ජනාධිපති තවත් කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කරය&
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පස් දෙනකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කලේ, 'මහින්දවාදීන්ගේ' කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කිරීම සඳහා බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් කැඳවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ විනයට පිටුපා ක්‍රියා කර ඇතැයි හදිසි යෝජනාවක් ගෙනැවිත් ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට 'මහින්ද වාදීන්' පිරිසක් උත්සාහ දරන බවට රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර තිබී ඇත.
ඒ අනුව, රාජිත සේනාරත්න මහතා ඇතුළු පස් දෙනෙකු පක්ෂයේ විනය විරෝධීව කටයුතු කර බැවින්, ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා යැයි කියමින් ලබන 30 වෙනිදා කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර තිබේ.
රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දැන් තහනම් කර ඇති නිසා මධ්‍යම කාරක සභාවක් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිගේ තීරණය නිත්යනුකුලයි :
පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා පැවසුයේ, පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල බවයි.
පක්ෂ ව්‍යවස්ථාවන්ට අනුව සභාපතිවරයාට පක්ෂ සාමාජිකයන් ඉවත් කිරීමේ තීරණ ගත හැකි බවද ඔහු කීය.
පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්තේ නම් එය වඩාත් ප්රජාතන්ත්රවාදී යෑයිද, එම යෝජනාව කාරක සභාවට ඉදිරිපත් වුවහොත් සියයට එකසිය අනූවකින් සම්මත වන බවත් හෙතෙම කියා සිටියේය.
-http://www.sinhala.srilankamirror.com/news/item/6814-president-foils-another-conspiracy