ජනාධිපති සමාව ලැබූ මූල්‍ය වංචාකරුවකු නඩුවෙන් නිදහස්

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    රුපියල් ලක්ෂ 40ක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් ලැබූ විත්තිකරුවකු වෙසක් පෝය දින ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදා හැරීමට උතුරු මැද පළාත්බද මහාධිකරණය නියෝග කර තිබේ.


    උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අනුරාධපුර මහාධිකරණයේ එල්සී/69/2018 අංක දරණ නඩුව පසුගිය ජූනි 4 වැනි දින නැවත කැඳවූ අවස්ථාවේදීය.

    මෙම නඩුවට අදාළව වරදකරු කර දඬුවම් ලැබූ ඩබ්. එම්. අතුල තිලකරත්න නම් විත්තිකරු 2024 මැයි 12 වැනි දිනට යෙදුණු වෙසක් පුන් පෝය දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ලිඛිතව දැනුම් දී ඇත.


    මෙම නඩුව පසුගිය මැයි 2 වැනි දින අනුරාධපුර මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී, විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය තීන්දු කර තිබිණි.

    ඒ අනුව විත්තිකරුට පහත සඳහන් දඬුවම් නියම කර තිබුණි:

    1. රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරන ලද අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

    2. වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලද අතර, එම සිර දඬුවම වසර පහකට අත්හිටුවන ලදී.

    3. වින්දිත පාර්ශ්වයට (පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට) රුපියල් ලක්ෂ විස්සක (20) වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කරන ලද අතර, එම මුදල නොගෙවන්නේ නම් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

    මෙම දඩ සහ වන්දි මුදල් ගෙවීම සඳහා නඩුව 2025 ජූනි 4 වැනි දින නැවත කැඳවීමට නියම කර තිබිණි.


    ජූනි 4 වැනි දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේ, විත්තිකරු නීතිඥ සුරංග මොහොට්ටි මහතා මගින් අධිකරණයේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් වාර්තාවක් මගින් මහාධිකරණයට දැනුම් දී තිබුණේ මෙම විත්තිකරු පසුගිය වෙසක් පෝය දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවයි.

    බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම ලිඛිත දැනුම් දීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය, විත්තිකරු ඔහුට එරෙහිව පැවති එල්සී/69/2018 අංක දරණ නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස නියෝග කළාය.


    මෙම නඩුවේ චෝදනාවට අනුව, 2014 වසරේ පෙබරවාරි 17 වැනි දින සිට 2014 වසරේ ජූනි 9 වැනි දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශය තුළ පිහිටි අනුරාධපුරයේදී,

    විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ 40ක් සාපරාධී විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කර ඇත.

    මෙම චෝදනාව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකාර හිටපු මූල්‍ය ආයතන කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර, විත්තිකරු මෙම චෝදනාවට වරදකරු කරනු ලැබ තිබිණි. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වා තිබිණි.

    වෙසක් පෝය දින ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අයට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර, අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතින බව වාර්තා වේ.

    විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙම සියලුම නඩු මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවා වීමයි.

    මෙම නඩුවල පැමිණිලිකරුවන් අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනකු සහ තවත් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් සිටිති.

    මෙම විත්තිකරු මීට පෙරද මූල්‍ය වංචා සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකු බවද වාර්තා වේ.


    මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහේන් ද සිල්වා මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි මහතා පෙනී සිටියේය.

    මෙම සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ ජනාධිපති සමාවේ ප්‍රතිපත්ති මූල්‍ය අපරාධකරුවන්ට ද අදාළ වන ආකාරයයි. ජනාධිපති සමාව ලැබීමත් සමඟ නිදහස ලැබූ මෙම විත්තිකරුට එරෙහිව තවත් බොහෝ නඩු පැවතීම ජනතාව තුළ විවිධ ප්‍රතිචාර ඇති කිරීමට හේතු විය හැකිය.
    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤

    පැහැදිලි කරගත යුතුයි...

    මේ ජනාධිපතිවරයා කවුද?

    මේ වෙසක් පෝය 2024 හෝ 2025 ද?
    මන්ද 2024 මැයි 12 වෙසක් පෝයක් තිබුනේ නැහැ. 2025 නම් වෙසක් පෝය මැයි 12 තිබුනේ.

    ගොසිප් ලංකා දැන දැනම කරුනු නොමග යන ආකාරයෙන් ප්‍රවෘත්තිය පලකර තිබේද?

    ------ Post added on Jun 6, 2025 at 12:14 PM
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    ඒ කියන්නේ ලස්ස 20කුයි, රුපියල් 20,00කුයි ගෙවනවාට වඩා අඩුවට ජනාධිපති ට ගානක් දීලා ජනාධිපති සමාව ගන්න පුළුවන් කියන එකද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Interest Popcorn GIF by Landon Moss
     
    • Haha
    Reactions: 10ben

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Working Work Out GIF by Northern Ireland


    පොඩ්ඩක් ඉන්ට මම පැහැදිලි කරන්ට. ඕක බන්ධනාගාර නිලධාරීන් යවපු නම් ලිස්ට් එකට ලපය අත්සන් කරා විතරයි. ලපය බබා
     
    • Like
    Reactions: Mugen

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    Working Work Out GIF by Northern Ireland


    පොඩ්ඩක් ඉන්ට මම පැහැදිලි කරන්ට. ඕක බන්ධනාගාර නිලධාරීන් යවපු නම් ලිස්ට් එකට ලපය අත්සන් කරා විතරයි. ලපය බබා
    ඔබලා කෙලෙස ආතල් ගත්තත් මේක තමා ඇත්ත කතාව.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජූනි 8 වන දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඩුවම් නියම වූ සැකකරුවෙකු ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    හැලි ලියපු උන්ට දුක තමා
     

    Similar threads