ජනාධිපති සහෝදරයා රාජ්‍ය සේවකයින් ඇමතුවට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    දැනටත් රාජ්‍ය සේවෙ උන් කල්ලි ගැහිල ගේම් එක යන්නෙ අන්තිමට උන් ගහන ගේම් ඔක්කොම යන්නෙ අනුර සහෝදරයාගේ කර උඩින්, NPP එකට කියන්න තියෙන්නෙ හිටපු ආණ්ඩුවලට කඩේ ගියපු රාජ්‍ය සේවෙ උන් තාම ගේම් එකේ ඉන්නෙ කියන එක ඔලුවෙ තියාගෙන වැඩ කරේ නැත්තං සොරි, ගොඩක් තැන් වල අදටත් උන්ගෙ හිතුමනාපෙට පෙර පරිදි වැඩ, මෙහෙම උනාම මිනිස්සුන්ට ඉක්මණට NPP එපාකරවන එක අමුතු දෙයක් නෙමෙයි, විකල්ප නැති නිසානෙ මිනිස්සු NPP තෝරගත්තෙ, ඉතිං ඒ විස්වාසේ රාජ්‍ය සේවෙ ගේම් ගහන උන්ට නැති කරන්න නොදෙයි කියල හිතනව. ඇත්ත මේක තමයි. මේ නිලධාරී කල්ලිවාදය වරප්‍රසාද වලට මුවාවෙලා හිතමිතුරන් රැකගැනිලි ඉක්මණින් නතරවෙන්න ඕන, සමහර ප්‍රාදේශීය සභාවල පත්උන සහෝදරයින්ට අනුර නිසානෙ සභාවට එන්න හරි පුළුවන් උනේ කියන එකත් දැන් අමතක වෙලා, සමහරු හිටපු දූෂිත නිලධාරීන්ගේ පාලනයට නතුවෙමින් යන්නෙ... මහජන ආණ්ඩුව, නිලධාරී ආණ්ඩුවක් වීමට ඉඩ නොදෙන්න!