ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!
දේශපාලනය කරනවාද?
ඔව්..!
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද?
ඔව්. විපක්ෂයේ සියලූ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉල්ලීම මත මම පොදු අපේක්‍ෂකයාලෙස ඉදිරිපත් වෙනවා.
ඔබ දිනනවාද?
ඔව්.! මම දිනනවා.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න රටම බලා සිටි ප්‍රශ්නයට ඉහත පිළිතුරු දෙමින්, ජනරාල් සරත් ෆොන්සේක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (29* පැවැති ඔහුගේ ප්‍රථම මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ගාර්දිහේවාගේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිෙඡ්දයේ 31 වන වගන්තිය ප්‍රකාරව 2010 ජනවාරි මස 26 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පිළිගත් නීතියට අනුකූලව, ලියාපදිංචි ප්රජාතන්ත්රවාදී පෙරමුණක් තුළින් ‘හංසයා’ ලාංඡුනයෙන් ඉදිරිපත් වන බව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රකාශ කර සිටින බව ඔහු සිය තීරණය ජාතියට දැනුම් දුන්නේය.
ෆොන්සේකා මහතා මෙසේද කීය.
‘ඔබ ඉතාම මගෙන් පුන පුනා ඉල්ලා සිටි උත්තරය සියළු දෙනා බලා සිටි උත්තරය මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කිරීමට කැමතියි. ඔබ දේශපාලනය කරනවාද? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද? උත්තරය ඔව්. දේශපානලනය කරනවා. පොදු අපේක්ෂකයෙක් ලෙස විරුද්ධ පක්ෂයේ සිටින සියලූම ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉල්ලීම මත මම ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා.’
‘මං මේ තීරණය ගත්තේ මගේ සුඛ විහරණය ගැන හිතලා නෙවෙයි. මගේ අනාගතය නැත්නම් මගේ සැප පහසුකම් ගැන හිතලා නෙවෙයි. අනිවාර්යයෙන්ම මම මේ තීරණය ගත්තේ අවුරුදු 40 ක රජයේ රාජකාරියක් කිරීමෙන් පසු යුනිෆෝම් එකක් ඇඳලා ඉඳලා ඒ යුනිෆෝම් එක ගලවලා යන්න ඉස්සෙල්ලා අවසාන කාලයේ රජයේ භාර¥ර වැදගත් කාර්යයකින් තොරව, වගකීම් වලින් තොරව නිකං කාලය ගත කිරීමේ තේරුමක් නැති නිසා මං හිතුවා රටට සේවයක් කිරීමට, රටේ අනාගතය තහවුරු කිරීමට රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට මම ඉදිරිපත් විය යුතුයි කියලා.’
‘රටට වෙන විනාශය මට බලා ගෙන ඉන්න බැරුව ගියා. මේ රටට වෙන පරිහානිය රටේ කළ ¥ෂණය, නාස්තිය ප්රජාතන්ත්රවාදයට සිදුවෙන හානිය තර්ජනය මාධ්‍ය නිදහස නැතිව යෑම, මතු පරපුරට හොඳ ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීම, සාමය රැුකීම වැනිදේ ප්රමුඛත්වයට තබාගෙන මං මේ තත්ත්වයට මුහුණදීමට තීරණය කරා.
‘ඔබ සැමට මතක ඇති මම හමුදාපති වශයෙන් සිටින කාලයේ අවුරුදු 4 කට මදක් අඩු කාලයක් ඒ රාජකාරියේ යෙදී සිටියා. මම පොරොන්දු දෙකක් දුන්නා. පළවෙනි පොරොන්දුව මගෙන් පසුව මෙම යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට ඉතිරි කරන්නේ නෑ කියලා. මම ඒ පොරොන්දුව අකුරටම ඉෂ්ට කළා. දෙවෙනි පොරොන්දුව ගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ මම ප්‍රකාශයක් කළා මීට මතු ප්රභාකරන් කියන ත්‍රස්තවාදී නායකයාට නැවතත් මහාවීර දිනයක් අමතන්න මම ඉඩතියන් නෑ කියලා. ඒ පොරොන්දුවත් මම අකුරටම ඉෂ්ට කළා. මේ නොවැම්බර් මාසයේ 27 වෙනිදට යෙදිලා තිබුණ ඒ ප්රභාකරන්ගේ මහා වීර කතාව ඔබට අහන්න හම්බවුනේ නෑ. ඔබට මම මෙයින් පවසා සිටින්නේ මේ මම පොරොන්දු දුන්නොතින් ඒ පොරොන්දු අකුරටම ඉෂ්ට කරන පුද්ගලයෙක් හැටියට කරුණාකරලා මාව හඳුනාගන්නා හැටියට.’
Source :- http://wp.me/pI5Gy-4q