ජනාධිපති සහෝදරයට කියන්න දෙයක් තියෙනවා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    රටේ හැමෝටම සමාන ලෙස සැලකීම, සමාන නීති ක්‍රියාත්මක කිරීම අපි NPP රජයකින් බලාපොරොත්තු වෙනවා,
    කණගාටුවෙන් උනත් කියන්න වෙනවා SLAS එකේ ඇතැම් නිලධාරීන් ජනාදිපති සහෝදරයා හිතනවට වඩා වෙනස්, වෙනම උද්දච්ච කොට්ඨාසයක් ලෙස තමයි,
    සමහර ආයතන වල හැසිරෙන්නේ, එහෙම හැසිරෙන ඇතැමුන් ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන විට, ඔවුන්ද එසේ හැසිරෙන අයට ආවඩන සංස්කෘතියක් තමයි ඔය SLAS හදාගෙන තියෙන්නේ, මේවගෙන් අගතියට පත් වෙන්නෙ එම ආයතන වලට සේවා ලබා ගැනීමට එන මිනිසුන්, මෙවැනි නිලධාරීන්ගේ මහජන ආමන්ත්‍රණ සුහදශීලී කරවීමේ සිට රාජ්‍ය යාන්ත්‍රනය නැවත නිවැරදි කළ යුතුයි. මෙවැනි නිලධාරීන් සිටින කළ ඔබට උවද ඔවුන් විසින් සපයන තොරතුරු ඔවුන්ගේ වාසියට සකස් කොට ඉදිරිපත් කිරීම් පවා සිදුකළ හැකි හෙයින්, ඔබට වඩාත් විශ්වාසදායක නිලධාරීන් හෝ යොදා මෙවැනි රාජ්‍ය ආයතන වල සිටිනමෙවැනි දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කෙරෙනු ඇතැයි NPP ට ඡන්දය ලබා දුන් මහජනයාගේ අපේක්‍ෂාවයි...

    බොහෝ විට සිදුවන්නේ නිලධාරීන් විසින් නිලධාරීන් එකිනෙකා රැකගැනීමකි. ඉන් අගතියට පත්වන්නේ රටේ මහජනතාවයි.