රනිල් උසාවියට...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිය මෛත්‍රී වික්‍රමසිංහ සමග මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හෙබවූ කාලසීමාව තුළ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මත මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.

    මෙම සිදුවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ නිල සංචාරයක් අතරතුර සිදුවූ බව කියන මෙම ගමන සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.

    සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) දිනයේ ඔහුගේ නිවස වෙත ගොස් තිබුණ ද, එම අවස්ථාවේ ඔහු නිවසේ රැඳී සිට නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. සැකකාර ලේකම්වරයා ගැවසෙන බවට සැකකෙරෙන ස්ථාන කිහිපයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුම් දියත් කළ ද, මේ දක්වා ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.

     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    878
    760
    93
    පව් බන් නහිනදෙහින කාලෙ
    රටට කොච්චර වැඩ කරපු මනුස්සයෙක්ද
    රට ගොඩගත්ත මොළ කරුවෙක්, භාර ගන්න කෙනෙක් නැතුව ඔහේ පාවෙද්දි ඔඩොක්කුව අල්ලපු උත්තමයෙක්..
    හරිනම් මොන වරදක් කලත් ජනාධිපති සමාව දෙන්න ඕන.
    එතුමගෙන් උපදෙස් ගන්න ඕන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,902
    13,321
    113
    35
    Spain
    Bored Bugs Bunny GIF by MOODMAN
     

    Similar threads