ජනිත් නිල් පාටින් දේශපාලනයට
රංගනයට පිවිසි බොහෝ කලාකරුවන් දේශපාලනයට පිවිසීම මේ කාලයේ ගොඩක් දකින්නට ලැබෙනවා. ඒ අතරින් ඉදිරියේදී රංගනයෙන් දේශපාලනයට පා තබන්නට තවත් කලාකරුවෙකු සූදානම් වෙනවා. ඔහු ජනිත් වික්‍රමගේ. කලාව පසුබිම කරගත් ඔහුගේ පවුලෙන් දේශපාලනයට පිවිසීමට මූලික අඩිතාලම තබන්නට ඔහු මේ දවස්වල බලාපොරොත්තුවෙන් ඉන්නේ.
කොහොමවුණත්, ජනිත් සම්බන්ධ වෙන්න නියමිත දේශපාලන පක්ෂය පිළිබඳ තවම ප්‍රකාශ කළේ නෑ. ඒත්, එයා පුංචි කාලේ ඉඳන්ම ආසම නිල් පාටටලු. දේශපාලනයට පිවිසෙන්න යන බලාපොරොත්තු ගැන ළගින් ආශ්‍රය කරන කිහිපදෙනෙකුටමත් කියලලු තියෙන්නේ. ඒ අය තමන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නත් කැමැත්තෙන් පසුවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
පක්ෂයක ඉහළ තනතුරක් දරණ පුද්ගලයෙකුට ජනිත්ව දේශපාලනයට යොමු කිරීමට බලාපොරොත්තුවක් කලක පටන් තිබිල තියෙනව. යම් යම් සමාජ සේවා කටයුතුවලට තමන්ව යොමු කළෙත් ඔහු කියලයි ජනිත් කියන්නේ. එයා ආසම පාට නිල් හින්දා මහජනයා ගැවසෙන තැන්වලට යනකොට එම වර්ණයෙන් සැරසෙන බවට ඔහුගේ මිතුරන් විහිලු කරන බවත් ඔහු අපිත් එක්ක කිව්වා.
ජනිත්ගේ දේශපාලනමය දිවිය ගැන නිල වශයෙන් ඉදිරි සති කිහිපය ඇතුළත ප්‍රසිද්ධ ප්‍රසංගයකදී ප්‍රසිද්ධ කරලා ප්‍රසිද්ධියේම පක්ෂ සාමාජිකත්වය ගන්නවා කිව්වා.