම නිසා මහින්ද රාජපක්‍ෂත්, ගෝඨාභය රාජපක්‍ෂත් සෑම උදෑසනකම රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තූරයක් ළඟ තබා ගෙන වැඳ නමස්කාර කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එදා දුරදිග බලා කටයුතු නොකළේ නම් මේ ආණ්ඩුවට ගැලවීමට නොහැකි තත්ත්වයක් ඇති වනවා.

    - UNP media
    -lankacnews