ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!

laknews

Member
Nov 16, 2009
94
1
0
ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!

ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!


17wj1v.jpg


දේශපාලනය කරනවාද?
ඔව්..!
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද?
ඔව්. විපක්‍ෂයේ සියලූ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල ඉල්ලීම මත මම පොදු අපේක්‍ෂකයාලෙස ඉදිරිපත් වෙනවා.

ඔබ දිනනවාද?
ඔව්.! මම දිනනවා.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා කවුරුන්ද යන්න රටම බලා සිටි ප‍්‍රශ්නයට ඉහත පිළිතුරු දෙමින්, ජනරාල් සරත් ෆොන්සේක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (29* පැවැති ඔහුගේ ප‍්‍රථම මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා වන මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිෙඡ්දයේ 31 වන වගන්තිය ප‍්‍රකාරව 2010 ජනවාරි මස 26 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකාවේ පිළිගත් නීතියට අනුකූලව, ලියාපදිංචි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණක් තුළින් ‘හංසයා’ ලාංඡුනයෙන් ඉදිරිපත් වන බව සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවට ප‍්‍රකාශ කර සිටින බව ඔහු සිය තීරණය ජාතියට දැනුම් දුන්නේය.

ෆොන්සේකා මහතා මෙසේද කීය.

‘ඔබ ඉතාම මගෙන් පුන පුනා ඉල්ලා සිටි උත්තරය සියළු දෙනා බලා සිටි උත්තරය මේ අවස්ථාවේදී මම ප‍්‍රකාශ කිරීමට කැමතියි. ඔබ දේශපාලනය කරනවාද? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද? උත්තරය ඔව්. දේශපානලනය කරනවා. පොදු අපේක්‍ෂකයෙක් ලෙස විරුද්ධ පක්‍ෂයේ සිටින සියලූම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල ඉල්ලීම මත මම ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා.’

‘මං මේ තීරණය ගත්තේ මගේ සුඛ විහරණය ගැන හිතලා නෙවෙයි. මගේ අනාගතය නැත්නම් මගේ සැප පහසුකම් ගැන හිතලා නෙවෙයි. අනිවාර්යයෙන්ම මම මේ තීරණය ගත්තේ අවුරුදු 40 ක රජයේ රාජකාරියක් කිරීමෙන් පසු යුනිෆෝම් එකක් ඇඳලා ඉඳලා ඒ යුනිෆෝම් එක ගලවලා යන්න ඉස්සෙල්ලා අවසාන කාලයේ රජයේ භාර¥ර වැදගත් කාර්යයකින් තොරව, වගකීම් වලින් තොරව නිකං කාලය ගත කිරීමේ තේරුමක් නැති නිසා මං හිතුවා රටට සේවයක් කිරීමට, රටේ අනාගතය තහවුරු කිරීමට රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට මම ඉදිරිපත් විය යුතුයි කියලා.’

‘රටට වෙන විනාශය මට බලා ගෙන ඉන්න බැරුව ගියා. මේ රටට වෙන පරිහානිය රටේ කළ ¥ෂණය, නාස්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවෙන හානිය තර්ජනය මාධ්‍ය නිදහස නැතිව යෑම, මතු පරපුරට හොඳ ආරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම, සාමය රැුකීම වැනිදේ ප‍්‍රමුඛත්වයට තබාගෙන මං මේ තත්ත්වයට මුහුණදීමට තීරණය කරා.

‘ඔබ සැමට මතක ඇති මම හමුදාපති වශයෙන් සිටින කාලයේ අවුරුදු 4 කට මදක් අඩු කාලයක් ඒ රාජකාරියේ යෙදී සිටියා. මම පොරොන්දු දෙකක් දුන්නා. පළවෙනි පොරොන්දුව මගෙන් පසුව මෙම යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට ඉතිරි කරන්නේ නෑ කියලා. මම ඒ පොරොන්දුව අකුරටම ඉෂ්ට කළා. දෙවෙනි පොරොන්දුව ගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ මම ප‍්‍රකාශයක් කළා මීට මතු ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදී නායකයාට නැවතත් මහාවීර දිනයක් අමතන්න මම ඉඩතියන් නෑ කියලා. ඒ පොරොන්දුවත් මම අකුරටම ඉෂ්ට කළා. මේ නොවැම්බර් මාසයේ 27 වෙනිදට යෙදිලා තිබුණ ඒ ප‍්‍රභාකරන්ගේ මහා වීර කතාව ඔබට අහන්න හම්බවුනේ නෑ. ඔබට මම මෙයින් පවසා සිටින්නේ මේ මම පොරොන්දු දුන්නොතින් ඒ පොරොන්දු අකුරටම ඉෂ්ට කරන පුද්ගලයෙක් හැටියට කරුණාකරලා මාව හඳුනාගන්නා හැටියට.’



Source :- http://wp.me/pI5Gy-4q
 

laknews

Member
Nov 16, 2009
94
1
0
‘පහුගිය කාලයේ ලබපු මේ යුද ජයග‍්‍රහණය ඒ ජයග‍්‍රහණයන් ලැබුවේ ඔබලා බලාපොරොත්තු වුණ රටට අවශ්‍ය සාමය ලඟාකර දුන් යුද ජයග‍්‍රහණය ලැබුවේ අනිවාර්යයෙන්ම ඒ යුද්ධයට මුහුණ දුන්න වීරෝධාර නිලධාරීන්ගෙත් වීරෝධාර සෙබලූන්ගේත් කැපවීම සහ නිර්භීතභාවය නිසයි. ඒ ජයග‍්‍රහණයේ ගෞරවය යම් කිසි කොටසක් විශාල ප‍්‍රමාණයක් මහජනතාවට අනිවාර්යයෙන්ම අයිති වෙනවා. මහජනතාව ඒ දීපු සහයෝගය අපිට ලැබුනෙ නැත්නම් ඒ ජයග‍්‍රහණය කරා අපට යන්න හම්බවෙන් නෑ. මම හැමවෙලේම මතක් කරපු දෙයක් තමයි තරුණයින් ලක්‍ෂ ගණනින් හමුදාවට බැඳුනා. අලූත් සාමාජිකයින් මේ මහජනතාව අතරින් පැමිණ නොසිටින්නට මේ ජයග‍්‍රහණය අපට කවදාවත් ලබාගන්න හම්බවෙන්නෑ. එම ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කාරයෙක් හැටියට ලක්‍ෂ දෙකක යුද හමුදාවක් මෙහෙයවමින් ජයග‍්‍රහණය කරා ගමන් කරවීමට හමුදාව මෙහෙයවීමට ලැබීම ගැන මම ඉතා නිහතමානීව ආඩම්බර වෙනවා. නමුත් මම ඒ ජයග‍්‍රහණයට ඇත්ත වශයෙන්ම සාර්ථකව දායකත්වයක් දුන් කිසිම කෙනෙක්ගේ ඒක උදුරා ගැනීමට තැත්කිරීමට හෝ ඒ ජයග‍්‍රහණය මතින් මම වීරයෙක් වීමට හෝ මම රජතුමෙක් වීමට උත්සාහ කරන්නේ නෑ.’

‘ජයග‍්‍රහණයේ යම් කිසි කොටසක් අනිවාර්යයෙන්ම දේශපාලනඥයින්ට දේශපාලන තීන්දු මත හිමි වෙනවා. නමුත් මම තදින්ම පිළිගන්නවා මේ රටේ හිටපු සියළුම රාජ්‍ය නායකයින් හට එක වගේම උනන්දුවක් අවශ්‍යතාවයක් තිබුණා මෙම යුද්ධය ජයග‍්‍රහණය කරලා මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න. ඒ අවස්ථාවල හමුදාමය අංශයන්ගෙන් ඇතිවුණ පසුබෑම නිසයි ඒ දෙය රාජ්‍ය නායකයින්ට ඒ කාර්යභාරය ඉෂ්ට කරගන්න බැරිවුණේ. අපි ලබපු ජයග‍්‍රහණය ස්ථීර වෙන්න වෙන්න තමයි විදේශ බලපෑම් ආදිය ආවේ. අතීතයේ සිටපු රාජ්‍ය නායකයින්ටත් විදේශ බලපෑම්වලට මුහුණ දෙන්න තිබුණා. අපි ප‍්‍රභාකරන් යන ත‍්‍රස්තවාදියා අවසාන කිලෝමීටර් 20 – 30 ට කොටු කරා නම් මේ අවස්ථාවේ ඒ ප‍්‍රශ්නය වැඩි වුණේ අපි හමුදාව ඒ රාජකාරිය හරියට ඉෂ්ට කර නිසයි. නැතිනම් සියලූම රාජ්‍ය නායකයින් සියලූම රජයන්ට අතීතයේ තිබුණත් දැන් පවතින රජයට වගේම ඒකම අවශ්‍යතාව සහ උනන්දුව හා කැපවීම තිබුණා මේ ප‍්‍රශ්නයෙන් රට බේරා ගැනීමට.’

‘අපි මේ යුද්ධය කළේ එක ජනකොට්ඨාශයකට විරුද්ධව කරපු දෙයක් නෙවේ. මේ යුද්ධය අපි කරේ දෙමළ ජනතාවට හෝ උතුරු නැගෙනහිර ජනතාවට විරුද්ධව කරපු යුද්ධයක් නෙවේ. මේ යුද්ධය අපි කරේ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධවයි. ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රට, ජාතිය, අගම් සියළුම ජාතීන් බේරා ගැනීම සඳහායි. ඒක හන්දා කිසිම කෙනෙක් වැරදි අර්ථකථනයක් දියයුතු නෑ මේ යුද්ධය කළේ යම් කිසි ජනකොට්ඨාශයක් විශේෂයෙන්ම ද්‍රවිඩ ජනකොට්ඨාශය පීඩාවට පත්කිරීමට කියලා. ඇත්ත වශයෙන්ම අපි කරේ ත‍්‍රස්තවාදීන් විනාශ කරලා ඒ ද්‍රවිඩ ජනකොට්ඨාශය ඒ හිටපු දුක්ඛිත පීඩිත තත්ත්වයෙන් මුදා ගැනීමයි. ඒ ද්‍රවිඩ ජන කොට්ඨාශයේ අනාගත පරපුරට නිදහසේ සාමයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගීමයි. ඒ උතුර නැගෙනහිර භූමිය ත‍්‍රස්තවාදයෙන් මුදවා ගැනීමයි. එපමණක් නෙවෙයි උතුරු නැගෙනහිර තිබුණ පූජ්‍ය ස්ථාන විශේෂයෙන්ම මඩු දේවස්ථානය වැනි ස්ථාන දීර්ඝ කාලයකට පස්සේ අපි ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරාගෙන මහජනතාවට වැදපුදා ගැනීමට හැකි අවස්ථාවක් සලසා දුන්නා. ඒ ගැන අපි ඉතා හද පතුලෙන් සෑහීමකට පත්වෙනවා. සතුටට පත්වෙනවා.’

‘දැන් ඒ අතරින් අපි විසඳුම් සොයාගෙන ගිහිල්ලා. සාමය කරා ගමන් කරලා ජාතික සමඟිය ගොඩනැගීමට කි‍්‍රයා කළ යුතුයි. රටේ අවශ්‍යතාවය, ජාතික සමඟිය, සියලූම ජාතීන් අතර සුහදව සාමයෙන් ජීවත් විය හැකි වටරාමුවක අපගේ ජාතිය ගොඩ නැගීමයි.’

‘දැනට පවතින රජය අපි මුදාගත් ප‍්‍රදේශවල හිටපු ද්‍රවිඩ ජනතාවට සලකපු ආකාරය ගැන මම සෑහීමකට පත්වන්නෑ. එම ජනතාව අපි ඉතා කැපවීම් කරලා ලක්‍ෂ තුනකට ආසන්න ද්‍රවිඩ ජනතාවක් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේර ගත්තා නමුත් හමුදා අයවලූන් ඉන් පසුව බලාපොරොත්තු වුණේ නෑ එම මුදාගත් අසරණ ජනතාව දුක්ඛිත තත්ත්වයකට පත්කරලා, කඳවුරුවල කොටුකරලා තියාගෙන සැප පහසුකම්වලින් තොරව ඉතාම වේදනාකාරීව ජීවත් වීමට යොමු කිරීමට. මම විශ්වාස කරනවා ඒ මුදා ගත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට රජයට හැකිවුණේ නෑ. ඒ ජනතාවගේ පහසුකම් ඒගොල්ලොන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට රජය උනන්දු වුනේ නෑ. ඒකත් හමුදාවල ශක්තියෙන් තමයි ඒ ජනතාව හැකිතාක් දුරට හෝ බලා ගත්තේ. ඒකහන්දා ඒ අඩුපාඩුව මම හෙළා දකිනවා. ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉදිරියටත් බලා ගත යුතුයි. ඒ ජනතාව නැවත පදිංචි කිරීමේදී ඒ ගොල්ලන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයා, බිම් බෝම්බ ඉවත් කර ආරක්‍ෂා සහිතව නැවත පදිංචි කරවිය යුතුයි. දේශපාලන පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඒ අය නැවත පදිංචි කරවීම සිදු නොකළ යුතුයි. එය සිදු කළ යුත්තේ අවංක චේතනාවකින් පමණයි.

දැනට පවතින රජය යුද ජයග‍්‍රහණයේ නියම ඵල නෙලා ගත්තේ නෑ. අපි යුද්ධය කරන අතරේ මේ යුද්ධයේ මුවාවෙන් මේ රජයේ රාජ්‍ය නායකයින් තමාට සේවයක් කර ගැනීමට උත්සාහ කළා. අපි යුද්ධ කළේ රට බේරා ගැනීමට මිසක් සියලූම හමුදා පොලීසියේ සහාය ඇතුව ග‍්‍රාමාරක්‍ෂක සිවිල් ආරක්‍ෂක නිලධාරින්ගේ සහාය ඇතුව පහුගිය කාලයේ තිබුණ සටන මෙහෙයවලා රට මුදා ගත්තේ රටේ සුබසිද්ධිය සඳහා මිසක් එක පවුලක සුබසිද්ධිය සඳහා නෙවේ. නමුත් අවසානයේ අපට පෙනුණු දෙයක් තමයි ඒ ලබාගත් ජයග‍්‍රහණයේ ඵල නෙලා ගැනීම අමතක කරලා එක පවුලක අභිවෘද්ධිය සඳහා රාජ්‍ය නායකයා කටයුතු කරනවා. ඒක අපි හෙළා දකිනවා. ඒ කටයුතු කිරීම තුලින් ඔවුන්ගේ කැපවීමක් රහිත භාවය, රටට ආදරයක් නැති භාවය, රටේ ජනතාවට ආදරයන් නැති භාවය මනාවට ඔප්පු කරලා තියෙනවා.



Source :- http://wp.me/pI5Gy-4q
 

laknews

Member
Nov 16, 2009
94
1
0
ඒ කරපු කැපවීම්වල විශාල පරිමාණයේ කැපවීම් කරලා ති‍්‍රවිධ හමුදා සහ සියලූම ආරක්‍ෂක හමුදා ලබාගත් ජයග‍්‍රහණයේ ඵල නෙලා නොගැනීම එම ජයග‍්‍රහණයෙන් රාජ්‍ය නායකයා සහ පවුලේ අය පමණක් ගොඩවීමට උත්සාහ දැරීමට අපට දරාගත නොහැකි ඉතාම කළ කිරීමට පත්කරවන සුළු තත්ත්වයක් ඇතිකරලා තියෙනවා. ඒ තත්ත්වයේ මත සිට තමයි මම ඉදිරියට රටට සේවය කිරීමට මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට, දේශපාලන කිරීමට අදහස් කළේ.

මේ කුණු ඉවත් කිරීමට යෑමේදී, මං දන්නවා කුණු ඉවත්කරන්නට යන අයගේ අත්වල කුණු ගෑවෙනවා. කණගාටුවෙන් උනත් මට ඒ තත්ත්වයට මූණ දෙන්න වෙනවා. කුණු කන්දල් ගොඩනගාගෙන ඉන්නවා රජය ඒ කුණු කන්ද ඉවත්කරන්නට යෑමේදී අපේ ඇගේ කුණු ගෑවෙනවා ඔබටත් පේනවා අපට දැනට මඩ ගහනවා, චරිත ඝාතනය කරනවා, ඒ තත්ත්වයට කණගාටුවෙන් උනත් මුහුණ දෙන්න මම නිර්භීතව නිර්භයව ඉදිරිපත් වෙනවා.

මෙම රජය ඉතාමත් සදාචාරාත්මක නොවන විදියට හමුදාව දේශපාලණීයකරනය කරමින් සිටිනවා දැනට. ඒක මම ලංකාවේ සිටපු මෙතෙක් කාලයට බිහිවූ ජ්‍යෙෂ්ඨම නිලය අදිමින් හමුදාවේ සේවය කළ නිලධාරියා හැටියට ඒක මම ඉතාම තදින් හෙළා දකිනවා. හමුදා නිලධාරීන් නිල ඇඳුමින් ගෙනැල්ලා මාධ්‍ය තුළින් ඉදිරිපත් කරලා දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හදනවා. ඔබට ඒක ඉතා පැහැදිලිව පේනවා ඇති. හමුදා නිලධාරීන් වක‍්‍රව දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට යොදවනවා. රණවිරුවන් යොදවලා දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න හදනවා. රණවිරුවන් නොමග යවමින්, ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් යුද හමුදාවෙන් ඉවත්වගොස් සිටින රණවිරුවන් වැරදි ආකාරයට පාවිච්චි කරමින් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හදනවා. ඒ තත්ත්වය මම අනිවාර්යයෙන්ම හෙළා දකිනවා. එය සදාචාරාත්මක නෑ. සියලූ දෙනාම එය තේරුම් ගත යුතුයි.

මං මේ තත්ත්වයට අවතීර්ණය වුණේ දේශපාලනඥයකුවීමේ අභිමතාර්ථයෙන්ම නෙවේ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට මගෙන් යම්කිසි සේවයක් විය යුතුය කියා මම සිතමු නිසයි. සියලූම ජාතීන්ගේ ආරක්‍ෂාව සුරැුකීමට මම යම්කිසි සේවයක් යම් කිසි පියවරක් ගත යුතුයි එය මගේ වගකීමක් කියලා සිතුන නිසයි. ත‍්‍රස්තවාදීන් විනාශ කරලා ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රට මුදාගෙන ඒකාධිපතියකුට රට බාරදීමට මං හිතන්නෑ අපි ඉඩ තියලා නිශ්ශබ්දව සිටිය යුතුයි කියලා. ඒකාධිපතිවාදය විධායක ජනාධිපති ධූරය පිටුපස සැගවී සිට ඒකාධිපතිවාදයක් ගෙන යෑමට කිසිවකුට ඉඩදිය යුතු නෑ. ඒක නිසා ඒ තත්ත්වය යටතේ මට අකමැත්තෙන් හෝ පැකිලෙමින් හෝ දේශපාලනයට අවතීරණය වෙන්න සිද්ධ වුණා.

එය ඔබ සැම කරුණාකර වටහා ගනී කියා මා සිතනවා.

මා පුද්ගලිකව හිතනවා මට අවස්ථාවක් ලැබෙනව නම් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවස්ථාව ලැබෙනව නම් මම මේ අවස්ථාව කොයිම වෙලාවකවත් පැහැර හරින්නෙ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන පක්‍ෂ තිබිය යුතු වග මා පිළිගන්නවා. රජයක් සහ විරුද්ධ පක්‍ෂ නමුත් වෛරී දේශපාලනය මඩ ගැසීමේ දේශපාලනය පළි ගැනීමේ දේශපාලනය මං තදින් හෙළා දකිනවා. මම පුද්ගලිකව හිතනවා දියුණු රටවල්වල හැටියට මේ රටේත් එකම නිවසේ එකම පවුලේ ස්වාමියාට සහ බිරිඳට පක්‍ෂ දෙකකට ඡුන්දය දීලා එකට කෑම මේසයේ වාඩි වෙලා කාලා සාමයෙන් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි දේශපාලන නිදහස කියන්නේ. ඊට පස්සේ ගෙදර ඇව්ල්ලා ගහගන්න අවශ්‍ය නෑ. පිඟන් වීසි කරලා පුටු වීසි කරලා. එවැනි අවබෝධයක් තිබිය යුතුයි නියම දේශපාලනය තියෙන රටක් හැටියට පිළිගන්න නම්. අසල්වැසින්ට පක්‍ෂ දෙහෙකට ඡුන්දය දීලා ඊට පස්සේ සමගියෙන් කාලය ගත කිරීමට හැකි විය යුතුයි. ඒක තමයි මා බලාපොරොත්තු වෙන ප‍්‍රාර්ථනා කරන දේශපාලන සංස්කෘතිය.


Source :- http://wp.me/pI5Gy-4q
 

laknews

Member
Nov 16, 2009
94
1
0
ඒ අනුව මම සියලූම රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යහපාලනය ඇති කිරීමට මට ජනවරමක් ලබාදෙන ලෙසයි. යහපාලනය ඇති කිරීමට මට ජනවරමක් ලබාදෙන්න. රටට වින කරපු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මට ජනවරමක් ලබාදෙන්න. මහජනයාගේ කරපිටින් අවතීර්ණය වෙලා මහජනයාට බොරු පොරොන්දු දී විධායක ජනාධිපති ධූරය ලබාගෙන ඒ ජනාධිපති ධූරයේ සිටිමින් රටට වින කරමින් කාලය ගත කරන ජනාධිපතිවරයකු වීමට මට අවශ්‍ය නෑ. දැනට සිටින ජනාධිපතිතුමා එවැනි පොරොන්දු දී එම ධූරයේ තැන්පත්වී නමුත් ඉතාම ගුණමකු ලෙසින් මහජනයා බලාපොරොත්තු වූ දේ අමතක කරමින් රාජකාරි කරනවා. ඒ තත්ත්වය මම තදින් හෙළා දකිනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතුයි. ඒකාධිපති ජනාධිපති කෙනෙක්ගෙන් මේ රටට කිසිම සේවයක් කවදාවත් සිදුවන්නේ නෑ.

මම බලයට පත්වූ විට ඒ ගැන වඩාත් විශ්වාසය තියෙනවා. ඔබ සැමගේ සහයෝගය අද සිට එක පුද්ගලයෙකුට රට විනාශ කිරීමට ඇති හැකියාව නැති කරනවා. මහජනතාවට වග කියන පාර්ලිමේන්තුවකට බලය පැවරීමට හැකි ව්‍යවස්ථාවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මහජනතාවට වග කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත මහජනතාවට වගකියන බලය සහිත පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කි‍්‍රයා කරනවා.

බලයට පැමිණි වහාම 17 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ යටතේ අවශ්‍ය නිදහස් කමිටු ස්ථාපනය කොට ව්‍යවස්ථා සභාව ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. මෙතෙක් කල් එම පියවර ගැනීමට පමා වී තියෙන්නේ ව්‍යවස්ථා සභාවේ කමිටු පත් කිරීම ඇන හිට තියෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන ලබාගැනීමට නොහැකි වීම මතයි. ඒ තත්ත්වය මග හැර ඉතාම වහාම ජනාධිපතිවරණයෙන් පසු මම එය කි‍්‍රයාවට යෙදීමට බලාපොරොත්තු වෙනවා. ඒක කඩ නොවෙන පොරොන්දුවක්.

ජයග‍්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු ඡුන්දය පවත්වා තුනෙන් දෙකක බලය ලබාගෙන හැකි වහාම නිසි වේලාවට එම බලය ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය පියවර බලය සහයෝගය ලබාගැනීමට හැකිවේ කියා මට විශ්වාසයි. විරුද්ධ පක්‍ෂයේ සිටින මැති අමැතිවරුන් පමණක් නෙවෙයි රජයේ සිටින මැති ඇමැතිවරුනුත් ඒකට සහයෝගය දෙන බව මට විශ්වාසයි. දැනටමත් මේ රජයේ සිටින මැති ඇමැතිවරු විශාල සංඛ්‍යාවක් අපට සහයෝගය දීමට ඉදිරිපත්වී සිටිනවා. එළිපිට කතාකරන්න පුද්ගලික හේතූන් මත ඒ කට්ටිය අකමැති වුණත්.

අතීතයේදී විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරනා බවට නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒ පොරොන්දු කිසිම වෙලාවක ඉෂ්ට වුණේ නෑ. මම විනය ගරුකව රාජකාරි කර, අකුරටම මගේ රාජකාරිය ඉෂ්ට කර අවුරුදු 40 ක හමුදා සේවයක් සහිත විශ‍්‍රම ගිය හමුදා නිලධාරියෙක්. ඒක හන්දා ඒ ලබාගත්ත පන්නරය තුළින් දෙන පොරොන්දු ඉෂ්ට කිරීම වගකීම් ඉෂ්ට කිරීම යන ස්ථාවරයේ ඉඳලා මම මේ දෙන පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.

රටේ විනය ඇති කිරීමට සහ පොරොන්දු ඉෂ්ට කරන දේශපාලනයක් ඇති කිරීමට අවශ්‍ය අඩිතාලම දමමින් රට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. මට රජ පවුලක් ගොඩ නැගීමට අවශ්‍ය නෑ. මගේ පවුල දැන් ඉන්න තත්ත්වයෙන් ජීවත් වෙනවා කියන එක දැකීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව. අත් පිරිසුදුයි. ඒවට මඩ ගැසීමට පටු දේශපාලන මතිමතාන්තර මත සිට උත්සාහ කලත් අවුරුදු 40 ක තිබුණු පිරිසුදු හමුදා නිලධාරියකුගේ චරිතය මා හිතන්නෑ මඩ ගැසීම තුළින් දැන් දුර්මුඛ කරන්න එහෙම නැත්නම් ඒතට අපහාස කරන්න හැකි වෙයි කියලා. මගේ අත් පිරිසුදු බව මං දන්නවා මා යටතේ සේවය කළ සියලූම දෙනා සියලූම අවස්ථාවල ඒක ඒකමතිකව පිළිගන්න දෙයක් ඉදිරියටත් මම ඒ පිරිසුදු බව රැුක ගැනීමට කි‍්‍රයා කරනවා. රට ජාතිය ආගම වෙනුවෙන්.

දැනට පවතින රජය ඡුන්දය දිනීම සඳහා ඉතා පහත් ක‍්‍රම අනුගමනය කරන වග ඔබට දැනටමත් පෙනී යනවා ඇති අපි එවැනි ක‍්‍රම අනුකරණය කිරීමට හෝ එවැනි ක‍්‍රම ඉදිරියට ගෙන යෑමට කිසිම බලාපොරොත්තුවක් නෑ. මඩ ගැසීම්, චරිත ඝාතනය කිරීමට විශාල ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. සමහර හමුදා නිලධාරීන් මාධ්‍ය ගෙනැල්ලා නොයෙක් ප‍්‍රකාශ කරනවා. ඒ හමුදා නිලධාරීන්ම මට මගේ රාජකාරිය අගයලා මම යුද්ධය නිම කිරීමට කළ සේවය අගයලා එවපු සුබපතපු ලිපි ලේඛන මා ගාව තියෙනවා. ඒ ලිපිලේඛන අනාගතයේදි ඔබ සැමට දැකගන්නට පුළුවන් වෙයි. දැනට මා වෙනුවෙන් මඩ ගැසීමට ඉදිරිපත්වී සිටින නිලධාරීන් අතීතයේදී මා ගැන කිව්වේ මොනවාද? ජනාධිපතිතුමා මාගේ යුද හමුදාපති සේවය ගැන කිව්වේ මොනවාද? මම ඕනෑම හමුදාවකට අණදිය හැකි ඕනෑම නූතන හමුදාවකට අණ දිය හැකි හොඳම හමුදාපතිවරයෙක් කියලා ජනාධිපතිතුමාගේ කටින් පහුගිය කාලයේ ප‍්‍රකාශ කළා. ආරක්‍ෂක ලේකම්තුමාගේ කටින් ප‍්‍රකාශ කළා මම ලෝකයේ ඉන්න හොඳම හමුදාපති කියලා ඉන්දියාවේ ආරක්‍ෂක උපදේශකතුමා පැවසූ බව ඒ සියල්ල ඔබට මතක ඇති. ඒ කට්ටියම තමයි දැනට හමුදාපති හැටියට මම සාර්ථක නෑ, මම වැරදි කළා කියලා පවසමින් මට මඩ ගැසීමට උත්සාහ කරන්නේ.

රටට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ලබාදීමට මා පොරොන්දු වෙනවා රටේ අනාගත පරම්පරාවට තරුණ පරම්පරාවට ඔබ සැමගේ ¥ දරුවන්ට ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට නම් යහපත් අනාගතයක් ගොඩ නැගීමට නම් ඒ වෙනස අවශ්‍යයි. අපි නිදහස ලැබූු කාලයේ සිටම පහුගිය අවුරුදු 50 කට අධික කාලයක් තුළ ඒ වෙනස අපි දැක්කෙ නැහැ. එක එක වැරදි කලා ඒකෙන් ටිකෙන් ටික අරාජික වුණා ඇරෙන්න රටේ දියුණුවක් අපි දැක්කෙ නෑ. ඒ වෙනස ගෙනැල්ල ඒ දියුණුව දකින්න ඔබට අනිවාර්යයෙන්ම සලස්සනවා. ඒ සඳහා උපරිම කැපවීමෙන් කි‍්‍රයා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම කියා සිටිනවා. රට වැසියා උගත්. මොඩයි කියලා, බොරු කියලා රවට්ටන්න පුළුවන් රටේ වැසියෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. දේශපාලනඥයින් මෙච්චරකල් හිතුවේ බොරු කියලා රටවැසියා රවට්ටලා තමාගේ බලය රැුක ගත හැකියි කියලා. රට වැසියා උගත්. උගත් රටවැසියාගෙන් ඉල්ලා සිටිනවා ඉතාම ඥානාන්විතව තමාගේ මොලය පාවිච්චි කරලා රටේ තත්ත්වය අවබෝධ කරගෙන රටට අවශ්‍ය දියුණුව ලබාගත හැකි ආකාරය ගැන කල්පනා කරලා පහුගිය අවුරුදු හතර ඇතුලත ඒ රට වැසියා දුටු දෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන් ද කියලා කල්පනා කරලා ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න කියලා. ඒ යුතුකම මහ ජනතාව අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.


Source :- http://wp.me/pI5Gy-4q
 

laknews

Member
Nov 16, 2009
94
1
0
සිය අදහස් දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් තුන් සියයක් පමණ සහභාගී වූ මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඍජු ප‍්‍රශ්ණ වැලක් ජෙනරාල් වරයා වෙත එල්ල විය. ඉතා කෘතහස්ත දේශපානඥයෙකු මෙන් සියළු ප‍්‍රශ්ණ වලට සැහැල්ලූවෙන් පිලිතුරු දුන් ෆොන්සේකා මහතා ඉංග‍්‍රීසි සිංහල භාෂා ද්වයම චතුර ලෙස හැසිරවීය.

මෙහිදී ඇසූ ප‍්‍රශ්ණ සහ පිළිතුරු මෙසේ ය.

ප‍්‍ර: ඔබ චන්දය ඉල්ලන්නේ කුමන ලකුණින් ද?
පි: හංසයා ලකුණින් ඡුන්දය ඉල්ලනවා. ඌ දියෙන් කිරි වෙන් කර ගැනීමට හැකියාවක් ඇති බුද්ධිමත් සතෙක්.

ප‍්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?
පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප‍්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප‍්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිබෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡුා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක්‍ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප‍්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක්‍ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක්‍ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.

ප‍්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡුන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?
පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡුන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡුන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි.

ප‍්‍ර: දෙමළ ජාතියේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ඇති වැඩ පිලිවෙල කුමක්ද?
පි: මා කලිනුත් මේ ප‍්‍රශ්ණයට පිළිතුරු දුන්නා. ඔය පිළිබඳ වාද කරලා පලක් නෑ. රටේ ව්‍යවස්ථාවෙන් මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරලා තියෙනවා. එය නිවැරදිව ක‍්‍රියාත්මක කළ යුතුයි.

ප‍්‍ර: ඉදිරි ආර්ථික ජයග‍්‍රහණයන්ට පෞද්ගලික අංශය ගැන ඔබේ අදහස කුමක්ද?
පි: පෞද්ගලික අංශය යනු රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එය පැත්තකට දමා රටක් දියුණු කළ නොහැකියි. ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කිරීමට වටපිටාව සැකසිය යුතුයි. ආණ්ඩුව මැදිහත් වූ විට තමයි, ¥ෂණය අල්ලස් ගැනීම වැනි දෑ සිදුවන්නේ. දැන් ඔබට එය සිදුවන හැටි පෙනෙනවානේ.

ප‍්‍ර: මැතිවරණයේදී ඔබ උතුරට යනවාද?
පි: මගේ ආරක්‍ෂාව සපයනවා නම් උතුරේ ජනයා ඇමැතීමට මම ඉතා ආශාවෙන් ඉන්නවා.

ප‍්‍ර: ඔබ බලයට පැමිණි පසු පක්‍ෂ මාරු කරන අය ගැන කුමක්ද කරන්නේ?
පි: පුද්ගලික වාසි තකා අත්තෙන් අත්තට පණින දේශපාලනය වෙනස් කළ යුතුයි. එම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. පාර්ලිමේන්තු ඡුන්දයෙන් පසු එ් සඳහා නීති සකස් කළ යුතුයි.

ප‍්‍ර: අද ඔබට සහාය දෙන මංගල සමරවීර මහතා එදා ඔබට චෝදනා කළා….
පි: ඔව්, මා සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නෑ කියා කීවා. විපක්‍ෂයේ සිටියදී ආණ්ඩු වල ක‍්‍රියාමාර්ග විවේචනය කරනවා. එදා තත්ත්වයේදි මම ආණ්ඩුවේ. අනෙක එ්වා පුද්ගලික කාරණා. අද අප එක්ව සිටින්නේ ඊට වඩා වැදගත් රටේ පොදු කාරණා සම්බන්ධයෙන්. ප‍්‍රශ්ණයක් නෑ, අද අපි හොඳ මිතුරන්.

ප‍්‍ර: සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත ඝාතනය ගැන කුමක්ද කියන්නේ?.
පි: ලසන්ත පමණක් නොවෙයි, කොළඹ සිදු වූ බොහෝ අපරාධ ගැන නීතිය ක‍්‍රියාත්මක නොකිරීම ගැන එදත් අදත් ඔවුන් වගකීම බාර ගත යුතුයි. එ්වා ගැන ඔවුන් මට ඇඟිල්ල දිගු කළාට වැඩක් නෑ. මම විනය ගරුක හමුදාවක් රට බේරා ගැනීම සඳහා මෙහෙයවූවා මිස පාතාල කණ්ඩායම් සමග වැඩ කරන මිනීමරු කණ්ඩායමක් මෙහෙයවූවා නොවේ. මම පොලූ අරන්, පිස්තෝල අරන් පාරේ බැහැල චන්ඩිකම් කළා නොවේ. බලයට පත් වූවොත් මේවා ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් කරනවා. ඔවුන් වගේ මට අද සාක්කි නැතුව එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන එක හරි නෑ. විශේෂත්වයකින් තොරව පරීක්‍ෂණ කළ යුතුයි. එය කරනවා.

ප‍්‍ර: ඉන්දියාව ඔබ සමග තිබෙන සම්බන්ධය කොහොමද?
පි: ඉන්දියාව සමග ඉතා හොඳූ සම්බන්ධකම් තිබෙනවා. මා පළමුවරට හමුදාවට බැඳී දෙවන ලූතිනන් වරයෙකු ලෙස පුහුණුවන්න ගියෙත් ඉන්දියාවට. ඉන්දියාවේ මා සිව් වතාවක් පුහුණු වී තිබෙනවා. මට ඉන්දියාව සමග තිබෙන්නේ සියයට දහසක හොඳ සම්බන්ධතාවයක්. ඉන්දියානු සංස්කෘතියට මා ඉතා ගරු කරනවා. ඉන්දියානු සංගීතයට මා ඉතා කැමතියි. පාසල් යන කාලයේ ඉඳන් ඉන්දියානු චිත‍්‍රපට නැරඹීමට මා ඉතා ආශයි. අපගේ විශිෂ්ඨ අසල් වැසියා ඉන්දියාවයි.

ප‍්‍ර: ගුවන් පාලම් වලින් වගේ මහජන මුදල් ගසා කෑම ගැන මොකද කරන්නෙ? එම මුදල් අය කරගන්නේ කෙසේද?
පි: එවැනි දේ කරපු අය උපරිම දඬුවම් ලැබිය යුතුයි. එවැනි දේ යළි සිදු නොවීමට ක‍්‍රම සෙවිය යුතුයි. එවැනි දේ කළ අයට රාජ්‍ය තාන්ත‍්‍රිකව දඬුවම් දී එම මහජන මුදල් යළි ලබා ගත යුතුයි. මෙසේ මහජන මුදල් වංචා කළ හැකි තත්ත්වය නතර කළ යුතුයි.

ප‍්‍ර: විදේශ රටවල් යුද අපරාධ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට කරන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?
පි: අප කළ යුද්ධය ඉතා විනය ගරුකව අප කළා. නමුත් කවුරු හෝ කොතැන හෝ යුධ අපරාධයක් කළා කියා එ් පිළිබඳ ඔවුන් නිවැරදිව පෙන්වනවා නම් අප එ් ගැන පරීක්‍ෂණ පවත්වනවා.

ප‍්‍ර: ‘මතට තිත’ ගැන ඔබ මොකද කියන්නෙ?
පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එ්ත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිබෙනවා. ප‍්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එ්ත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එ්වා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට දඬුවම් කළ යුතුයි.


Source :- http://wp.me/pI5Gy-4q
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
එ්ත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිබෙනවා. ප‍්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි.
:shocked::no:

නමුත් මම තදින්ම පිළිගන්නවා මේ රටේ හිටපු සියළුම රාජ්‍ය නායකයින් හට එක වගේම උනන්දුවක් අවශ්‍යතාවයක් තිබුණා මෙම යුද්ධය ජයග‍්‍රහණය කරලා මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරා ගන්න.
:eek: