ජනාධිපතිවරනය සහ දේශප්‍රේමී බොරුව

guamini

Member
Dec 9, 2009
699
98
0
ජනාධිපතිවරනය සහ දේශප්‍රේමී බොරුව

ජනාධිපතිවරනය සහ දේශප්‍රේමී බොරුව

පෙරවදන -
සිය ගුරුවරයා වන නලින් ද සිල්වාගේ මග යමින් සතියට වතාවක් බ්ලොග් අවකාශයට "අපේ ප්‍රවාදය" බැගින් මුදා හරින ජාතික චින්තකයන් දෙපලක් වන දර්ශන කස්තුරිආරච්ච් හා කැලුම් නිරංජන යන මහත්වරුන්ට මෙම ලිපිය උපහාරයක් වේවා!

එලඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිව දිනවිය යුත්තේ ඇයි ද යන්න පිලිබද ටියුෂන් දීමට ‍"ජාතික චින්තකයන්" මේ දවස්වල විශාල මහන්සියක් ගනිමින් සිටින බව පෙනෙනවා.ඔවුන්ගේ තර්කය සරල කලාම එන්නේ මේ ව‍ගේ සමීකරනයක්.
මහින්ද ගේ පිල = දේශප්‍රේමී පිල
සරත් ‍‍ෆොන්සේකාගේ පිල = දේශද්‍රෝහී පිල
සරත් ෆොන්සේකාගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මේ අය යොදා ගන්නා තර්කය මොකක්ද?පුද්ගලයෙක‍් ලෙස ෆොන්සේකාට එල්ල කරන්න කිසිදු ‍චෝදනාවක් මොවුන්ට නැහැ.මාස කිහිපයකට පෙර ඇමෙරිකන් හමුදාවට ත්‍රස්ත මර්ධනය ගැන ඉගැන්වීමට පවා සුදුසු දේශහිතෛශියෙකු ලෙස තමන් විසින්ම නම් කල ජනරාල් ඉතාම කෙටි කාලයක් තුල දේශද්‍රෝහියෙක් බවට රූපාන්තරනය කරන එක ( අවශ්‍යතාවය තිබුනද)එතරම් සරල දෙයක් නෙමෙයි.

ඒ නිසා ජනරාල්ගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මොවුන් උපයෝගී කරගන්නා තර්කය නම් ජනරාල් ට සහය දක්වන අයව හුවා දැක්වීමයි.ඒ අනුව කතන්දරය පෙලගැසෙන්නේ මෙහෙමයි.
මංගල = දේශද්‍රෝහියා
රනිල් = දේශද්‍රෝහියා
එමනිසා ඔවුන් සමග හිටගත් ෆොන්සේකා = දේශද්‍රෝහියා
දර්ශන හා කැලුම් දෙබෑයන්ගේ මෙම අතිශය "සංගත" හා "ගැඹුරු" චතුස්කෝටික තර්කය දැන් අපි අනිත් පැත්තට භාවිත කර බලමු.

ෆොන්සේකා වටා ඉන්නා අයගේ චරිත සහතික පමනක් සැලකීමෙන් නොනැවතී අපි ජනාධිපති අවට ඉන්නා අයගේ චරිත සහතික සසදා බලමු.
1.ජාතික චින්තකයන් රටේ සිදු වූ ඉතාම දේශද්‍රෝහී ක්‍රියාව යැයි හදුන්වන 2002 සටන්විරාම ගිවිසුම හා සාම සංදර්ශන ක්‍රියාවලියේ මහ මොලකරවෝ කවරහුද?ඔවුන් අද සිටින්නේ කොතනද?
කොටි සමග ගිවිසුම් ගැසූ රනිල් විපක්ෂයේ සිටිනවා වාගේම එම සාකච්ඡා සදහා ලොව වටා ඉත සිතින් කරක් ගැසූ මිලින්ද මොරගොඩ,ජී.එල්.පීරිස් වැන්නන් අද රජයේ ප්‍රබල චරිතය.අතීත පාප කර්මය මත රනිල් දේශද්‍රෝහී වන්නේ යැයි කියන්නට ඇරෙන ජාතික චින්තකයන්ගේ කටවල් මොරගොඩ දේශද්‍රෝහියෙක් කියන්නට නොඇරෙන්නේ ඇය?රනිල් ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසිවෙන කෙල එම ක්‍රියාවම කල මොරගොඩලා ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසි නොවන්නේ ඇයි?

2.රවි කරුනානායක ගේ අලිමංකඩ පාමංකඩ කතාව මොවුන් දිගටම වාදනය කරයි.තවත් හොදින් හොයා බැලුවහොත් රාජිත සේනාරත්න,හේමකුමාර නානායක්කාර ආදීන් කොටි සංවිධානය ගැන කල අලිමංකඩ කතාවටත් වඩා ආතල් කතා සොයාගත හැකිවනු ඇත.කොටි යනු ත්‍රස්තවාදීන් නොව පූස් පැටවුන් පිරිසක් බව හේමකුමාර ඇමති තුමා 2004 කාලයේ පැවසුවා අපට මතකය.කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය ගැන රාජිත චරිත සහතික දුන් හැටි,යුද විරෝධී පෙලපාලි ගිය හැටි චින්තකයන්ට අමතක වුනාට අපට අමතක නැත.දැන් ප්‍රශ්නය වෙන්නේ එහෙම කරපු රාජිතලා දේශද්‍රෝහී ‍නොවන්නටත් රවි කරුනානායක පමනක් දේශද්‍රෝහී වන්නටත් හේතුව කුමක්ද යන්නයි.

3.කොටි සංවිධානයට හිතවත් ස්ථාවරයක සිටි මනෝ ගනේෂන් ෆොන්සේකාට සහය දැක්වීම මොවුන්ට විශාල ප්‍රශ්නයකි.
නමුත් එවැනිම ස්ථාවරයක් ඉතාම තදින් දරන ලද තොන්ඩමන් හා චන්ද්‍රසේකරන් රාජපක්ෂට සහය දීම දේශප්‍රේමී කදවුරේ ජයග්‍රහනයකි!
කොටි සංවිධානය සමග දේශපාලනිකව එක ස්ථාවරයක සිටි,කොටි සංවිධානය දෙමල ජනයාගේ එකම නියෝජිතයා යැයි පැවසූ දෙමල ජාතික සන්ධානය සමග ජනාධිපති සාකච්ඡාකිරීම ,ඔවුනගේ චන්ද වලට කෙල හැලීම ජාතික චින්තකයන්ට ගැටලුවක් ලෙස නොපෙනේ.එය දේශද්‍රෝහී වැඩක් වනුයේ විපක්ෂය සිදු කල විට පමනි.මේ අවුල පැහැදිලි කරදෙන්නේ චතුස්කෝටිකයේ කුමන කෝටියෙන්ද?

4.ජනාධිපතිගේ පාර්ශවයේ ඉන්නා දේශප්‍රේමීන් කවර වර්ගයේ දේශප්‍රේමීන්ද?
විදේශ ඇමති ධූරය දරන එක් දේශප්‍රේමියෙක් සිය දියනිය‍ගේ උපන් දිනය වෙනුවෙන් ලක්ෂ 300ක උත්සවයක් නිව්යෝර්ක් හි මහ හෝටලයක පවත්වන ලද්දෙකි.මිලදී ගන්නා සෑම සියලු භාන්ඩයක් මත අධික බදු පටවා සමාජය සූරාකා උපයා ගන්නා බදු මුදල් මොවුන් වැය කරන්නේ ඒ විදිහටය.තවත් දේශප්‍රේමියෙක් මාවිල්ආරු සිද්ධියෙන් අසරන වූ ගොවීන්ට ගෙවන්න තිබූ වන්දි මුදලටත් කෙලවූ දේශප්‍රෙමියෙකි.මේ දේශප්‍රේමීන්ගේ වත්කම් බලා සිටිද්දී ඉහල යයි.වීරවංශ නැමැති දේශප්‍රේමයට අධිගෘහිත දේවතාවා කෝටි ගනනක මාලිගාවක් ඉදිකරයි.ආරක්ෂක ලේකම් ඇපලෝහි අධ්‍යක්ෂක මන්ඩල ප්‍රධානියා බවට පත්වේ.රටේ සමස්ත සාරය තමන් වෙත ඇදගන්නා පවුල් පාලනයක් නිර්මානය වි තිබෙන අතර ජාතික චින්තකයන්ට "දේශප්‍රේමී" වී ඇත්තේ එවැනි දූෂිතයන්,ජනතා ද්‍රෝහීන් හා පාදඩයන් බඩපිනුම් ගසන ගර්හිත තන්ත්‍රයකි.

ඇත්ත කාරනය නම් දේශප්‍රේමය පිලිබද කතාව ඉතාම විකෘති විදිහකට භාවිතා කරමින් ඉන්නවා යන්නයි.දේශප්‍රේමය යනු නිකම් වාචාල ලෙස සුද්දන්ට බැන අඩ ගැසීම නොවේ.දේශප්‍රේමය යනු රටට සමාජයට ආදරය කිරීමයි.ඇත්තටම රටට ආදරය කරන්නෙක්ට අධිරාජ්‍යවාදයට පක්ෂ වන්නට බැරිවා සේම රටේ සාරය උරා බොන දූෂිත කිනිතුතල්ලන්ටද පක්ෂ වන්නට නොහැකිය.සැබෑ දේශප්‍රේමියෙක්ට අධිරාජ්‍යවාදයට එකග වන්නට බැරිවා සේම සමාජයේ මූලික අයිතීන් පවා පාගා දමන ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයකටද එකග වන්නට නොහැකිය.
ලක්ෂ 300 ක උපන්දින සාද පවත්වමින් සදලුතලාවන්හි සරන දූෂිතයන් දේශප්‍රේමය ගැන දොඩන්නේ බොරුවටය.පාලකයන්ට මෙය මිනිසුන් මුලා කරන ලස්සන වචනයක් පමනි.ජාතික චින්කයන්ට මෙය තේරෙන්නේ නැද්ද?තේරුනත් නොතේරුනා සේ සිටිනවාද යන්න අපි නොදනිමු.සිය "සංගත" ප්‍රවාද ලියන බ්ලොග් වල ප්‍රතිචාරයක් පල කල විට පිලිතුරක් වත් දීගැනීමට මෙම චින්තකයන් ඉදිරිපත් වන්නේ නැත.ඒ දෙන්න පිලිතුරු නැති නිසාද,දේශප්‍රේමීන්ගේ ඉහත වර්ගයේ හැසිරීම් පැහැදිලි කරන "අපේ ප්‍රවාදයක්"තවම හදාගන්න බැරි වු නිසාද යන්න අපි නොදනිමු.
කෙසේ වුවද සමාජය දැනට පාලකයන්ගේ ව්‍යාජ රංගනය හා දෙබිඩි පැවැත්ම අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.
නමුත් කිසිම බලයක් සදාකාලික නැත.
සමාජය එය තේරුම් ගන්නා දිනයක් එනු ඇත.එදිනට දූෂිත ආඥාදායකයන්ට මෙන්ම ඔවුන්ට මතවාදී පන්දම් අල්ලන්නන්ටද සමාජයට වග උත්තර බැදීමට සිදුවනවා ඇත.


http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/12/blog-post.html


1130_A93.jpg
 
  • Like
Reactions: dingchavaz

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :eek::eek::eek: Deshapaalane, kisima wedak nethi mee dawaswala wediyen ma kathaawena vishaya.. :rolleyes::rolleyes:Kaatahari chande diila sadda nethuwa innawa mamanam... Peththak gaththoth tharaha yanawa ee peththata viruddawa kauruhari kathaa karaddi.. :D So, mama apakshapaathii.. Kattiya kiyana boru ahala aduwen boru kiyana kenaata chande denawa.. :yes::yes:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    නලින් ද සිල්වා එක්ක තර්ක කරන්න ඉස්සෙල්ල ඔය ළමයි අපොස උ.පෙ පාස් වෙලා ඉන්න කෝ
    මං නම් ඕව දන්නෙ නෑ :P
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහචාර්ය නලින් ද සිල්ව දැන් හැසිරෙන විදිහ බලපුවාම (නො)දුටු ගැමුණුට ආචාර්ය පට්ටමක් ලැබීම එක අතකින් සාධාරණයි කියලත් හිතෙනව
    අබුද්දස්ස කාලෙනෙ