ජන කතා :- වැස්ස සහ සබරගමුව

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ජන කතා :- වැස්ස සහ සබරගමුව

    වැස්ස සහ සබරගමුව

    ශක්‍ර දෙයියො කියන්නේ දිව්‍යලෝකේ ඉන්න තිස්තුන් කෝටියක් දෙයියන්ට අධිපති නායකයා.ඒ නිසා ශක්‍ර දෙයියෝ කියන්නේ ගොඩක් වැඩ අධික බිසී කෙනෙක්.ඔය ඔක්කොටම අමතරව ශක්‍ර දෙවියනට නරලොව ඉන්න නර පණුවන්ට අදාල ප්‍රශ්නත් විසදන්න තියෙනවනේ...දෙවියන්ට වගේ නෙමෙයිනේ නරයන්ට එක මනුස්සයෙකුටම ප්‍රශ්න තිස් තුන් කෝටියකට වඩා තියෙනවා.ඒවා ගැනත් බලන්න ඕනි ශක්‍ර දෙවියෝ,බැරි වෙලා එක හරි ප්‍රශ්නයක් හරි මිස් වුනොත් පඩුපුල් ආසණය රත් වෙන්න ගන්නවා එතකොට ඉතිං වෙන වැඩක් කරගන්නත් බෑ ඒක විසදලා ඉවර වෙනකල්.මේ විදිහට එක දිගට වැඩ කරන්නත් බැරි නිසා ශක්‍ර දෙවියො තීරණය කලාලු දිව්‍ය විමාන විව්‍යස්ථා සංශෝධනයක් ගෙනල්ලා බලය වමධ්‍යගත කරන්න.එහෙම කරලා ප්‍රාදේශීයව ඉන්න දිව්‍ය පුත්‍රයන්ට බලය බෙදා දෙන්න.එතකොට ඒ ඒ පළාතේ ඉන්න දිවය පුත්‍රයෝ ඒ ඒ පලාතේ ඉන්න සතා සීපාවා ගැන වගේම නර පණුවො ගැන වුනත් ලේසියෙන්ම හොයලා බලන්න පුලුවන් වෙනවා.ඕනිම නන් එක් බොත්තමක් ඔබලා ඔක්කොම බලා ගන්න පුළුවන් සිස්ටම් එකක් වුනත් හදා ගන්න පුළුවන්..

    දැන් ඉතිං එක එක ප්‍රදේශවල ඉන්න දිව්‍ය පුත්‍රයනට එක දවසක එන්න කියලා දේව සභාව කැදව්වලු ශක්‍ර දෙවියෝ වැඩ කටයුතු බෙදලා දෙන්න..කොහොමින් කොහොම හරි සබරගමුව භාරව ඉන්න සුමන සමන් දිව්‍ය පුත්‍රයට මේ දේව සභාවට වෙලාවට එන්න බැරි වෙලා තියෙනවා..සමන් දෙවියෝ පරක්කු වෙලා එනකොට සභාවේ වැඩ පටන් අරන්.ඒ වෙද්දි ශක්‍ර දෙවියෝ ඒ ඒ පළාත් වලට අදාල වැර්ශා ප්‍රමාණයන් මේ වෙද්දි බෙදලා දිලා ඉවරයිලු.සුමන සමන් දෙවියන්ට වැස්ස ඉතිරි වෙලා නෑලු.මේ වෙද්දි ශක්‍ර දෙවියෝ ගාව තව වැස්ස් ඉතුරු වෙලා නෑලු සුමන සමන් දෙවියන්ට දෙන්න තරම්.වෙන කරන්න දේකුත් නැති නිසා සබරගමුවටත් වැස්ස ඕනි වෙන නිසා,අනිත් ප්‍රාදේශීය දෙවියෝ එකතු වෙලා තම තමන්‍ට හම්බුන වැස්සෙන් සමාන කොටසක් ගානේ සුමන සමන් දෙවියන්ට දුන්නලු.ඒකෙන් මේකෙන් පස්සේ ඔක්කොම ඉවර වෙලා බලනකොට හැමෝගෙන්ම හම්බුන නිසා වැඩිපුර වැස්ස හම්බෙලා තිබුනේ සුමන සමන් දෙවියන්ටලු.ඒක නිසාලු අදටත් ලංකාවේ කොහෙට වැස්සත් ඒ වෙලාවට සබරගමුවටත් අනිවාර්යයෙන්ම වහින්නේ..