ජනාධිපති කාර්යාලය දුෂිතයින් රකිනවා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාර්ග ව්‍යාපෘතියකට අදාලව රුපියල් මිලියන 500 ඉක්මවූ මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වන හිටපු අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත නවතා දමා ඇති බව අල්ලස දුෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පවසයි.

    මෙලෙස නීතිය ක්‍රියාත්මක වීමට බාධා කරමින් ඇති බවට ඔහු චෝදනා කරනු ලැබුවේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙම අපරාධය සම්බන්ධයෙන් තමන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත අදාළ ඉදිරි පරීක්ෂණ නතර වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

    ජාමුනි කමන්ත තුෂාර මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බරපතල මුල්‍ය සහ ජෛව අපරාධය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි ගොනු කල පුද්ගලයාය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ranil-1200-sixteen_nine.jpg