ජනා විදුලියට දුන් සහණය දුප්පතාට සැබෑ සහණය
ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය
අංක. 10/5 1/1, ඇවරියහේන පාර, කිරුළපන, කොළඹ 05.
දුරකථන 011-5524613 ෆැක්ස් 011-5532188 ජංගම 077-3023972
ජනාධිපති විදුලියට දුන් සහණය දුප්පතාට දුන් සැබෑ සහණයක් ද?
චීන ජනාධිපතිවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයත් සමඟ මෙගවොට් 900ක මුළු ධාරිතාවෙන්යුත් නොරච්චෝල ගල් අඟුරු බලාගාරය බල ගන්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියළු විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල් පත් වලින් සියයට විසි පහක් අඩුකරන බැව් ප‍්‍රකාශ කළේය. ඊට අමතරව භුමිතෙල්, ඞීසල් සහ පෙට්රල් මිළ ද සුළුවශයෙන් අඩු කළේය.
සමස්ත විදුලි බිලෙන් සියයට 25 ක් අඩු කර ඉදිරි මාසයේ සිට බිල්පත් නිකුත් කරනබැව් විදුලිබල මණ්ඩලයේ සභාපති ඉන් අනතුරුව මාධ්‍යයට පවසා තිබේ. කෙසේවෙතත් විදුලිබල ක්ෂේත‍්‍රයේ නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිෂම මේ පිළිබඳතවමත් නිල නිවේදනයක් නිකුත් කර නැත.
තමන්ට දැරිය නොහැකි විදුලි බිලක් ගෙවමින් සිටි පාරිහෝගිකයාට ජනාධිපතිගේ මෙම සහණය අස්වැසිල්ලක් වුවාට කිසිදු සැකක් නැත. සහනය බැලූ බැල්මට කාටත් පොදුවේ දුන් එකක් බැව් පෙණේ.
එහෙත් වැඩි විදුලියක් පරිහෝජනය කරමින් අධික විදුලිබිලක් ගෙවන පොහොසතාටත් අඩු විදුලි පරිහෝජනයක් ඇති අගයෙන් අඩු විදුලි බිලක් ගෙවන දුප්පතාගෙත් එකම ප‍්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීම මගින් සිදු කර ඇත්තේදුප්පතාට වඩා පොහොසතාට වැඩි සහණයක් සැළසීමය.
ගල් අඟුරු බලාගාරය මෙගවොට් 900 යුත් මුළු ධාරිතාවෙන් පද්ධතියට සමිබන්ධ කිරීමට හැකි වුවහොත් රටේ විදුලි ඉල්ලූමෙන් සියයට 55 ක් පමණ ගල් අඟුරු බලාගාරයෙන් සැපයිය හැකිය.
වැසි අඩු තත්වයක් යටතේ වුවත් ජල විදුලිය සියයට 25 ක් හා පුනර්ජනනීය(සුළං, කුඩා ජල විදුලි බලාගාර)විදුලියෙන් සියයට 10 ක් ලබා ගතහොත් මිළ අධික දැවිතෙල් හා ඞීසල් බලාගාර මගින් ලබාගත යුතු වන්නේ සියයට10 පමණ සුළු ප‍්‍රමාණයක් පමණි.
මේ අනුව සියයට 60 ක් පමණ තෙල් මත යැපෙන විදුලි ජනනය අඩු කිරීම යනු විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව ද නිසි ක‍්‍රම වේදයකට අනුව අඩු කිරීමට හැකි වනු ඇත.
දැනට විදුලිබල මණ්ඩලය ඉන්ධන ගැලැපුම් ගාස්තුව මගින් පමණක් රුපියල් බිලියන34 ක් වාර්ෂිකව උපයා ගන්නා අතර එම ආදායම බිලියන 6 ට පමණ අඩු කළ හැකි විද්‍යාත්මක ක‍්‍රමවේදයකට මෙම අඩු කිරීම කළ හැකිය.
ඒ සඳහා ඒකක 180 අඩුවෙන් විදුලිය භාවිතා කරන සියළුම ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තු ඉවත් කළ හැකිය. එනම් ඒකක 90-180 අතර සියළු දෙනාට සියයට 40 ක අඩු වීමක් ලැබේ.
ඒකක 90 ට අඩු පරිභෝජනයක් ඇති පිරිසට සියයට 25 ක අඩු වීමක් අපේක්ෂා කළ හැකිය. ඒකක 180 සිට 300 ක් දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට සියයට එම ගැලපුම් ගාස්තුව සියයට 40 සිට 25 දක්වා අඩුකොට සියයට 15 ක සහනයක් ලබා දිය හැක.
ඒකක 300 ට වැඩි පිරිසට සියයට 5 ක අඩු වීමක් ලබා දිය හැක. කර්මාන්ත සඳහා දෙන දිරි ගැන්වීමක් ලෙස එම ක්ෂේත‍්‍රයට බලපාන සියයට 25 ඉන්ධන ගැලපුම් ගාස්තුව ද ඉවත් කළ හැක. වානිජ හා හෝටල් ක්ෂේත‍්‍රයේ සියයට 25 වු එම ගැලපුම් ගාස්තුව සියයට 10 ට අඩු කළ හැක.
මෙමගින් බිලියන 6 ට ආසන්න ආදායමක් ඉන්ධන ගැලපුම් ගාස්තු ලෙස ලංවීම ට උපයා ගත හැකි වනු ඇත. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන පාරිහෝගිකයාට දිරි දීමක් ලැබෙන අතර නාස්තිකාර පරිභෝජකයාට සංරක්ෂණයට ඉන් බලපෑමක් ද ඇති වනු ඇත.
මුදල් අමාත්‍යාංහයේ උපදෙස් මත ජනාධිපති දුන් සහණය නිසා විදුලි බලමණ්ඩලයට රුපියල් බිලියන 55 ක පමණ මුදලක් අහිමි වන අතර නොරච්චෝලයේ ගල් අගුරු ජනනය
කාර්යක්ෂම කිරීමට ලංවීමට මින් අනිවාර්ය බලපෑමක් ඇති වී ඇත.
එය එසේ සිදු නොවුණොත් ලංවීමේ පාඩුව මහා භාණ්ඩාගාරය මගින් දැරීමටත් එය යළි දුප්පත් පාරිහෝගිකයා මත පැටවීමටත් හේතු වුව හොත් ලැබෙන සහණයක් නැත.
ගල් අගුරු බලාගාරය බලගැන්වීමත් තෙල් මිල පහත දැමීමත් අතර ඍජු සම්බන්ධයක් නොමැති වුවත් මෙම සහණ ලබාදීම බලශක්ති ක්ෂේත‍්‍රය හා එහි අසාධාරණ මිළ සුත‍්‍රයන් පිලිබඳව මෑත කාලයේ ඇති වු ආන්දෝලනයේ ප‍්‍රතිඵලයක් ද විය හැක.
බන්දුල චන්ද්‍රසේකර
උපදේශක-ජාතික විදුලි පාරිභෝගික ව්‍යයාපාරය
0773023972 - 0115524613
18-09-2014
source http://goo.gl/xCC957