ජනාධිපතිවරණ පිරිවැය සහ අයුතු ලභය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනාධිපතිවරණ පිරිවැය සහ අයුතු ලභය

    ජනාධිපති තරඟය ලාබ වැඩියිද?

    මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා.

    කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

    ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි.

    තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්.

    තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා.

    electtion%2Bexpenses.png

    මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි.

    රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

    හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද?

    වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා.

    මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ.

    එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ.

    මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ.

    තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි.

    ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්.

    දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත?

    අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ.

    නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි?

    මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි.

    මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්.

    මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද?

    මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්‍රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි.

    උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා.

    ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි.

    ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි.

    මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ.

    පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

    1982- 6
    1989- 3
    1994- 6
    1999- 13
    2005- 13
    2010- 22
    2015- 19
    2019- 35

    රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.

    උපුටා ගැනිම ඉකොනොමැට්ටාගෙන්
     
    • Like
    Reactions: Plusky and wqe123

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මැතිවරණ් කොමසාරිස් තුමා ප්‍රකාශ කොට තිබුනා පැරදුන අපක්ශකයා 1%ක් දඩ මුදලක් නියම කල යුතුයි කියා. අඩු තරමින් 500,000 වත් නියම වුනා නම් හොදයි මේ Free riders benefit එක අවම කරන්න
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මැතිවරණ් කොමසාරිස් තුමා ප්‍රකාශ කොට තිබුනා පැරදුන අපක්ශකයා 1%ක් දඩ මුදලක් නියම කල යුතුයි කියා. අඩු තරමින් 500,000 වත් නියම වුනා නම් හොදයි මේ Free riders benefit එක අවම කරන්න
    දැන් ඔය 35න් ලක්ෂ 5ක් ගෙවාගන්න බැරි එකා කියහන්කෝ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතිවරණ් කොමසාරිස් තුමා ප්‍රකාශ කොට තිබුනා පැරදුන අපක්ශකයා 1%ක් දඩ මුදලක් නියම කල යුතුයි කියා. අඩු තරමින් 500,000 වත් නියම වුනා නම් හොදයි මේ Free riders benefit එක අවම කරන්න
    සල්ලි විතරක් හරියන්නේ නෑ වෙන වෙන නීති දාන්න ඕනේ :yes:
    සමහර උන් ඉන්නවා අඩුගානේ චන්ද රැස්වීමක්වත් තියන්නේ නැති උන්. මමනං දානවා අඩුම දිස්ත්‍රික්ක පහකවත් රැස්වීම පහක් තියන්න ඕනේ නැත්තං හලනවා කියල.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සල්ලි විතරක් හරියන්නේ නෑ වෙන වෙන නීති දාන්න ඕනේ :yes:
    සමහර උන් ඉන්නවා අඩුගානේ චන්ද රැස්වීමක්වත් තියන්නේ නැති උන්. මමනං දානවා අඩුම දිස්ත්‍රික්ක පහකවත් රැස්වීම පහක් තියන්න ඕනේ නැත්තං හලනවා කියල.

    අනිවා මචන් මේ වියදම් කරන්න අපේසල්ලි මැතිවරන කොමසාරිස්ගේ යොජනාව ඉතා හොද එකක්. නමුත් 1%ක් කියන්නෙ ලොකු මුදලක් නමුත් එහෙම වුනොත් ප්‍රධාන පක්ශවලින් තොර වෙනත් ස්වාදින අයට ඉල්ලන්න අපහසු වෙවි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සල්ලි විතරක් හරියන්නේ නෑ වෙන වෙන නීති දාන්න ඕනේ :yes:
    සමහර උන් ඉන්නවා අඩුගානේ චන්ද රැස්වීමක්වත් තියන්නේ නැති උන්. මමනං දානවා අඩුම දිස්ත්‍රික්ක පහකවත් රැස්වීම පහක් තියන්න ඕනේ නැත්තං හලනවා කියල.
    එහෙම හරියන්නේ නැහැ බන්. කරන්න ඕනා ජනාදිපතිවරනෙට ඉල්ලනවානම් අඩුම ආයේ නොගෙවන ගාස්තු ලක්ෂ 200ක් වත් ගන්න ඕනා. එහෙම උනොත් ඔය කෙස් එක වෙන්නේ නැහැ. සීලරතන හිමි හැමදාම ඉල්ලනවනේ. තේරුමක් නැහැනේ. අනිත් එක තමයි ජනාදිපතිට ඉල්ලනවානම් වෙන බිස්නස් තියෙන්න බැහැ කිව්වනම් පල්ලෙවත් ඒඑස්පි ලියනගේලා පළාතේ එන්නේ නැහැ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මැතිවරණ් කොමසාරිස් තුමා ප්‍රකාශ කොට තිබුනා පැරදුන අපක්ශකයා 1%ක් දඩ මුදලක් නියම කල යුතුයි කියා. අඩු තරමින් 500,000 වත් නියම වුනා නම් හොදයි මේ Free riders benefit එක අවම කරන්න

    දැන් ඒක කරන්න බෑ. එහෙම කරනවනම් නාමයෝජනා භාරදෙන්න කලින් ඒක නිවේදනය කල යුතුව තිබුනා..

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහෙම හරියන්නේ නැහැ බන්. කරන්න ඕනා ජනාදිපතිවරනෙට ඉල්ලනවානම් අඩුම ආයේ නොගෙවන ගාස්තු ලක්ෂ 200ක් වත් ගන්න ඕනා. එහෙම උනොත් ඔය කෙස් එක වෙන්නේ නැහැ. සීලරතන හිමි හැමදාම ඉල්ලනවනේ. තේරුමක් නැහැනේ. අනිත් එක තමයි ජනාදිපතිට ඉල්ලනවානම් වෙන බිස්නස් තියෙන්න බැහැ කිව්වනම් පල්ලෙවත් ඒඑස්පි ලියනගේලා පළාතේ එන්නේ නැහැ.

    නිතී දාන්න කියන්නේ මොනවාගෙ එවද කියලා මොහු කියලා නැහැ මමත් හිතන්නේ 1%ක Fine කරන්න ඔනැ ජන්ද 5% ක්වත් ගන්න බැරි වුනොත්, 50,000 ඇප මුදල අඩු තරමින් 500,000ක් කරන්න ඔනැ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම හරියන්නේ නැහැ බන්. කරන්න ඕනා ජනාදිපතිවරනෙට ඉල්ලනවානම් අඩුම ආයේ නොගෙවන ගාස්තු ලක්ෂ 200ක් වත් ගන්න ඕනා. එහෙම උනොත් ඔය කෙස් එක වෙන්නේ නැහැ. සීලරතන හිමි හැමදාම ඉල්ලනවනේ. තේරුමක් නැහැනේ. අනිත් එක තමයි ජනාදිපතිට ඉල්ලනවානම් වෙන බිස්නස් තියෙන්න බැහැ කිව්වනම් පල්ලෙවත් ඒඑස්පි ලියනගේලා පළාතේ එන්නේ නැහැ.

    ලක්ශ 200ක් කියන්නෙ ලොකු ගානක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැබෑම උවමනාවක් තියෙන ස්වාධීන අපේක්ශකයෙක්ට ගෙවන්න බැරි තරම් ලොකුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නෑ. ලක්ශ 20 `~`30 වගේ ගානක් තමයි හරි යන්නෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නිතී දාන්න කියන්නේ මොනවාගෙ එවද කියලා මොහු කියලා නැහැ මමත් හිතන්නේ 1%ක Fine කරන්න ඔනැ ජන්ද 5% ක්වත් ගන්න බැරි වුනොත්, 50,000 ඇප මුදල අඩු තරමින් 500,000ක් කරන්න ඔනැ.
    පාර්ලිමන්ට් එකේ නැති පක්ෂේකින් ඉල්ලනවානම් මේ මේ කොන්දේසි කියලා නොකෙරෙන දේවල් ටිකක් දාන්න පුළුවන්. පාර්ලිමන්ට් එකේ තියන පක්ෂේකින් නම් ඇත්තටම සාදාරනයි ත්‍රිවිල් කාරයෙක් හරි කමක් නැහැ ඉල්ලන්න දාන එක. මොකද ඒ පක්ෂවලට බේස් එකක් තියන නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා මචන් මේ වියදම් කරන්න අපේසල්ලි මැතිවරන කොමසාරිස්ගේ යොජනාව ඉතා හොද එකක්. නමුත් 1%ක් කියන්නෙ ලොකු මුදලක් නමුත් එහෙම වුනොත් ප්‍රධාන පක්ශවලින් තොර වෙනත් ස්වාදින අයට ඉල්ලන්න අපහසු වෙවි.
    ගාන ලක්ෂ දහයක් වගේ කරා නං ඇතිවෙයි ගොඩක් ඕනේ නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලක්ශ 200ක් කියන්නෙ ලොකු ගානක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැබෑම උවමනාවක් තියෙන ස්වාධීන අපේක්ශකයෙක්ට ගෙවන්න බැරි තරම් ලොකුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නෑ. ලක්ශ 20 `~`30 වගේ ගානක් තමයි හරි යන්නෙ.
    ස්වාදීන අපේක්ෂකයෝ කරන්නෙම ප්‍රජත්න්ත්රවාදෙට කෙලින එකනේ බන්. දැන් ගොඩක් උන් මහේෂ් පස්සේ යනවා. වැඩක් නැහැ, ඌ ජනාදිපති වෙන්නේ නැහැනේ. නමුත් උට යන චන්ද නිසා කොහේ හරි ඉන්න අපතයෙක්ට චාන්ස් එක එනවා ජනාදිපති වෙන්න. හිස්බුල්ලා, සිවාජි ගහන්නේ ඔය ගෙමනේ බන්. එක නරකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හරියන්නේ නැහැ බන්. කරන්න ඕනා ජනාදිපතිවරනෙට ඉල්ලනවානම් අඩුම ආයේ නොගෙවන ගාස්තු ලක්ෂ 200ක් වත් ගන්න ඕනා. එහෙම උනොත් ඔය කෙස් එක වෙන්නේ නැහැ. සීලරතන හිමි හැමදාම ඉල්ලනවනේ. තේරුමක් නැහැනේ. අනිත් එක තමයි ජනාදිපතිට ඉල්ලනවානම් වෙන බිස්නස් තියෙන්න බැහැ කිව්වනම් පල්ලෙවත් ඒඑස්පි ලියනගේලා පළාතේ එන්නේ නැහැ.
    ආය නොගෙවන ගාස්තු ලක්ෂ දෙසීයක් තිබ්බොත් අලුත් එකෙක්ට ජීවිතේට ඉල්ලන්න වෙන්නේ නෑ හොඳටම වැඩියි :no: චන්දෙ තියන්නේ රටේ අවශ්‍යතාවයට මිසක් ඉල්ලන උන්ගේ ප්‍රයිවට් පාටියක් නෙවේ උන්ගෙන් වියදන් පියවගන්න
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ස්වාදීන අපේක්ෂකයෝ කරන්නෙම ප්‍රජත්න්ත්රවාදෙට කෙලින එකනේ බන්. දැන් ගොඩක් උන් මහේෂ් පස්සේ යනවා. වැඩක් නැහැ, ඌ ජනාදිපති වෙන්නේ නැහැනේ. නමුත් උට යන චන්ද නිසා කොහේ හරි ඉන්න අපතයෙක්ට චාන්ස් එක එනවා ජනාදිපති වෙන්න. හිස්බුල්ලා, සිවාජි ගහන්නේ ඔය ගෙමනේ බන්. එක නරකයි.

    උඹ කියන කතාව ඇත්ත ඒත් conceptually ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඕනෑම පුරවැසියෙක්ට රටේ පාලකයා වීමේ මාර්ගය විවෘතව තිබිය යුතුයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආය නොගෙවන ගාස්තු ලක්ෂ දෙසීයක් තිබ්බොත් අලුත් එකෙක්ට ජීවිතේට ඉල්ලන්න වෙන්නේ නෑ හොඳටම වැඩියි :no: චන්දෙ තියන්නේ රටේ අවශ්‍යතාවයට මිසක් ඉල්ලන උන්ගේ ප්‍රයිවට් පාටියක් නෙවේ උන්ගෙන් වියදන් පියවගන්න
    ලක්ෂ 10ක් ගත්තා කියහන්කෝ එකෙක්ගෙන්. ඔතන අද ඉල්ලන 35න් ලක්ෂ 10ක් ගෙවාගන්න බැරි එකෙක් ඉන්නවද කියහන්කෝ. ප්‍රශ්නෙට ඒක විසදුමක් නෙමෙයි. කරන්න ඕනා චන්ද කඩන්න ඉදිරිපත් වෙන එක වලක්වන එක. 35 දෙනාගෙන්, ගෝටා, සජිත්, අනුර හැරුනහම අනිත් ඔක්කොම ඉල්ලන්නේ තවත් එකෙක්ගේ චන්දයක් කඩන්න කොන්ත්‍රාත් එකකට.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ කියන කතාව ඇත්ත ඒත් conceptually ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඕනෑම පුරවැසියෙක්ට රටේ පාලකයා වීමේ මාර්ගය විවෘතව තිබිය යුතුයි.
    මේ රටේ ඉන්නේ පිස්සෝ බන්. උන්ට 100% දිමොක්‍රසි දුන්නොත් සජිත් වගේ එකක් ජනාදිපති කරලා උගේ ගැනි අගමැති කරගන්න හිතන්න බැරි නැහැ. එහෙව් රටක් ඕක. මොලේ තියන උන් කන්ට්‍රෝල් නොකලොත් රටේ බහුතරය කෙලින්නේ පිස්සු. චන්ද අයිතිය එහෙම පිස්සෝ ටිකකට යනවා කියන්නේ විපත මහා විනාශකාරියි. ලිමිට් එකක් අනිවාර්යෙන් හදන්න ඕනා. නැතිනම් නුල් සුත්තරෙකින් අනාගතේදී දෙමල, හෝ මුස්ලිම් එකෙක් රටේ නායකයා වෙන්න බැරි නැහැ ඔය අපේක්ෂකයෝ බස්සන ගේම ගහලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ෂ 10ක් ගත්තා කියහන්කෝ එකෙක්ගෙන්. ඔතන අද ඉල්ලන 35න් ලක්ෂ 10ක් ගෙවාගන්න බැරි එකෙක් ඉන්නවද කියහන්කෝ. ප්‍රශ්නෙට ඒක විසදුමක් නෙමෙයි. කරන්න ඕනා චන්ද කඩන්න ඉදිරිපත් වෙන එක වලක්වන එක. 35 දෙනාගෙන්, ගෝටා, සජිත්, අනුර හැරුනහම අනිත් ඔක්කොම ඉල්ලන්නේ තවත් එකෙක්ගේ චන්දයක් කඩන්න කොන්ත්‍රාත් එකකට.
    ඒක තමා කලින් කිවේ සල්ලි වලින් සීමා දාල ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ කියල. වැදගත් වෙන්නේ මු ඇත්තටම චන්දෙ ඉල්ලන්න උවමනාවක් තියෙන එකෙක්ද නැත්තන් ආතල් එකට නම දීල ගෙදරට වෙලා ඉන්න එකෙක්ද කියල අඳුරගන උන්ව හලන එක මිසක් ඇපයක් අරන් උඩ බලං ඉන්න එක නෙවෙයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලක්ෂ 10ක් ගත්තා කියහන්කෝ එකෙක්ගෙන්. ඔතන අද ඉල්ලන 35න් ලක්ෂ 10ක් ගෙවාගන්න බැරි එකෙක් ඉන්නවද කියහන්කෝ. ප්‍රශ්නෙට ඒක විසදුමක් නෙමෙයි. කරන්න ඕනා චන්ද කඩන්න ඉදිරිපත් වෙන එක වලක්වන එක. 35 දෙනාගෙන්, ගෝටා, සජිත්, අනුර හැරුනහම අනිත් ඔක්කොම ඉල්ලන්නේ තවත් එකෙක්ගේ චන්දයක් කඩන්න කොන්ත්‍රාත් එකකට.

    මචන් මෙහෙමයි හැම කෙනෙක්ටම ඉල්ලන්න අයිතිය තියෙනවා ඔබතුමා අමතක කරා 5%ක් ගන්න බැරිවුනොත් ගෙවන්නට සිදු වන fine එක මැ.කො. ට පරිදි එය 1% විය යුහුයි එ කියන්න පට්ට ගා

    ලොකු ගානක් ඉතින් ප්‍රදාන පක්ශ ඇරෙන්න වෙන එකෙක්ටවත් ගෙවා ගන්න බැරි මිලක්
    ලක්ශ 10ක් කරොත් අනිවා ඔක 10ට බහිනවා එක නම් විශ්වාසයි